වෙන්වී අවු. 2 ක් – [තාමත් හිතාගන්න බෑ]

Posted on 2011 ජූනි 5

4


2009 ජුනි 22 දින ඉතාමත් අවාසනාවන්ත අයුරින් අකල් මරණයෙන් අප අතරින් වියෝ වූ සමිත අයියා, විමාලි අක්කි හා මිතුරු ඉෂාර් ගැන මතකයන් අලුත් කරන පහත වීඩියෝව අද නිකමට වගේ පරණ ගොනු ගොඩක් අස්සේ තිබිලා හම්බුනා. 2009 මේ අවාසනාවන්ත රිය අනතුරින් අප අතරින් මොවුන් වෙන්වෙලා අවුරුදු 2ක් ගෙවෙන්න ඔන්න මෙන්න, ඒත් හරියට අද ඊයේ වගේ. මේ වෙනකම් මේ ගැන පෝස්ට් එකක් දාන්නවත් කැමති නැති වුනේ ඒක ඒ තරම්ම විද ගැනීමට අමාරු වුන අත්දැකීමක් නිසා. එනිසා මේ පිලිබද පලමු බ්ලොග් සටහන වන්නේ මෙයයි.

සමිත අයියා කියන්නේ මොනෑෂ් උපාධිදරයෙක්, කෘතිම බුද්ධිය පිලිබද ගොඩාක් පරේෂණ සිදුකල  ඔහු වෘතීය ලෙස ම්රුදුකාංග ඉංජිනේරුවෙකු හා පරේෂකයෙකු ලෙස මැලේසියානු කම්පැනියක සේවය කලා. බූඩි දෙයියනේ කියලා බිස්නස් වැඩකට අත ගැහුවේ 2006 දී, ඒ සමිත අයියත් එක්ක. නිදහස් ම්රුදුකාංග ගැන යම් උනන්දුවක් බූඩි තුල ඇති වුනේ සමිත අයියා නිසා. බූඩිගේ නෑදෑයෙක් වුන සමිත එක්ක පටන් ගත්ත කම්පැනියත් එක්ක වෙහෙසුනු අපි 2009 වෙද්දි Malaysia වලත් ශාඛාවක් අරින්න පුලුවන් තැනට වැඩ කලා. අපේ අරමුණ වුනේ එරටින් ඇනවුම් අරගෙන මෙහෙදී සංවර්ධනය කරලා අපනයනය කරන්න. බිස්නස් එක මැලේසියාවේ ලියාපදිංචි කරන්න ඉෂාර් ලොකු වැඩ කොටසක් කලා.  විමාලි අක්කි, ඉෂාර් දෙන්නම Malaysia Multimedia University ඉගෙන ගත්තේ. ඉෂාර් මැලේසියානු ජාතිකයෙක්, 2009 දී Cyber Jaya වල අපේ ප්‍රථම ශාඛාව අරින්න පුලුවන් වුනේ මේ මහන්සියේ ප්‍රතිපල නිසාමයි.

ඩොමේන් බ්‍රෝකර්ස් ලා විදිහට පටන් ගත්තත් ඒ වැඩේ එච්චර සාර්ථක වුනේ නෑ ඒ නිසා තමා ම්රුදුකාංග සංවර්ධනය පැත්තට ඉක්ක්මනින් යොමු වුනේ.

කණ්ඩායමක් විදිහට අපි වැඩ කලා, සමිත අයියගේ ඩෙඩ් ලයින් ෆලෝ කරන්න, විමාලි අක්කිගේ තියරි දාලා හර බැර බලන්න, ඉෂාර්ට සිංහල කුනුහරපයක් උගන්නලා ෆන් එකක් ගන්න මේ වැඩ අතරේ අමතක කලෙත් නෑ. චැට් වලින්, ෆෝන් කෝල් වලින් සම්බන්ධ වුනූ ඉෂාර් හැබැහින් දැක ගන්න හම්බුනේ අපේ Cyber Jaya ශාඛාව විවෘත කරන වැඩේට ගියාමයි. ඒ 2009 MMU එකට ගිය ගමනත් එක්කයි.

2009 ජුනි 13 වෙනිදා ඉෂාරුයි විමාලි අක්කියි එකතු වෙලා හදපු වීඩියෝ එක තමා මේ ලිපියේ එකතු කරලා තියෙන්නෙ.  වචනෙක අකුරු වරද්දලා හදලා තියෙන එක ප්‍රසන්ටේෂන් එක වෙලාවෙයි කස්ටිය දැක්කේ. මේකට සමිත අයියා දාපු නෝන්ඩි අද වගේ මතකයි.

මේ මතක ඔක්කොම ඉතිරි කරලා මේ ඔක්කොම වෙන් වෙලා. සංසාරයේ හැටි . . . . .

ඔබ සියලු දෙනාට මෝක්ෂ සැප ප්‍රාර්තනා කරමින් මේ සටහන නිම කරනවා.

 

 

.