අහවල් එකක් පෙන්නන අහවල් ඈයෝ . . . . . . .

දේශපාලනය හා මාධ්‍යයය අතර සම්බන්ධය අහවල් එකක් වගෙයි කියලා කව්දෝ කිව්වා කියලා බුඩී කොහෙදි හරි කියෝලා තිබුනා ඉතින් මේ කියමන මතක් වෙන වැඩක් ගැනයි මේ කියන්න යන්නේ. දේශපාලනය කියන්නේ හැමෝටම තිත්ත වුනු දෙයක්, ඒත් ඉතින් උනු කැද වගේ තමා උනු හින්දා බොන්නත් බෑ, කැද හින්දා අහක දාන්නත් බෑ. ඉතින් කැද මේ අහවල් දේත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා ඔයාලා දැන් හිතනවා ඇති.

දේශපාලනයේදී මාධ්‍යයය භාවිතය ඉතාමත් වැදගත් ප්‍රතිවිරුද්ධ පක්ෂවලට මඩ ගහන තැන සිට තමන්ට හොද ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන්ට ඉතින් මාධ්‍යයය කියන එක හැමෝටම ඕන වෙනවා. ඒත් ඉතින් යම් මාධ්‍යයයක් ඒක පාක්ෂිකයි කියලා පාඨකයන්ට දැනුනට පස්සේ ඉතින් ඒක ගැන තියෙන් විශ්වාසය අඩු වෙනවා. කොටින්ම කිව්වොත් ඒ පක්ෂයට සහය දක්වන අයෙක් ඇරෙන්න වෙන එකෙක් ඒක පැත්ත පලාතවත් බලන් නෑ.

අපේ රටේ රතු සහෝදරයන්ගේ පක්ෂය විසින් කරගෙන යන හෝ ඒ පක්ෂයට කඩේ යන වෙබ් අඩවියක් තියෙනවා. ඒකත් කැද වගේ එහෙමත් නැතිනම් අහවල් එක වගේ. කරුමෙට මේක අපේ රටත් විකුනගෙන කනවා. ලංකාවේ ඇත්ත කියලා කිව්වට මේකේ ඇත්තක් බේතකටවත් හොයාගන්න නෑ. පක්ෂෙකට කඩේ ගියාට කමක් නෑ. මඩ ගැහුවට කමක් නෑ. ඒත් ඉතින් ඒක මොලේ පාවිච්චි කරලා කරන්න ඕනේ කියලා තමා මට මෙතනදි කියන්න තියෙන්නෙ. නැත්නම් මේකත් තවත් අහවල් එකක් වෙනවා.

තාමත් සරත් අංකල්ව විකුනන් කන්න ඉතිරි වෙලා තියෙන එක ලොකු දෙයක්. ඒක මුල් පිටුවෙම රාත්තල ඇමෙරිකන් ඩොලර් බර ගානකට විකුනනවා මේ අඩ්වියේ ඈයෝ. රතු කට්ටියගේ දැන්වීම් හිටන් දාලා මේ අඩවිය මගින් ඔවුන්ට ලබා දෙන්නේ ඉමහත් සහායක්. ඉතාමත් විශ්වාසදායිම ප්‍රවෘති ලබාදෙන බව පාඨයකට පමනක් සීමා කර ගත්ත මේ සයිට් එකේ වැඩ ගැන තවත් හොයලා බලන්න හිතෙනවා නම් එහෙමත් නැතිනම් මිස්ටර් බීන් බැලුවා වගේ හිනා යන දේවල් ටිකක් කියනවන්න ඕනේ නම් ඔයාලා ඔක්කොටම මේ සයිට් එකට ගිහින් බලන්න පුලුවන්.

රතු සහෝදරයන්ට සහය දෙන කෙලින්ම කිව්වොත් රත්තන්ට කඩේ යන මේ වගේ අහවල් එකකින් ඇත්ත බලාපොරොත්තු වෙන මොංගල්කාරයෝ රතු කට්ටිය අතර මිසක් ඊට පිටින් නම් නෑ. ඒක මේ සයිට් එක කරවන නමක් ගමක් නැති අහවල් අයම දැන ගනිත්වා කියලා සටහන් කරන්න ඕනේ.

රතු කට්ටිය 89 දි අපේ රටේ ඈයෝ කඩේ යැව්වා වගේ දැනුත් ඒක කරන්න පුලුවන් කියලා හිතනවා නම් ඒක හරිම ලොකු විහිලුවක් විතරයි කියලත් කියන්න ඕනේ. රත්තෝ කරපු දේවල් තාමත් අමතක වෙලා නැති අය ලංකාවේ ඉන්නවා, ඒක හින්දා ඔය හලන කදුලු වලින් වැඩක් ඇත්තෙම නෑ. ඈත්ත මොකක්ද කියලා කව්රුත් දන්නවා. ඉතින් ඒක නිසා මේ වගේ බොලද බොරු බේගල් දලා මිනිස්සු කඩේ යවන්න හිතන්නැතිව ඊට වඩා පලදායී අහවල් එකක් කලා නම් හොදයි කියලා තම බූඩි නම් හිතන්නේ.

Advertisements

One comment

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )