ගුවන් යන්තරේ හසුරවන හැටි හා එයාබස් – ගුවන අරා 1.2

මේ පසුගිය ලිපියහි ඉතිරි කොටස කියලා හදුන්වන්න පුලුවන්. පෙර පරිදිම මුල් කොටස වෙන් වන්නේ සාමාන්‍ය දෑ සදහායි. දෙවන කොටස තුල ගුවන් යානයක් හසුරවන අයුරු පිලිබද සාකච්චා කිරීමට බලා පොරොත්තු වනවා.

මොනාද මේ එයාබස්?

එයාබස් එහෙම නැතිනම් Airbus කියලා හදුන්වන්නේ මොනාද? පාරේ දුවන බස් වගේ නිකම් බස් වන ලෙසම අහසේ දුවන බස් එයා බස් කියලා සමහරු හිතුවත් Airbus කියන්නේ සමාගමක්. මේ සාමාගම ලෝකයේ ප්‍රමුඛ අහස්යානා නිෂ්පාදන සමාගමක්. A320, A340 වගේම A380 කියන්නේ මෙම සමාගම නිෂ්පාදන කරන ලද අහස්යානා වර්ගයි. ලෝකයේ ජෙට් ලයිනර් යානා අතරින් 50% කටත් වඩා නිශ්පාදනය කරනු ලබන්නේ මෙම සමාගම විසිනුයි.

ජෙට් ලයිනර් – ජෙට් එන්ජින් යොදාගෙන ක්‍රියාතමක කරනු ලබන යානා ජෙට් ලයිනර් ලෙස හදුන්වනවා.

1970 වනවිට ආරම්භ වූ මෙම සමාගම මේ වනවිට අයිතිය EADS (European Aeronautic Defence and Space Company) සමාගම සතු වනවා. ප්‍රංශය හි මෙහි මූලස්ථානය ක්‍රියාත්මක වන අතර යුරෝපය වටා අඩවි 16 ක් ක්‍රියාත්මක වනවා.

ලංකාව සතු ගුවන් යානා සියල්ල අයිතිවන්නේ Airbus වර්ගයටයි. විවිධ මාදිලි ගුවන් යානා ඔවුන සතු වන අතර A380 ලොව විශාලතම මගී ප්‍රවාහන යානය නිෂ්පාදනයේ ගෞරවය දිනා සිටින්නේද ඔවුන්.

යානා පිලිබද වැඩි තොරතුරු ඉදිරියට.

ගුවන් යානා තාක්ෂණය – මූලික දැනුම  II

පසුගිය කොටසින් ගුවන් යානය ගුවන් ගත වීම ගැන දැන ගත්තනේ ඉතින් මේ ලිපියෙන් ගුවන් ගත වූ යානය හසුරවන්නේ කෙසේදැයි විමසා බලමු. මේ සදහා පාලකයන් කිහිපයක් නිවමුවා විසින් භාවිතා කරනු ලබනවා. එම පාලකයන්ට අනුව ප්‍රතිචාර දැක්වීමට කොටස යානයේ තටු අතර සවි කොට ඇති අතර ඒ මගින් යානය පාලනය කරනු ලබනවා.

පෙර පරිදි නොව මේවන විට ඉලෙක්ටොනික පාලක සංජා වලට අනුව හැසිර විය හැකි පද්ධති සෑම ගුවන් යානයකම සතු වනවා. ඒවා ක්‍රියාත්මක වන්නේ හයිඩ්‍රොලික(Hydrolic) හෝ නියුමැටික්(Pneumatic) බලයෙනි.

මුලින්ම සලකා බැලිය යුත්තේ පාලනයය යොදා ගන්නා කොටස් මොනවාද යන්නයි. ඊටත් ප්‍රථම ගුවන් යාන හැසිරවිය හැකි අක්ෂ පිලිබද දැන ගැනීම වැදගත්. පහත් රූප සටහනේ දැක්වෙන්නේ ගුවන් යානයක් හැසිරවිය හැකි අක්ෂයි. එමෙන්ම පාලක කොටස්ද පෙන්වා තිබෙනවා.

හරි දැන් බලමු කොහොමද මේ පාලක වැඩ කරන්නේ කියලා. මේ අක්ෂ තුනම හමු වෙන ස්ථානයෙහි තමා ගුවන් යානයේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටා තිබෙන්නේ.

Rudder – මෙම කොටස හැරවීම මගින් ගුවන් යානය Vertical අක්ෂය වටා හැරවිය හැකිවනවා.

Elevators – මෙම කොටස් මගින් Lateral Axis වටා හැරවිය හැකියි.

Aileron –  මෙම කොටස් මගින් Longitudinal Axis වටා හැරවිය හැකියි.

Flaps – මෙමගින් ගුවන් යානය අහසට ගැනීමට හා පහතට ගැනීමේදී භාවිතා කරනවා (Take off and Landing).

මෙලෙස එක් එක් පාලකය මගින් අක්ෂ මත පිහිටා හැරීම සිදුකලද එක් විට පාලක කිහිපයක් භාවිතා කොට අක්ෂ කිහිපයක් තුල පාලනය ක්අල හැකියි. ගුවන් කරනම් වලදී මේවා ඉතාමත් බහුලව භාවිතා වනවා.

ඉතින් මෙම පාලක භාවිතා කොට ගුවන් යානය හැසිරවීම සිදු කරනවා. මේ පිලිබද පහත Flash ආධාරකය මගින් නියමාකාරව පෙන්වා තිබෙනවා. උපුටා ගැනීම How Stuff Works [www.howstuffworks.com]වෙතින්.

http://static.howstuffworks.com/flash/airplane-parts.swf

මෙම පාලක ක්‍රියාතමක කිරීමට මුල් කාලයේ කේබල් ද පසුව ලීවර තාක්ෂණ යොදාගත්තා. ජෝයිස්ටික් යොදාගෙන පාලනය වූ ප්‍රථම ගුවන් යානය නිෂ්පාදනය කලේ Airbus සමාගමයි, ඒ A320 ගුවන් යානයයි, ඒ 1987 දී.  Fly By Wire (FBW) තාක්ෂනය ලෙස මෙය හදුන්වා දෙනවා.

තවත් කරුනු සමගින් ඉදිරියේදී හමු වෙමු.

Advertisements

13 comments

  1. ගුවන් යානයක flaps සහ slats පාවිච්චි කරන්නෙ තටුවෙ වර්ගඵලය වැඩි කරගන්න. තටුවෙ වර්ගඵලය වැඩි වුනාම wing loading එක අඩු වෙන නිසා අඩු airspeed එකකදී lift එක maintain කරගන්න පුලුවන්. ගුවන් ගත වීමේදී හා ගොඩ බෑමේදී අඩු වේගයක් පවත්ව ගැනීම යානයේ structure එකට හිතකරයි. Flaps deploy කිරීම මගින් drag එක වැඩි වෙන නිසා ගුවන් යානයේ වේගය අඩු කරන්නත් Flaps පාවිච්චි කරන්න පුලුවන්.

    • slats ලෙස හදුන්වන්නේ ගුවන් යානයේ තටුව ඉදිරියෙන් ඇති පාලක කොටසකි. ඉහත කමෙන්ටුවේ සදහන් වූ පරිදිම ගොඩබැසීම් හා ඉහල නැංවීමේදී අඩුවේගයක් පවත්වාගැනීම සාධක කිහිපයක් මත වැදගත්වේ. මෙනිසා සරලව flaps හා slats ගොඩබැසීම් හා ඉහල නැංවීමේදී පාලනයට අවශ්‍යයය වේ. සදහනට තුති.

  2. වැඩි තාක්ෂණික තොරතුරු නැතිව සරලව ලියන්න, දල අදහසක් ගන්න තිබුනම ඇති මොකෝ අපි ප්ලේන් හදන්න යන් නෑ නේ. වැඩේ නම් මරු මේ විදිහටම දිගටම සරලව ලියන්න.

  3. […] කියන්න යන්නේ බෝයිං ගුවන් යානා ගැන (මතකනේ ගිය පාර එයාර් බස් ගැන දාලා තිබුන…) ඒ වගේම ගුවන් යානය ගුවන් ගත වීම ගැන […]

  4. […] කියන්න යන්නේ බෝයිං ගුවන් යානා ගැන (මතකනේ ගිය පාර එයාර් බස් ගැන දාලා තිබුන…) ඒ වගේම ගුවන් යානය ගුවන් ගත වීම ගැන […]

  5. […] වල නඩත්තු කටයුතු ගැන කතාකරන්න. මතකනේ එයා බස් සමාගමේ ගුවන් යානා ගැන කතා කලා ඉතින් එක එක නිෂ්පාදන සමාගමට අනුව […]

  6. […] වල නඩත්තු කටයුතු ගැන කතාකරන්න. මතකනේ එයා බස් සමාගමේ ගුවන් යානා ගැන කතා කලා ඉතින් එක එක නිෂ්පාදන සමාගමට අනුව […]

  7. […] අද කතා කරන්න යන්නේ ගුවන් යානයක භාහිරින් පේන වැදගත් කොටස් ගැනයි. ආයෙමත් කියන්නේ මේ පෝස්ට් ඔක්කොම පදනම් වෙන්නේ Airbus ගුවන් යානා ගැනයි. ඒ මොකක්ද කියලා දන්නේ නැතිනම් මේ පෝස්ට…. […]

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )