නපුන්සක ජාතිමාපකතවයේ හෙලුව

කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් දාන්න ආවේ වෙලාවක් තියෙන හින්දමත් නොවෙයි. මේවා දැක්කම කට වහන් ඉන්න බැරි නිසයි.
කිවල බලන්න මේ වෙබ් එක, නම නම් සිංහල බෞද්ධයා, නම නම් හොදයි ඒත් ඇතුල නම් ගන්න දෙයක් නෑ, තනිකර මොලේ අමාරුව තියෙන බොරුවට ජාතිකත්වය ඔලුවට ගහ ගත්ත සිංහල කියල හිතන් ඉන්න හැත්තක් එකතු වෙලා කරන් යන තකතීරු වැඩක් කියලා බය නැතිව කියන්න පුලුවන්. මේකේ සමහර දේවල් ඇත්ත ඒත් ජරා විදිහට ආගම් හෑල්ලු කරන එක ඇත්තෙන්ම නපුංසකයි.

ආගම්, ජාති, කුල අතර භේද ඇති කරන්න උත්සහ දරන මේ ඊනියා ජාතිමාපකයින් ගැන උනන්දුවෙන් සිටීම වැදගත්. මෙච්චර ජාති මාපකයි හැංගිලා ඉන්න එකතමා පුදුමේ. අඩුම තරමේ කරගෙන යන සිංහල බෞද්ධයාගේ නම වත් නෑ. ලිපි ලියපු කස්ටියගෙ නම් නම තියෙනවා.

සමහර ලිපි නම් ඉතා හරවත් ඒත් බහුතරයක් ක්‍රෝදය පිරි නපුන්සක ජාතිමාපකත්ව ලිපි.

කරුණාකර සිහලත්වය ගැන, බෞද්ධාගම ගැන ඔබ දන්න දේවල් ලියන්න ඒත් නොදන්න දේවල් ගැන මහ ලොකුවට කෑ ගහන්න එපා. ඒක නපුංසකත්වය මිස ජාතිමාපකත්වය නෙමේ. නියම බෞද්ධයා අනෙක් ආගම් හා ජාති හෑල්ලු කරන්නෑ. අන්න්‍යාගමී කරණය ප්‍රශ්නයක් ඒ ගැන ලියන්න, ඒත් බස හැසීරවීම තුලින් ද්වේශය මතු කරන්න එපා. ඒකෙන් පේනවා මේ සිංහල බෞද්ධයාගේ තරම්.
ඇඩ්මින්ගේ පුරාජේරු ලිපි

මේ වගේ ඔලමොට්ටල කතා මේකේ පිරිලා තියෙනවා.
ඔලමොට්ටල කතා එකතුවක්
කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි ඉස්ලාම් ආගමෙන් 8 ශ්‍රේණිය දරුවන්ට උගන්වයි

Read more: http://sinhalabuddhist.com/category/sinhala/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba/#ixzz1ES7UQa70
Under Creative Commons License: Attribution

අන් ආගම් වලට පහර ගහන බොරු සිංහල බෞද්ධ කම පොරෝගෙන ඉන්න නපුන්සකයෝ ගැන කතා කරන්න කාලේ නාස්ති කරන්න බෑ ඒක නිසා මේ පෝස්ට් එක මෙතනින් නවත්තනවා, සංවාදයට විවෘතයි.

Advertisements

13 comments

  1. බුද්ධික, සමහර විට උබ ඔය නපුන්සකඉ කියල හිතාගන ඉන්න ජාතිමාමකත්වය කියන එක උබට නොතේරෙන දෙයක් වෙන්ඩ ඇති. උබ ඒ සයිට් එකේ හරියට බැලුවානම් උබට තේරෙන්ඩ ඕන දේවල් තියනවා. සිංහලයෙක් උනත් නැතත් ලංකාවේ එකෙක් විදියට සමහර දේවල් තියනවා අපි තේරුම් ගන්ඩ ඕන. ජාතිමාමකත්වය මොකක් උනත් දෙශමාමකත්වය කියලා දෙයක් තියෙන්ඩ ඕන. අද ලංකාවේ ඉන්න සමහර උන්ට රට ගැන ආදරයක් නැ. උන්ට මේක බෝඩිමක් වගේ. ගන්ඩ තියන හැමදෙයක්ම හූරගන කන එකයි උන් කරන්නේ. මන් හිතනවා උබට තේරෙනවා ඇති කියලා. ජාතිමාමකත්වය නැතත් රට ගැන හිතපන්.

  2. පුතා, පුතාට තේරෙන්නේ නැති දේවල් ගොඩාක් මේ ලෝකේ තියෙනවා. පුතා දන්න දේවල් ලියන්නේ නැතිව නොදන්න දේවල් ලිවීමෙන් ඔයා මෝඩයෙක් වගේ පේනවා. මම ඒ ලිපි ඔක්කොම වගේ කියෙව්වා. ඒත් ඒවායේ කිසිදු වරදක් පේන්නේ නෑ. අනෙක් ආගම් වල වැරදි තිබේනම් ඒවා පෙන්වීම අපේ වගකීමක් නේද පුතා?

    //සමහර ලිපි නම් ඉතා හරවත් ඒත් බහුතරයක් ක්‍රෝදය පිරි නපුන්සක ජාතිමාපකත්ව ලිපි. //
    //අන් ආගම් වලට පහර ගහන බොරු සිංහල බෞද්ධ කම පොරෝගෙන ඉන්න නපුන්සකයෝ ගැන කතා කරන්න කාලේ නාස්ති කරන්න බෑ//

    පුතා උඹට පේනවා නේද උඹේමේ වාග් ශෛලිය, ඉස්සෙල්ලා අනෙක් අයට කතා කරගන්න ඉගෙන ගනින් පුතා. ඒ සයිට් එකේ කාටවත් අපහස කරලා නෑ. ඒත් උඹ ඒ සයිට් එක කරන අයට නපුංසකයා කියලා කියල තිබේන්වා. උඹ උන්ගෙ අහවල් එක බලලද එහෙම කියන්නේ. නැත්නම් අනෙක් අයත් උඹ වගේ කියල හිතනවාද?

    පුතා, ලෝකය තේරුම් ගන්න උඹටත් මටත් බෑ, ඒක එහෙම වුන පලියට අනෙක් අයට නපුංසකයා කීමෙන් පෙනෙන්නේ උබේ ඇත්ත දේ නේද පුතා.මාත් එක්ක තරහ වෙන්න එපා, ඉස්සෙල්ලා උඹ හැදියන්, ඊට පස්සේ රට හදමු

  3. මේ ලිපිය මහ විහිළුවක්. “ඔලමොට්ටල කතා එකතුවක්” කියල දාල තියන ලින්ක් එකෙන්ම ඔබ මෙය ද්වේශ සහගත අරමුණකින් ලියපුපු බව පේනව. එහි වැරැද්දක් තියනව නම් කරුණු සහිතව පෙන්වල දෙන්න.

  4. ඕක කියන්න දෙයක්ද ඔලමොට්ටල කතා කියලා පේන් නැද්ද
    මේක ජේවීපේ වගේ බොරු හැගීම වවාගෙන කන මිනිස්සු
    මුන් ගැන ලියලා තියෙන විදිහ හොද වැඩී.
    කව්රු මොනා කිව්වත් වැඩේ මරු

  5. මෙයාට මේවට පිළිතුරු දෙන්න බැහැ.හේතුව මෙයා කඩේ යන්නේ පටු ක්‍රිස්තියානි චින්තනයට නිසා.
    නැත්නම් සංගබෝදි එකෙන් මොහොමඩ් එකෙන් අච්චර බුදු දහමට අපහාස කරද්දි කටට ඉබ්බො වැ‍ටිල හිටිය මෙයා පදනමක් නැතිව බොදු අඩයකට පහර ගහනවා.සංවාදයක් ඇතිකරගන්න උත්සාහ කරාට උත්තර දෙන්නෙත් නැහැ.

    කෑරේගෙ කමෙන්ට් එකෙන් මට කියන්න තිබුන ගොඩක් දේවල් කියල තියනවා.කොහොමටත් මම මේ බ්ලොග් එකට ආයෙ ගොඩවදින්නෙ නෑ අමෘතය බෙදල දෙනවා කිව්වත්..මම හිතන් හිටියේ බූඩි නිදහස් චින්තනයක් දරන කෙනෙක් කියලා.නමුත් ඒක එහෙම නොවන බව මට වැටහුනා.කණගාටුයි බූඩි..

  6. අනේ නපුන්සකයෙනි, බුද්ධාගමත් ලංකාවට ආපු දෙයක් මිසක් ලංකාවේ දෙයක් නෙමේ.
    නිකන් බොරුවට බෙරිහන් දෙන්න එපා.
    කුහක බොදු ජාතිවාදින් තොපි නිර්මල බුදු දහමටම පිලලයක්.
    බූඩිවගේ කෙලින් කතාකරන කොල්ලෙක්ට අපේ ප්‍රණාමය.

  7. Boodie

    Think you are unnecessarily stirring things up
    fundamentalists are common any race/religion.
    Not only Sinhala Buddhists fundamentalists but Christian and Muslim fundamentalists too should targeted.
    What you are doing giving these people a chance to attack your religion in the most reprehensible manner, very much like Mohommed targeted Buddhism as earlier commentators said.
    Think a bit about consequences before writing things in the public domain

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w