මව්කිරි (තන කිරි) වලින් අයිස් ක්‍රීම් – Baby Gaga

Posted on 2011 මාර්තු 18

6


ලගදි අහන්න ලැබුනු දෙයක් ගැන හොයාගෙන යද්දි අහන්න ලැබුනු අරුම පුදුම ආරංචියක් ගැන තමා මේ ලියන්න හදන්නේ.

කව්රුත් ආස ඇතිනේ අයිස් ක්‍රීම් කන්න ඉතින් ඔයාලා දන්න විදිහට අයිස් ක්‍රීම් හදන්න කිරි වර්ග භාවිතාකරලනේ, එලවලු වලින් පටන් අරන් හදන සෝයා බෝංචි, ගව කිරි, එලු කිරි ආදී විවිධ කිරි වලින් හදන මේ අයිස්ක්‍රීම් කිරි වර්ගය අනුව ප්‍රනීත බව වෙනස් වෙනවා වගේම ගුනත්වෙනස් වෙනවා.

pic

මෙම අයිස්ක්‍රීම් වල වෙනසකට තියෙන්නේ මිනිස් කිරි යොදාගෙන අයිස් ක්‍රීම් හදන එකයි. මිනිස් කිරි නැතහොත් මව්කිරි යොදාගෙන The Icecreamists නම් එක්සත් රාජදානියේ නැතහොත් එංගලන්තයේ සමාගමක් මෙම නිෂ්පාදනය සිදු කරන තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට එම අයිස් ක්‍රීම් වර්ගය තහනම් කොට අවසන්. ඒ එමගින් වෛරස් ආසාදන පැතිර යාහැකි නිසාය. මෙහි පෝෂන තත්වය පරික්ෂාකොට සව්ක්කය බලපත්‍ර යටතේ මෙම නිෂ්පාදන්ය නැවත වෙලද පොලට ඉදිරිපත් කිරීමට ඔවුන් සූදානම්.

අයිස්ක්‍රීම අතින් ඉතා ඉහල නමක් හිමිකරගෙන සිටිනා මෙම සමගමේ මෙම ක්‍රියාපිලිවෙල කෙතරම් සදාචාර සම්පන්නද? ඔබේ අදහස් සටහන් කරන්න සංවාදයට විවෘත කරමු.

පරිහරණය කලා:
යොමු 1
යොමු 2
යොමු 3

Advertisements