බබාලා ඉන්න හා හම්බෙන්න ඉන්න (තොත්ත) අම්මිලාට . . . .

Posted on 2011 මැයි 24

17


කාලෙක ඉදන් මේ පෝස්ට් එක් දාන්න හිතාගෙන හිටියත් බැරි වුනේ වැඩ හින්දම නෙමේ මේක දාම් දෝ නොදාම් දෝ කියලා හිත හිත හිටිය නිසා. මොනා වුනත් මේ පෝස්ට් එක දාන්නම ඕනේ කියලා හිතුන නිස තමා අද දාන්නේ. මොකද මේ ගැන ඉතාමත් කල කිරීමේන ඉන්න නිසා.

ඉතින් කතාවට, මාතෘකාවෙන් කියවෙනවා වගේම මේ කියන්න යන්නේ බබාලා ඉන්න අම්මලා හා හම්බෙන්න ඉන්න අම්මලා ගැනයි. වැඩිපුරම අතදරු බබාලා ඉන්න අම්මලා ගැනයි.

කවුරුත් දන්නවනේ පොදු ප්‍රවාහන මාධයය භාවිතා කරද්දි බසටය නගින් අතදරු බබාලා වඩාගත්තු අම්මලා හා බබාලා හම්බෙන්න ඉන්න අම්මලට සලකන විදිහ. පුලුවන් විදිහට ආසනයක් ලබාදෙනවා. ගහලා තිබුනට මේ ආසුන ගැබිනි මව්වරුන්ට කියලා ඒක දෙනමක්ම බලා ඉන්නේ නෑ නේ. සමහර වෙලාවට වෙන්කරපු ආසනේ වෙන කෙනෙක් ඉදන් යද්දි වෙන අසුනක් අතදරු බබාලා වඩාගත්තු අම්මලා හා බබාලා හම්බෙන්න ඉන්න අම්මලට පරිත්‍යාග කරන්න අපි පසුබට වෙන්නෑ. ඉතින් ඔන්න ඕක තමා මේ කතාවේ පසු බිම.

සිංහල සමාජ්ය තුල මේ තත්වය හිමිවලා තියෙන්නේ ගැබිනි කත ගැන විශේෂ අවධානයකින් ගෞරවයකින් බලන නිසායි. දිග ගමන් බසයක වුනත් ගැබිනි කාන්තාවකට අසුනක් හිමි වෙන්නේ (වෙන් කර ඇති අසුනම නොවේ) මේ හේතුව නිසයි. දොර දෙකේ බස් වල ඇතුලි වීම තියෙන්නේ පසු පසයි. වෙන්කර ඇති අසුන තියෙන්නේ ඉදිරිපසයි. ඉතින් කවදාවත් ගැබිනි කාන්තාවක් සෙනග අස්සෙන් ඉස්සරහට ගිහින් තමන්ට හිමි අසුනේ ඉද්ගන්නේ නැති නිසා පිටිපස්සේ දොර ලග අසුනක ඉන්න කෙනෙක් නැගිටල ඉඩ දීම තමා හුගාක්වෙලාවට සිද්ද වෙන්නේ.  අසුනක් ඉල්ලනකන් ඉන්නේ නැතිව දැක්ක ගමන් නැගිටලා ඉඩ දෙන්නේ ඒ නිසයි.

ඉතින් මේ ඔක්කොම ඔවුන්ට ඇති විශේෂ අවධානය නිසා හා ගෞරවය නිසා හම්බවෙන දේවල්.

දැන් තමා මගේ කතාවට යොමු වෙන්නේ.

මායි තව යාලුවෙකුයි ලගදි බස් එකේ එනවා. කොහොමත් ඉතින් බස් එකේ තමා යන්නේ. නෝමල් ගානට සෙනග. කොහොම හරි නැග්ග ගමන්ම ෂීට් එකක් හම්බුනා, යාලුවා ඒකේ ඉදගත්තා. අපි එදා නුවර ඉදන් එන ගමන් (නුවර ඉදන් අපේ ගෙදර එන්න කටුනායකින් ට්‍රාන්ශිෂන් එකක් තියෙනවා), නුවර ඉදලම හිටගෙන ඇවිල්ලා එපා වෙලා හිටියේ. පොරට ඉතින් ඉහේ මලක් පිපිලා වගේ.

හෝල්ට් දෙක තුනක් යද්දි අම්මා කෙනෙක් ලමයෙකුත් වඩාගෙන නැග්ගා. කොහොම හරි අපි හිටියේ පිටිපස්සෙ. නැග්ග ගමන්ම සෙට් වුනේ අර යාලුවගේ ෂීට් එකට. අනේ ඉතින් අපේ යාලුවත් බෑ නොකියා ටක් ගාලා නැගිටලා අසුන පරිත්‍යාග කලා. මේ ගැනු මනුස්සයා නිකන් එලිසබෙත් මහරැජින වගේ ඒකේ ඉදගෙන ජනේල පැත්ත බලාගෙන යනවා. අපේ පොරට මල පැනලා, මෙන්න මෙහෙම කිව්වා “අර ගෑනි ඉන්නේ හරියට මං ලමයගේ තාත්තා වගේනේ” කියලා.  ඔන්න ඕක තමා සිද්ධිය.

මේක මටත් අනන්තවත් වෙලා තියෙනවා. සමහර වෙලාවට නැගිටින්න හිතෙන්නෙත් නෑ මේ වගේ සිද්ධි නිසා.

අපි අසුන දෙන එක කරන්නේ අපේ තියෙන හැඩියාවට, ඒක ලොකු පිනක් ඉතින් ඒක ත් හරියට කරගන්න් ඉඩ දෙන්නෑ සමහරු. කට ඇරලා ස්තූතියි මල්ලි කියන්න ඕනේ නෑ, ඒත් දෙයියනේ මූන බලලා හිනා වෙන්න බැරිද? ඒ තරම්වත් අපේ ක්‍රියාව වටින් නැද්ද? ගොඩක් අයට මේ ගැන කිසි ගානක් නෑ ඔහේ ඉදගෙන යනවා. මේ ගැන තේරුමක් නැති වෙන්න බෑ. ඒත් හේතුව මොකක්ද දන්නෑ. අපි මෙ දේ කරන්නේ කහනවට නෙමේ නේ. ඉතින් ඒකට මූන බලලා හිනා වෙන්නවත් බැරි ඇයි කියලා මට තේරෙන්නෑ. හරියට නිකන් අපි අසුනක් දෙන්න නීතිමය වශයෙන් බැදිලා ඉන්නවා වගේ.

හැමෝම නෙමේ මේ අතර හිනා වෙන, ගොඩක් ස්තූතියි, තෑන්ක්ස් කියන අක්කලා නැතුවම නෙමේ. ඒත් හරියට හතුරෙකුට වගේ සලකන අය නම් ඕන තරම්.

මේ අත්දැකීමට මුහුන දුන්න අය ඕන තරම් ඇති, ඒ වෙලාවට හිතෙන්නේ හරිම කලකිරීමක්. ඉතින් පොඩ්ඩක් මේ ගැන හිතල බලන්න.

අදහස් ප්‍රකාශ කරන්න, කමෙන්ට් එකක් දන්න අමතක කරන්න එපා . . . .

Advertisements