පලවෙනි ඉන්ටර්විව් එක – උපෙ හමාරයි – I

Posted on 2011 ජූනි 16

16


මේ ලියන්න යන්නේ පරණ කතා සීරිස් එකක්. පරණයි කිව්වට වැඩියෙ පරණ නෑ, වැඩිම උනොත් අවුරුදු 5 ක් විතර පරණ ඇති. දැන් බලනව ඇති මොකද මේ බූඩී දැන් සීරිස්ම ලියන්නේ කියලා මොකද මේ වෙන කොටත් ගුවන අරා කියලා සීරිස් එකක් ලියාගෙන යනවානේ. ඉතින් මේ හැම සීරිස් එකකටකම අදාලව පෝස්ට් ගොඩක් ලියන්න වෙලාව ටිකක් හම්බ වෙච්ච නිසා තමා මේ වගේ සීරිස් ගොඩක් ලියන්න හිතුනේ. කොහොම උනත් ලියන්න ගත්ත එවා ඉවර කරලා තමා මේ බූඩී පස්ස බලන්නේ, ඒක නිසා පාඨක ඕගොල්ලෝ කලබල වෙන්න එපා, ඔක්කොම ගානට වෙයි.

ඉතින් මේ සීරිස් එකේ උසස් පෙල ලියලා ඉවර වෙලා එකතු කර ගත්ත මතක සටහන් සටහන් කරන්න යොදා ගන්න හිතුවා. මේ කතාව කාලේ බූඩි අනිත් අය වගේම උසස් පෙල කරලා රිසාල්ට් එනකම් ගෙදර. ඉතින් ගෙදර නිකන් ඉන්න බෑ මාර බෝරිං හින්දා බූඩි අහුවෙන හැම ජොබ් එකකටම ඇප්ලයි කලා. හුගාක් එව්වා ඉතින් වෝකිං ඉන්ටර්විව් (Walking Interview) ජොලියටත් එක්ක ගියා මොකද අඩුම ගානේ ඉන්ටර්විව් එකකට හරි ෆේස් කරන්න පුරුදු වෙන නිසා. Sales Executives, Banking Trainees, Marketing Executives ඔය වගේ එක එක දේවල්. .

ඔන්න ඉතින් ඔය වගේ එක එක ජොබ්, මුලින්ම කලේ CV එකක් හදන එක නෙට් එකෙන් හොද සාම්පල් එකක් අරන් පොඩි මොඩිෆිකේෂන් පාරක් දැම්මා. දැන් ඒ වැඩෙත් හරි. ඊට පස්සේ බොහොම අමාරුවෙන් බබා කාලේ ඉදලම හම්බුන සහතික එකතු කරලා කොහොම හරි සහතික ටිකකුත් රෙඩි කර ගත්තා. ඔන්න දැන් ඉන්ටර්විව් එකට යන්න වැඩේ හරි. උසස් පෙල සමත් වගේ සුදුසුකමක් හොයන ජොබ් ටිකක් තෝරගෙන වැඩේට බැස්සා.

හා හා පුරා කියලා ඔන්න බූඩි දැන් ඉන්ටර්විව් එකකට යන්න තමා යන්නේ. පලවෙනි එක අබාන්ස් ඔටෝමේෂන්. කොහොමහරි ඔන්න ඉන්ටර්විව් එක තියෙන දාට බූඩි පොර වගේම පොඩි ටයි එකකුත් දාගෙන යුද්දෙට ගියා. මතක විදිහට පටන් ගන්න තිබුනේ 10.00 ට ඉතින් නිවාඩුව ප්ලේන්ටියක් එහෙම ගහලා හරියටම විනාඩි 20 ක් තියලා ගියා ස්පොට් එකට. ඉන්ටර්විව් එක තිබුනේ ගාලු පාරේ මැක්ඩොනල්ඩ් එක ලග එක නෙමේ ඊට මෙහා තියෙන එක. ඒත් ඉතින් ඕක මතක තියෙනවැ බූඩි ගියේ කෙලින්ම මැක්ඩොනල්ඩ් එක ලග තියෙන තැනට.

බිම් මහලේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් බඩුනේ ඉතින් එතනින් කිව්වා අබාන්ස් ඔටෝමේෂන් එක උඩ කියලා, මොකටද යන්නේ කියලා ඇහුවේ නෑ,  බැලිනම් හුගක් අය මෙතන්ට එනවා ෆෝන් වල වොරන්ටි ක්ලේම් කරන්න. ඉතින් බූඩිත් පොර වගේ ලිෆ්ට් එකේම උඩට ගියා. ගිහින් බැරි නම් කවරුත් නෑ. ඉතින් මාර ෂෝයි මොකද කට්ටිය අඩු හින්දා දැන් වැඩේ ෂුවර් නේ. ඉතින් බූඩි එතන පිලිගන්න ඉන්න අක්කිට කිව්වා ඉන්ටර්විව් එකට ආවේ කියලා. අප්පා මෙන්න මෙයා කියනවා මල්ලි ඉන්ටර්විව් එක තියෙන්නේ මෙතන නෙමේ අපේ අනිත් බ්‍රාන්ච් එකේ කියලා. මොනා කරන්නද 10 ට 5 ක් තියලා බැස්සා ගාලු පාරට වැඩි දුරක් නම් නෑ මී. 150 ක් විතර ඇති ඒත් මෙන්න බොලේ වහිනවා. දැන් මොකද කරන්නේ කුඩයක්වත් නෑ. දැන් 10.00 ට ඉස්සෙල්ලා යන්නත් බෑ. පහු වෙලා යන්න පුලුවන් යැ ඉන්ටර්විව්. කොහොමහරි 10.00 විතර වෙද්දි පොඩ්ඩක් පෑව්වා. ඉතින් බූඩි අඩිය ඉක්මන් කරලා පොට් එකට ගියා.

කවරුත් පේන්න නෑ. බූඩිට මාර හැපි, වෙලා ගියත් කස්ටිය අඩුනම් ඉතින් ජොබ් එක ෂුවර් නේ. සික්කා අන්කල්ට වැඩේකිව්වම මට කාමරක් පෙන්නුවා යන්න කියලා. මාත් ඉතින් පොර වගේ ගියා කාමරේට. කව්ද දන්නෑ නේ ඉන්නේ. ආ ඊට ඉස්සෙල්ලා ෆෝම් එකකුත් පිරෙව්වා හැබැයි ඒක ගැන එච්චර මතකයක් නෑ. හප්පා ඒ කාමරේ ටිකක් ලොකු එකක් ඒකේ හෝ ගාලා සෙනග. මාර සීන් එක දැන් නිකන් පිස්සු වගේ. මේ කස්ටිය එක්ක හිටියොත් ඉන්ටර්විව් එකට ඉන්න වෙන්නේ හෙට කියලා තමා බූඩිට නම් හිතුනේ. කොහොම හරි කාමරේට වෙලා හිටියා ඉද ගන්න පුටු නෑ, ඉතින් හිටගෙන හිටියා 1.00 විතර වෙනකන් ඊට පස්සේ තමා පුටුවක් හම්බුනේ. කාමරෙන් 10 ය 10 ය තමා ඉන්ටර්විව්, එකට ගත්තේ, බඩගින්නේ ඉන්න බෑ. ඔන්න කොහොම හරි  2ට විතර අපේ 10 දෙනාත් ඇතුලට ගත්තා. “උඩ ෆ්ලෝර් එකට යන්න” ඒ 10 දෙනාගෙන් වැඩේ ඉවරයි නේ ජොලියේ ගියා හප්පා උඩ තට්ටුවේත් තව ටිකක් ඉන්නවා. ඉදලා ඉදලා බැරිම තැන 3 ට විතර මගේ චාන්ස් එක ආවා. ඇතුලට ගියා. පොරවල් දෙකක් ෂීට් එකේ. “CV එක දෙන්න”,  CV එක දුන්නා. මගේ විස්තර අහනගමන් CV එක බලපු පොර මගේ address එක බලලා “ඔයාට මීගමුව ලගයි නේද? මීගමුව ෂෝ රූම් එකේ වේකන්සි ඇති, අපි මේක එහෙට දාන්නම්”. අම්මපා මන් ඉතින් දෙස් දෙවොලේ තිය තිය එලියට ආවා. වෝකින් ඉන්ටර්විව් එක වගේම ජීවිතේ පලවෙනි ඉන්ටර්විව් එක ජොබ් එකකට.

වැඩේ හරිගියේ නෑනේ ඉතින් මොනා කරන්නද? සිලෙක්ට් වුන නැති එකට දුක නෑ. මෙච්චර කට්ටක් කකා මෝඩයා වගේ එතන හිටපු එකට තමා දුක. කරන්න දෙයක් නෑ ගෙදර ඇවිත් ෂෙඩියුල් එකේ ඊලගට තිබ්බ Pitza Hut එකේ crew ජොබ් වෝකින් ඉන්ටර්විව් එකට රෙඩි වුනා. ඒක තිබුනේ පහු වෙනිදා ඒක තිබුනේ 2:00 ට ඉතින් ඒකටත් පොර වගේ යන්න ලෑස්ති වෙද්දිම කෝල් එකක් ආවා, බැරිනම් අබාන්ස් එකෙන්. හෙට හරි පුලුවන් නම් අද හරි ඊලග ඉන්ටර් විව් එකට එන්න කියලා. ඉතින් මොකටද පහු කරන්නේ  Pitza Hut එක පැත්තකින් තියලා අබාන්ස් එකට ගියා. මොබයිල් වගේද පිට්සා කිව්වලු. වැරදුනා අනිත් පැත්ත.

පෝස්ට් එක හිතුවට වඩා දිග වුන නිසා ඉතුරු කොටස ඊලග පෝස්ට් එකට දාන්නම් . . .