යානා ගුවන් ගත කරන හැටි හා බෝයිං ගුවන් යානා – ගුවන අරා 1.3

Posted on 2011 ජූනි 14

3


දැන් කස්ටිය බලනවා ඇති බූඩිගේ “ගුවන අරා” සීරිස් එකට මොනා උනාද කියලා, බූඩි ඉතින් කිව්වොත් කිව්වනේ ඔන්න ඉතින් “ගුවන අරා” සීරිස් එකේ හතරවන ලිපියත් අරගෙන ආවා ඕගොල්ලෝ එක්ක විස්තර බෙදා ගන්න. මේ ලිපියෙන් කියන්න යන්නේ බෝයිං ගුවන් යානා ගැන (මතකනේ ගිය පාර එයාර් බස් ගැන දාලා තිබුනා) ඒ වගේම ගුවන් යානය ගුවන් ගත වීම ගැන ලියවෙන අවසන් ලිපියත් මේක.

ඕගොල්ලන්ට මොනව හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒක කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා, බූඩිට උත්තර දෙන්න දන්නේ නැතිනම් අනිවා කාගෙන් හරි කුප්පියක් දාගෙන උත්තරයක් එවන්නම්.

මොනාද මේ බෝයිං???

හරි අපි මුලින්ම බලමු මොනාද මේ බෝයිං කියන්නේ කියලා. බෝයිං (BOEING) කියන්නේ එයාර් බස් වගේම තවත් ගුවන් යානා නිපදවන එක් සමාගමක් ඇත්තෙන්ම කිවනව නම් බෝයි හා එයාර් බස් සමාගම් දෙක ඉතා දැඩි තරගකරුවන්, එයාර් බස් සමාගමට පසුව වැඩිම ගුවන් යානා ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ මෙම සමාගමයි. (සමාගමේ වෙබ් අඩවිය – www.boeing.com)

මෙය 1916 දී පිහිටුවා ඇති අතර මෙමගින් ගුවන් යානා පමණක් නොව ආරක්ෂාව (Defense) සදහා වූ යාන වාහන පවා නිපදවනවා. ඇමරිකාවේ අපනයනය මගින් වැඩිම අදායමක් උපයන සමාගමක් ලෙස මෙය ප්‍රකටයි.

Boeing 707, 717, 727, 737, 747, 767, 777 වගේම 787 Dreamliner යන යානා මෙම සමාගමේ නවතව මගී ගුවන් යානා නිෂ්පාදන අතර වනවා. Jumbo Jet (ජම්බෝ ජෙට්) ලෙස හදුන්වන ලබන්නේ මෙම සමාගම නිෂ්පාදනය කල Boeing 747 යි, එහි Nick Name එක වන්නේ එයයි. Boeing 707 යනු 1970 ගණන් වල ඉතාමත් ජනප්‍රිය වූ මෙම සමාගමේ නිෂ්පදනයක්. මෙම සමාගම බඩු(cargo) ගෙනයාම ඉලක්ක කරගෙන ගුවන් යානා නිපදවා තිබීම විෂේශයක්. උදාහරණයක් ලෙස Boeing 747SR යනු බඩු ගෙනයාම ඉලක්ක කරගත් යානයක්.

මෙම බෝයිං යානා නම් කර ඇති විදිහ ගැන එක එක කතා තියෙනවා ඒත් බෝයිං සමාගමට අනුව ඔවුන් මෙලෙස 7×7 ලෙස නම් කර ඇත්තේ එහි ඇති ආකර්ෂණ භාවයට මිසක් වෙන දේකට නෙමේ.[1] සාමාන්‍යයෙන් බෝයිං සමාගම තම නිෂ්පාදන නම් කරනුයේ අංක තුනකින් යුත් කේතයකිනි. එහි 1‍‍00 කාණ්ඩය පෙර ගුවන් යානා සදහාද, 200 හා 400 මිලිටරි ගුවන් යානා සදහාද, 300 කාණ්ඩය පෙර ගුවන් යානා සදහාද, 500 කාර්මික නිෂ්පාදනද, 600 කාණ්ඩය මිසයිල් සදහාද 700 කාණ්ඩය මගී ප්‍රවාහන Jet Liners සදහාද වෙන් කර තිබෙනවා.

 

බෝයින් යානා ගැන තවත් විස්තර පස්සේ කියන්නම්. දැන් අපි අනෙක් කොටසට යොමු වෙමු.

ගුවන් යානා ගුවන් ගත වීම

මෙම කොටස ගුවන් යානයක් ගුවන් ගත කරන අයුරු සැකෙවින් දැක්වීමට යොදා ගන්නවා.

මුලින්ම සිදු කරන්නේ ගුවන් යානය ධාවන පථයට යොමු කිරීමයි, මේ සදහා විශාල ඇද ගෙන යාමේ රථ භාවිතා කරනවා. ඒ ගුවන් යානයට තනිව ධාවන පථයට යොමු වීමට නොහැකි නිසාය.

මෙම රථ මගින් මුලු ගුවන් යානයම හැසිරවිය හැකියි. මෙම රථ ගුවන් යානය හා සම්බන්ධ වන්නේ ශක්තිමත් දණ්ඩක් මගිනි එය සම්බන්ධ කල පසු ගුවන් යානය හැරවීම පවා මෙම ඇදගෙන යාමේ රථයට සිදු කල හැක. මෙසේ ඇදගෙන යාමේදී ගුවන් නියමු කුටියේ නියමුවෙන් සිටිය යුතු වනවා. යම් හෙයකින් ගුවන් යානය හා ඇද ගෙන යාමේ රථය අතර සම්බන්ධය විසන්දි වුව හොත් තිරිංග තද කිරීමට ඔවුන් ඉතා පරික්ෂාවෙන් සිටිය යුතුමයි. මීට අමතරව නියමු කුටිය හා ඇදගෙන යාමේ රථ අතර මනා සංනිවේදනක් පැවතීම ඉතාමත් වැදගත්. ගුවන් යානය ගුවන් පථයට යොමු කල පසු මෙම ඇදගෙන යාමේ රථය ඉන් විසන්ධි කරනු ලබනවා.

ප්‍රථමයෙන්ම ගුවන් නියමුවන් විසින් විවිධ මිටර හා දර්ශක නිරීක්ෂනය හා පරීක්ෂා කිරීම සිදු කරනු ලබනවා, ඉන්පසු සියලු තත්ව යහපත් නම් එන්ජින් පණගැන්වීමට යොමු වනවා. ප්‍රතමයෙන්ම සිදු කල යුත්තේ බීකන් බල්බය දැල්වීමයි. එය සලකුනු බල්බයක්, එමගින් දක්වනු ලබන්නේ “ගුවන් යානයේ එංජිම පණ ගැන් විමට ආසන්න බවයි.” මෙය ගුවන් යානය යට හා උඩ නිවි නිවී දැල්වෙන රතු බල්බයක්. ගුවන් යානය පණගන්වන මොහොත වන විට ඒ අසලට යෑමට අවසර ඇත්තේ අවසරලත් තාක්ෂණික නිලධරයින්ට හා ඉංජිනේරුවන්ට පමණයි. ඒ මන්දයත් ගුවන් යානයහි එංජින් පනගන්වන විට ක්‍රියාතමක වන ජෙට් එංජිම් මගින් අවට ඇති සියල්ල ඒ මතට අද්දවා ගන්නා නිසාය. මේ නිසා මෙයින් බේරී සිටිය යුතු සීමා වන අතර පණ ගැන්වීමකදී සිටිය යුත්තේ එම සීමා තුල පමණි.

තවද ගුවන් යානයහි එන්ජිම් පනගන්වන විට අවශයය පද්ධති හැරුනූ කොට ඉතින් විදුලි පද්ධති විසන්ධි කරනු ලබනවා. මුලින්ම ක්‍රියාත්මක කරනු ලබනුයේ APU (Auxiliary Power Unit) මෙය ගුවන් යානය පිටුපස ඇති ජෙනරේටරයක් වේ. එමගින් ජනනය වන පීඩිත වායු මීලගට යොමු වන්නේ පලවන ජෙට් එංජිම වෙතටයි. ඉන්පසු පලමු ජෙට් එන්ජිම ක්‍රියාතමක කොට ඉන් පීඩිත වායුමගින් දෙවන එංජිම ක්‍රියාත්මක කරනු ලබනවා. මෙලෙස ඇන්ජිං 4 ක් ඇතිනම් පියවරෙන් පියවර ඒවා පණගැන්වීම සිදු කරනවා.

එන්ජිම පනගැන්වීමටගුවන් යානයට විදුලිය ලබාදීම පිටතින් සිදු කිරීමට පුලුවන්. මේ සදහා බිම් විදුලි සැපයුම් ඒකක භාවිතා කරනවා. මීලගට සිදු කරන ප්‍රධාන ක්‍රියාව නම් ගුවන් ගත කිරීමට විධනය ලැබුන වහාම තිරිංග නිදහස් කොට ගුවන් යානය ධාවන පථය දිගේ ධාවනය කර ගුවන් ගත කිරීමයි.

ගුවන් යානය ගුවන් පතය මත ඉතා වේගයෙන් ධාවනය කරනු ලබන්නේ ජෙට් එංජිම් මගින් ලැබෙන බලයෙනි. එය Trust එකක් ලෙස හැදින්වුවා මතක ඇති. නිව්ටන් 3වන නියමය කදිමට පෙන්වන ස්ථානයක්. ඉන් පසු ක්‍රමයෙන් වේගය වැඩි කර ගනිමින් අවශ්‍යය පීඩනය ලැබෙන තෙක් ගමන් කර ගුවන් යානය ගුවන් ගත කරනු ලබනවා.

** මෙහි දැක් වෙන්නේ ඉතා සරල ක්‍රියා කිහිපයකි, මීට අමතරව සිදු කරන ක්‍රියාවලි බොහොමයක් වන අතර ප්‍රධාන ක්‍රියාවලි සරලව දක්වා ඇත. තාක්ෂණික නාම භාවිතය හැකි තාක් අඩුකරන ලද්දේ මෙම ලිපිය කියවීම පහසු වන පරිදිය, කැමති අය විමසන්න. පසුව ග්ලොසරියක් ලෙස එම වචන ලබාදිය හැකියි. මෙහි සෑම කරුණක්ම Air Bus සදහා 100% අදාල වන අතර අනෙක් ගුවන් යානා සදහා සුලු වශයෙන් වෙනස් විය හැක.

ලගදීම නැවත හමුවෙමු . . .

[1] – http://www.boeing.com/news/frontiers/archive/2004/february/i_history.html