චේ(che) දෙවියෙක් වුනු හැටි . . . . .

චේ ඉපදුනේ 1928 දීය මරන ලද්දේ 1967 දීය, ඒ බොල්වියාවේදීය. චේ චේ කිව්වට මේ කියන්න හදන්නේ චේ ගුවේරා ගැන. බූඩි ඉපදුනේ මේ අවුරුදු එකක්වත් අහලකවත් නොවේ, චේ ගැන කතා කිරීමට මහ ලොකු දෙයක් දන්නෙත් නෑ. දන්නා තරමද දන්නේ අනෙකෙකු චේ ගැන ලියූ දෙයකිනි. නමුත් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය භාවිතා කරලා මේ කරන්න යන්නේ චේ ට සම්බන්ධ දෙයක් ගැන කියන්න. චේ කියන්නේ ලිබරල් වාදියෙක් ඇත්තම කියනවනම් මේ වචනේ අදහස මම හරියට දන්නෑ. (දන්නැති වචන දාලා ලියන (පිස්සු) බ්ලොග් කියවන්නෑ කියලා හිතන අයට දැන්මම මගේ බ්ලොග් එක කියවන එක නතර කරන්න පුලුවන්.)

කොහොම හරි චේ කියන්නේ ඉතාමත් ප්‍රසිද්ධ කෙනෙක්. ලෝ පුරා විප්ලවවාදීන්ගේ වැදුම් පුදන ලබන චේ මේ වන විට දෙයියෙක් වෙලා ඉන්නත් පුලුවන්. ඒත් ඉතින් අන්තර්ජාලය මගින් කල සොයාබැලීම වලින් නම් කියැවුනේ චේ 15000 පමන පිරිසක් මිය පරලොව යැවූ බවයි. ගනන් මිමි හරියට දන්නැති වුනත් යුද්ධයකදී මිනිස්සු මැරෙන එක අහන්නත් දෙයක් නෙමේ. ඒත් එමගින් කියැවුනේ කිසිම නඩු විභාගයක් නොමැතිව චේ ගේ අනින් මරණයට නියම වුනු පිරිස ගැනයි. මේ වල ඇත්ත නැත්ත හොයන්න මට අවශයය නැති නිසා මම මේ ගැන කතා කරන්න යන්නේ නෑ.

che1

මම කියන්න ආපු දේ ගැන කියන්න අමතක වෙනවා හැම තිස්සෙම, කොහොම හරි මේ වන විට චේ කියන්නේ හොද වෙලද භාණ්ඩයක් වෙලා ඉවරයි. චේ ගේ නම, ඔලුව, ඇග මෙකී නොකී (කියන්න බැරි) දේවල් ඔක්කොම විකුනන් කන්න මේ වෙන කොට ධනවාදීන් පියවර අරන් ඉවරයි. චේ ස්ටෝර්ස් මේ එකක් පමණයි. ඉතින් චේ කල දේ හරි හෝ වැරදි වුනත් අන්තිමේදී චේ කියන්නේ සෑම කෙනෙකුටම වැදගත් වෙන අයෙක් බවට පත් වෙලා ඉවරයි.

ඒක වෙන්නේ මෙහෙමයි විප්ලවවාදීන් යැයි කියා ගන්න වුන් (සමාජවාදී වංශය කබල් ගාන කට්ටිය) චේ විකුනමින් තම ඉලක්ක ගැන සිහින දකිමින් බඩ වියත රැක ගන්න අතර, අනෙකුත් වුන් චේ ගේ විකුනන්න පුලුවන් හැම දේම විකුනගෙන කමින් තම (ධනවාදීන්) බඩ කට පුරෝ ගන්නවා. කොහොම හරි චේ මේ කොඨාස දෙකටම යැපෙන්න දෙයක් හදලා දීලා මැරිලා තියෙන්නේ, මේ නිසා තමා චේ දෙවිකමට සුදුසු වන්නේ.

විප්ලවවාදියෙක් ගැන අපිට අනුකම්පා කරන්න බෑ, විජේවීර ගැන හා ජේ.වී.පේ. එකේ අයියලා ඉස්සර කරපු දේවල් අමතක වෙලා නැති නිසා අපට හිතා ගන්න පුලුවන් චේ ගේ වැඩ, ඒ කෝක වුනත් චේ කියන්නේ කව්ද කියලා මම හරියට කියන්න දන්නෑ, චේ කියන්නේ මිනීමරුවෙක්ද, විප්ලවකරුවෙක්ද නැතිනම් කව්ද කියලා දන්නෑ, ඒ වගේම චේගේ මූන ගහලා තියෙන ටී-ෂර්ට් ඇදගෙන යන කව්රුත් දැන්නෙත් නැතිව ඇති. චේට වදින අයත් චේ අදහන අයත් දන්නැතිව ඇති. ඒත් චේ දෙවියෙක් වෙන්නේ කොහොමද කියලා දැන් ඒ හැමෝටම දැන ගන්න පුලුවන්.

මොනවා වුනත් විජේවීරගේ මූන තියෙන දෙයක් හරි චේ ගේ මූන තියෙන දෙයක් හරි බූඩි නම් අදින් (භාවිතා කරන්) නෑ මොකද මේ දෙන්නත්, මිනිස් සංහාර වලට අනුබල දුන් හිට්ලරුත් අතර වෙනසක් නැති නිසයි.

බූඩිගේ චේ ගැන සංවාදය මෙතැනින් නිමා වෙනවා . . . . .

Advertisements

7 comments

  1. මිනිස් සංහාර වලින් කරන විප්ලව වලින් කිසිම වගතුවක් වෙන්නේ නෑ කියන එක තවමත් වැඩිමනක් දෙනාට තේරිලා නෑ.. තමන්ගේම මිනිස්සු මරාගෙන ගිහින් ලබන විමුක්තිය ගැන මටනම් තියෙන්නේ අප්‍රසන්න හැඟීමක්.

    චේ කියන විප්ලවවාදියා මට දිරවන්නේ නැති වුනාට, චේ කියන මානවහිතවාදී චරිතයේ ගන්නට දේවල් තියෙනවා. නමුත් චේ කියන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයේක් නම් නෙවෙයි. එක පැත්තකින් ගත්තම එක්තරා විදියක දේශපාලඥයෙක් විතරයි.

    ඔබේ තීරණය ගැන නම් සතුටුයි.. !

  2. මම ප්‍රශ්ණ දෙක තුනක් අහන්නම්. මේ දෙකට උත්තර ලැබුනොත් චේ දෙවියෙක් වුනු එක ගැන පිළිතුරක් දෙන්නම්
    1 වීර පුරන් අප්පු, ගොන්ගාලේ ගොඩ බණ්ඩා, වීර කැප්පෙටි පොල ……සුද්දන්ට විරුද්ධව කරපු අරගලය ගැන අදහස මොකක්ද
    2 එල්.ටී.ටී ත්‍රස්ථවාදය පරජය කරපු එක ගැන අදහස මොකක්ද

  3. moda kama pradarshanaya karanna epa sahodaraya. xhe wa dewiyek widiyata hari wena kawuru hari widiyata hari adahanna one naha. eath asadaranayata lak wechcha laksha sankyatha minissu wenuwen thaman wishwasa karana darshanaya wenuwen jeewithaya kapa karamu, eaka bawithawenma pennapu minisek widiyata che amaraneeyayi.

    oya internet search ekakin che gana dana gaththu hoya gathu dewal walin mechchra lassana post ekak liyala thiyenawa. eath ea thorathuru wala sathyathawaya hoyanna oyata kisima awashyathawayak na kiyalath kiyala thiyenawa. ethana parasparayak thiyenawa neda, aththa bawata thaman hariyatama nodann deyak wenuwen pene innawa nam, eakata wagakeemak nadda?

    mata prashna kihipayak ahanna thiyenawa.
    #1. oyage ‘samajawadee wirodayayath ehemma thiyagena’ ethakota danawadee rajya wisin karana minis sanhara saha akatayuthu kam gana oya hithanne monada?
    #2. oyata dutugamunu rajathuma, mahinda rajapaksha, sarath fonseka wage aya gan hithanne minissu dahas ganak marala daapu, marala daanna nayakathwaya deepu minimaruwo ho aparadakarayo widiyata newei neda?

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w