දැනුවත් වීම මගින් තිත තැබිය යුතු ලිංගාශ්‍රිත රෝග

Posted on 2011 මැයි 30

1


මේ ලිපිය ලියන්න නිමිත්තක් වුනේ ගිය සතියේ සතිඅන්ත පුවත් පතක සදහන් වූ ලිපියක්. එහි දකුණු පලාත තුල ලිංගාශ්‍රිත රෝග පැතිරයාමේ වැඩි ඉඩ කඩක් තිබෙන බව සදහන් කර තිබුනා. ප්‍රධාන ලෙසම මේ සදහා හේතුව වූ තිබුනේ දැනුවත්කම මද වීමයි.

2010 වසරේ ලංකා පවුල් ස්ංව්ක්කය සංවිධාන සමග සිදුකල ව්‍යාපෘතියකට(පුත්තලම දිස්තික්කය තුල) මමත් ස්වේච්චා සහයකයෙක් විදිහට සහභාගී වුනා එහිදී සමීක්ෂණය අවසානයේ තීරණය වූයේ සමාජය තුල පැතිර ඇති දුර්මත පසෙක ලා විද්‍යාත්මක ලිංගාශ්‍රිත අධ‍යාපනයක් පාසැල් හරහා ලබා දීමයි. එහෙත් මේ සදහා තවත් එක් විකල්පයක් ඉදිරිපත් වුනා. ඒ තමා දෙමාපියන් හට නිසි දැනුම ලබා දී එමගින් දරුවන් වෙත එම අධ්‍යාපනය ලබා දීම. මේ සදහා දෙමාපිය හමුවන් කිහිපයක් පවා සංවිධාන කර තිබුනත් බහුතරයක් මෙවැනී දේ සදහා මැලි කමක් දක්වනු ලැබුවා.

කෙසේ හෝ අවසානයේ දල වශයෙන් පාසැල් ලමුන් 350 දෙනුකු සදහා වැඩ පිලිවෙලක් සකස් කර සාර්තකව නිමා කිරීමට අපට හැකි වුනා. ආරක්ෂිත උපකරණ භාවිතය හා රෝග වලින් වැලකී සිටීම. දෙමාපිය දරු සබදතාව පවත්වා ගැනීම ආදී බොහෝ කරුනු මෙහිදී සාකච්චා කලා.

එම වැඩ සටහනේ දී අනාවරනය වූ දෑ බොහෝයි. ඒඩ්ස් පිලිබද අවධානයක් තිබුනද  ලිංගාශ්‍රිත රෝග පිලිබද නිසි අවබෝධයක් පැවතියේ සුලු පිරිසකටයි. ආරක්ෂිත ක්‍රම භාවිතය පිලිබද දැනුම ඉතාමත් අල්ප වුනා. තරුණයින් හට පැවති විශාල ගැටවුව වූයේ කොන්ඩම මිලදී ගැනීමට තිබූ බාධාවයි. ඒ ලැජ්ජාව නිසාය. කොන්ඩමයක් පැලදීමට කිසිවෙකු නිසි දැනීමක් ලබා තිබුනේ නැහැ. මේ 2010 දී තත්වයයි. අප වැඩසටහනට අයිති වුයේ උසස් පෙල හදාරණ සිසුන් වීම මෙම තත්වයේ භයානක කම කියා පානවා.

ඉතින් මේ සදහා 100% වග කිව යුත්තේ බෑංකී මුන් හෝ ජනපති හෝ විපක්ෂ නායක්වත් නෙමේ දෙමාපියනුයි. හැබැයි 9 වසරේදී සවුක්කය පාඩමට මේ දේවල් ඇතුලු වුවත් බොහෝ ගුරුවරු මෙම කොටස අතහර තිබුනා. එනිසා ඔවුන්ද වග කිය යුතුයි.

කෙසේ වෙතත් දරුවන් හට නිසි කල නිසි දැනුම ලබාදීමට දෙමාපියන් වග බලාගත්තානම් මේය මෙතරම් බැරෑරුම් නොවෙන්නට තිබුනා. දැන්වත් මේ ගැන දැනුවත් වී ඒ සදහා ක්‍රියා කිරීම දෙමාපිය ඔබගේ යුතුකමක්.

වැඩි පුර විස්තර හා  දැනුවත් වීම් සදහා http://www.fpasrilanka.org/ පිවිසෙන්න.

පහත ලිපි හා සබැදුම් වැදගත් වනු ඇතැයි සිතමි.

බූඩිගේ තීරුවේ පෙර ලිපි 

කොන්ඩමයක් (පිරිමි) නිසි පරිදි භාවිතා කරන අයුරු 

කොන්ඩමයක් (ගැහැනු) නිසි පරිදි භාවිතා කරන අයුරු