වයින් හා ෂැම්පේන් ගැන තවත් – කෑම මේසය IV

Posted on 2010 නොවැම්බර් 9

4


ඔන්න පොරොන්දු වුන විදිහට කෑම මේසය ගැන 4 වන කොටස ලියන්න තමා සැරසෙන්නේ. මේ පෝස්ට් එක දාන අද දවස වනවිට කෑම මේසය ගැන කතා කරලා ඉවරයි. ඒත් ඉතින් ඕඩර් එකට පිට පැන්නට කමක් නෑ කියලා වෙච්ච පොරොන්දුව ඉටු කරන්න තමා මේ සැරසෙන්නේ.

කෑම මේසය III වන කොටසේ කිව්වෙත් වයින් ගැන ඉතින් මේ කොටසෙත් කියන්නේ වයින් ගැන. තවත් දෙයක් තියෙනවා ඒ ෂැම්පේන්, ඇත්තෙන්ම බූඩීනම් ෂැම්පේන් බොන්න මහම මහ පෙරේතයි. මොනාවුනත් ඇත්ත කියන්න එපැයි.

කොහොම කොහොම හරි ඉතින් මෙන්න මේ කරුනු ටිකත් ඔයාලගේ මතක පෙට්ටියට දාගන්න. කවදා හරි ඕනේ වෙයි. මුලින්ම අපේ කියවන්නන් ගේ ප්‍රශ්න ටිකක් නිරාකරනය කරන්න හිතුනා.

වයින් කියන්නේ මත්ද්‍රවයයක් නේද?
ඔව්-නෑ-මන්දන් නෑ
වයින් වල යම් කිසි මත්වන ගතියක් තියෙනවා. එනිසා වයින් මත්ද්‍රවයයක් වෙනවා. වයින් වල ඇල්කොහොල් ප්‍රමානය 15% දක්වා තිබෙන්න පුලුවන්, මීට වඩා වැඩි එකක් මම බීලා නම් නෑ. ඒත් ලෝක වයාප්ත ජාලයට අනුව 18% ඇල්කොහොල් ප්‍රමානය ඇති වයිනුත් තියෙනවා. ඉතින් ඔබ අමධයප නම් වයින් බොන්න එපා, එහෙත් කෑම වේලකදී යම් වයින් ටිකක් පානය කිරීම එතරම් සැලකිය යුතු දෙයක් නොවේ. පල්ලියේ අල්තාරයමත තිබෙන්නෙත්, භාවිතා කරන්නේත් වයින්ම තමා.
අපි හදන වයින් වල නම් කෙතරම් ඇල්කොහොල් ඇත්ද සෙවීමට ක්‍රමයක් නෑ. ඒත් යීස්ට් හා සීනී වැඩි කිරීම තුලින් එහි සැර බාවය වැඩි කරගත හැකියි.

හොදයි දැන් ෂැම්පේන් ගැන පොඩි හැදින්වීමක් දෙන්න තමා මේ ලැස්තිවෙන්නේ. ලෝක වයාප්ත ජාලයෙන් පොඩි උදව්වකුත් අරගෙන තමා මේක ලියන්නේ.

ෂැම්පේන් කියන්නේ වයින් වර්ගයක්ම තමා වෙනසකට තියෙන්නේ මෙය වැඩි වතාවක් පැසීමට ලක් කොට තිබීමයි. ප්‍රය සම්බාෂන වලට ෂැම්පේන් කියන්නේ නැතිවම බැරි දෙයක් සුභ පැතීම්, සව්දිය පිරීම් සදහා ෂැම්පේන් නිතරම භාවිතාවනවා. මෙලෙස සුභ පැතීම හදුන්වන්නේ Toasting ලෙසය. මේ සදහා වයින් හෝ ෂැම්පේන් ආදී බීම පිරුනු වීදුරුවක් ම අවශය නොවේ. වතුර් හෝ හිස් වීදුරුවක් හෝ භාවිතාකල හැක. වැදගත් වන්නේ සුභපැතීමයි. ෂැම්පේන් බීමට ගත යුත්තේ ශීත කොටයි. ෂැම්පේන් බෝතල සෙලවීම සිදු නොකල යුතුයි නැතිනම් පෙන ඇතිවී එය බෝතලය තුලින් ඉතිරී යාහැකියි.

ෂැම්පේන් වීදුරු ටියුලිප් හැඩැති වීදුරු ලෙස හදුන්වනු ලැබේ. මන්ද එම වීදුරු ටියුලිප් මලක ආකාර ගන්නා නිසාය.

pic 1

මෙම වීදුරු ඇල්ලිය යුත්තේ වයිට් වයින් වීදුරු ඇල්ලූ ආකාරයටය. එනම් වීතුරුවේ අන්ඩෙන්ය (stem). සාමානයෙන් සුභ පැතීමකදී නැගිට
හෝ තම මේසයහි නම් හිදෙගෙනම, ෂැම්පේන් වීදුරුව ඔසවා සුභ පතා එයින් පොඩ්ඩක් පානය කල යුතුය. යම් හෙයකින් ඔබ වෙත සුභ පැතීමක් සිදු වීනම් ඒ සදා ස්තුතියි පවසා ඔහුට ප්රති සුභ පැතීමක් හෝ අන් අයෙකුට සුභ පැතීමක් කල හැක.

ආදී අවස්තාවට ගැලපෙන පැතුමක් එක් කර එය සිදු කල හැක. “this is for love, life, and liberty my dearest . . . . . . . . .” මෙය මා බොහෝ විට භාවිතාකරන යෙදුමයි. අවස්තාවෙන් අවස්තාවට එය ගලපා ගන්න. එනමුත් කෙටියෙන් තබා ගැනීමට උත්සහකරන්න.

වයින් වර්ග කිහිපයක් ඇති විට ඒ එක් එක් වයින් වර්ගය සදහා වෙන වෙනම වීදුරු තබනු ලැබේ. තමාගේ වීදුරුව හදුනා ගැනීමට එහි පාදම මත ලකුනක් හෝ යම් අයිත්තමක් රදවා තිබෙනු දක්නට පුලුවන. එය ඉවත් කිරීම නොකරන්න. සෑම විට්ම අතම වීදුරු පමනක් භාවිතා කරන්න.

pic 2

කෑම මේසය ගැන ලියා අවසන් එසේනම් ඉතුරු වුනු සුලු සුලු දේවල් සමග නැවතත් හමුවෙමු. කෙසේ වුවත් පොත් පිංච සමග නැවත හමුවෙමු. එහෙත් ශීලාචාර ලෝකයට ඉනිමග සදහා දිගින් දිගටම ලිපි ඉදිරිපත් කිරීමට බලාපොර්හොත්තු වෙමි. බූඩී සමගින් නැවතත් හමුවෙමු.

Advertisements