නපුන්සක ජාතිමාපකතවයේ හෙලුව

Posted on 2011 පෙබරවාරි 28

13


කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් දාන්න ආවේ වෙලාවක් තියෙන හින්දමත් නොවෙයි. මේවා දැක්කම කට වහන් ඉන්න බැරි නිසයි.
කිවල බලන්න මේ වෙබ් එක, නම නම් සිංහල බෞද්ධයා, නම නම් හොදයි ඒත් ඇතුල නම් ගන්න දෙයක් නෑ, තනිකර මොලේ අමාරුව තියෙන බොරුවට ජාතිකත්වය ඔලුවට ගහ ගත්ත සිංහල කියල හිතන් ඉන්න හැත්තක් එකතු වෙලා කරන් යන තකතීරු වැඩක් කියලා බය නැතිව කියන්න පුලුවන්. මේකේ සමහර දේවල් ඇත්ත ඒත් ජරා විදිහට ආගම් හෑල්ලු කරන එක ඇත්තෙන්ම නපුංසකයි.

ආගම්, ජාති, කුල අතර භේද ඇති කරන්න උත්සහ දරන මේ ඊනියා ජාතිමාපකයින් ගැන උනන්දුවෙන් සිටීම වැදගත්. මෙච්චර ජාති මාපකයි හැංගිලා ඉන්න එකතමා පුදුමේ. අඩුම තරමේ කරගෙන යන සිංහල බෞද්ධයාගේ නම වත් නෑ. ලිපි ලියපු කස්ටියගෙ නම් නම තියෙනවා.

සමහර ලිපි නම් ඉතා හරවත් ඒත් බහුතරයක් ක්‍රෝදය පිරි නපුන්සක ජාතිමාපකත්ව ලිපි.

කරුණාකර සිහලත්වය ගැන, බෞද්ධාගම ගැන ඔබ දන්න දේවල් ලියන්න ඒත් නොදන්න දේවල් ගැන මහ ලොකුවට කෑ ගහන්න එපා. ඒක නපුංසකත්වය මිස ජාතිමාපකත්වය නෙමේ. නියම බෞද්ධයා අනෙක් ආගම් හා ජාති හෑල්ලු කරන්නෑ. අන්න්‍යාගමී කරණය ප්‍රශ්නයක් ඒ ගැන ලියන්න, ඒත් බස හැසීරවීම තුලින් ද්වේශය මතු කරන්න එපා. ඒකෙන් පේනවා මේ සිංහල බෞද්ධයාගේ තරම්.
ඇඩ්මින්ගේ පුරාජේරු ලිපි

මේ වගේ ඔලමොට්ටල කතා මේකේ පිරිලා තියෙනවා.
ඔලමොට්ටල කතා එකතුවක්
කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි ඉස්ලාම් ආගමෙන් 8 ශ්‍රේණිය දරුවන්ට උගන්වයි

Read more: http://sinhalabuddhist.com/category/sinhala/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba/#ixzz1ES7UQa70
Under Creative Commons License: Attribution

අන් ආගම් වලට පහර ගහන බොරු සිංහල බෞද්ධ කම පොරෝගෙන ඉන්න නපුන්සකයෝ ගැන කතා කරන්න කාලේ නාස්ති කරන්න බෑ ඒක නිසා මේ පෝස්ට් එක මෙතනින් නවත්තනවා, සංවාදයට විවෘතයි.

Posted in: ලිපි