බූඩිගේ අලුත්ම අංචිය – ගුවන අරා – I

Posted on 2011 ජූනි 2

4


ඔන්න ඉතින් ආයෙත් බූඩි පොඩි වැඩකට අත ගහන්න යන්නේ, මතකනේ කෑම මේසය ගැන ලිව්වා, ඉතින් මේකත් ඒ වගේ දෙයක් තමා. දැන් ඉතින් මොකක්ද මේ අලුත් නාඩගම කියලා බලනව ඇති. මෙන්න මේකයි ස්ටෝරිය.

ලගකදි ඉදලා බූඩි වැඩ කරන්නේ Sri Lankan Airlines එකේ ඒ කියන්නේ ලංකාවේ ජාතික ගුවන් සේවාව එක්කයි. ඉතින් ඔය අහස් යාත්‍රා ගැන එච්චර අසාවක් බූඩිට නැති වුනත් ඒ එක්ක සම්බන්ධ තාක්ෂණය වගේම ආසා හිහෙන දේවල්, හැමෝටම තේරෙන්න ලියන්න තමා මේ උත්සහය. බූඩි වැඩ කරන්නේ ඔය ගුවන් යාත්තරා අලුත් වැඩියාකරන ඉංජිනේරු කොටසෙ. ඒ උනත් ඉතින් කිසිම ජායාරූපයක් දාන්නනම් බෑ මොකද ඒකට මට අවසර නැති නිසා. අත්සන් කරපු කොන්ත්‍රාත්තුවේ එහෙම තිබුනලු. මොනා කරන්නද ඕං.

බූඩි ගුවන් යානා තාක්ෂණය ගැන නම් දන්න දෙයක් නෑ, ඒත් ඉතින් අවුරුදු 3 ක් තිස්සේ මෙකැනිකල් ඉන්ජෙක් වෙන්න ඉගෙන ගත්ත දේවල් එක්ක ගලපලා, ශ්‍රී ලංකන් එකේ ලයිබ්‍රරිය පෙරලලා, ගූගල් කරලා පුලුවන් සරලම විදිහෙන් නිවැරදි දේ ඔබවෙත ගෙන එන්න තමා අදහස.

තාක්ෂණය ගැන ආසාවක් නැතිනම් මේ ලිපි කියවන්න එපා, ඒත් නිකමට හරි මේ ඔලුව උඩින් යන යන්තරේ මොකක්ද, ඒක එක්ක එකතු වෙලා තියෙන දේවල් මොනවද කියල දැන ගන්න පොඩි හරි ආසාවක් තියෙනව නම් ලිපි පෙල කියවන්න. දැන ගන්න දෙයක් වගේම, ලිව්වොත් හොදයි කියලා හිතෙන දේවල් ගැනත් පොඩි කමෙන්ට් එකක් දාන්න. පුලුවන් දෙයක් කරන්න ට්‍රයි එකක් දෙන්නම්.

ඉතා සරලව, රසවත්ව මේ දේවල් ගැන ලියන්න තමා තනන්නේ, ඒක නිසා හැමෝටම කිවන්න ආරාධනා කරමින් මේ සටහන අවසන් කරන්න යන්නේ.

එහෙනම් අද ඉදලා ලියැවෙන මෙම “”ගුවන අරා”” ලිපි පෙලත් සමග හමුවෙමු.