මොනවද මේ CC ?? – Credit Card බිල්ලා මෙල්ල කරමු – 1

Credit Card එහෙමත් නැතිනම් ණයපත් ලංකාව පුරා ඉතාමත් ප්‍රචලිතයි. ඉස්සර වගේ නෙවේ අද සෑම තරමක මධ්‍යම ප්‍රමාණයේ වෙලද සැල්, සේවා සපයන්නන් වගේම ඉන්ධන සැල් පවා මේ ණය පත් භාරගනු ලබනවා. ඒ වගේම රස්සාවක් කරගෙන ඉන්න බොහොමයක් මේ ණයපත් එකක් හෝ කිහිපයක් භාවිතා කරනු ලබනවා. සමහරුන් මේ ණය පත් සදහා දක්වන්නේ බියක්, “අම්මෝ ක්‍රෙඩිට් කාඩ්, මතක් කරන්න එපා”, “ඔව්වා අරන් ණය වෙන්නේ මොකටද?”, “අපි නම් කාටවත් ණය වෙලා නෑ”, “අපෝ ඔව්වා මහ හිසරද” මේ වගේ අදෝනා ගොඩක් සමහරුන් ගෙන් අහන්න ලැබෙනවා.

මීට අවුරුදු 3 -4 කට කලින් මේ තරම් ක්‍රෙඩිට් කාඩ් භාවිතයක් අප රට තුල පැවතියේ නෑ. සෑම බැංකුවක්ම බොහෝ විට මෙම සේවාව ලබා දුන්නත් එය බොහෝ විට වැඩි පඩි ලබන කොටසට සීමා වුනා. කොහොම හරි පසුගිය අවුරුදු 2-3 ක පමණ සිට සෑම බැංකුවක්ම පාහේ තරගකාරීව මේ ක්‍රෙඩිට් කාඩ් නිකුත් කිරීම ආරම්භ කලා, ආර්ථික අවපාතය මේ සදහා හේතුවුනා. ඒ වගේම මෙමගින් විශාල ලාභයක් ලබා ගැනීමට හැකියි. මේ හේතු නිසා වාණිජ බැංකු බොහොමයක් මේ ක්‍රෙඩිට් කාඩ් සෙල්ලමට එක්වුනා, විශාල වැටුප් වලට සීමා වී තිබූ ක්‍රෙඩිට් කාඩ් මේ වනවිට සෑම තරාතිරමකම මිනිසුන් වෙත ලගාවිය හැකි ලෙස පවතිනවා.

ඉතින් මේ ලිපි පෙලින් කියන්න හදන්නේ අර්ථාන්විතව ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන්නේ කෙසේද ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ දේවල් හා ඒවා පරිහරණයේදී සැලකිලිමත් විය යුතු කරනු මේ ලිපි පෙල මගින් ඕගොල්ලෝ හමුවට ගේන්න අදහස් කරනවා. මතක ඇති බූඩිගේ උපෙ. හමාරයි සීරිස් එක. ඔන්න ඕකේ තව ටික කාලෙකින් කියවන්න හම්බෙයි බූඩි ක්‍රෙඩිට් කාඩ් බිස්නස් කරපු හැටි නම ගිය බැංකුවක. ඉතින් මේ බැංකුවේදී ලබපු ක්‍රෙඩිට් කාඩ් කුප්පි ටික පෙරලා තව ඒවා කලවම් කරලා ඕගෝල්ලන්ට උණු උණු ලිපි පෙල ක් දන්න තමා හිතන් ඉන්නේ. Credit Card බිල්ලා මෙල්ල කරමු – 1 මේ ලිපි පෙලේ ආරම්භයයි.

දැන් ඉතින් ඇන්ටි ක්‍රෙඩිට් කාඩ් කස්ටිය මට බනින්න එපා, මේක කියවගෙන ගිහිල්ලා බලන්න ඔයාලා ක්‍රෙඩිට් කාඩ් ගැන හිතාගෙන හිටිය විදිහ හරිද නැද්ද කියලා. ඕනම දේක හොද වගේම නරකත් හියෙනවා. පිහියෙන් කපද්දි අපිට ඕන දේ වගේම අපේ අතත් කැපෙනවා නේ, ඒත් පරිස්සමින් පිහිය පාවිච්චි කරනවා මිසක් අපෝ පිහිය කියලා ඒක පාවිච්චි නොකර ඉන්නේ නෑ නේ. ඉතින් ඒ වගේම් තමා ක්‍රෙඩිට් කාඩ් දැන් ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග.

පණ්ඩිත කතා අඩු කරලා වැඩේට බහිමු.

මොනාද මේ ක්‍රෙඩිට් කාඩ් කියන්නේ. බැංකුවෙන් දෙන ප්ලාස්ටික් කාඩ් එකද? ඔව් මේක ප්ලාස්ටික් කාඩ් එකක් නම් තමා හැබැයි බැංකුවෙන් දෙන හැම කාඩ් එකක්ම ක්‍රෙඩිට් කාඩ් නෙමේ. නමේ තේරුමෙන්ම ගත්තොත් මේක ණයට දෙන කාඩ් එකක්. ඒ කියන්නේ මේ කාඩ් එකෙන් ඔයාට ණයට බඩු ගන්න පුලුවන් හැබැයි ඒකට අපි බඩු ගන්න කඩේත් ඒ පහසු කම තියෙන්න ඕනේ. බස් එකේ නම් තාම යන්න බෑ තාම ඒත් සමහර ටැක්සි/ කැබ් වලනම් මේ සේවාව තියෙනවා. අනිත් ප්‍රචලිත කාඩ් වර්ගය තමා ඩෙබිට් කාඩ්, මේ වලින් කරන්නේ ඔබේ ගිනූමේ තියෙන සල්ලි වලින් බඩු ගන්න පුලුවන් පහසු කම ලබාදීමයි. මේ මුදල ණයක් ලෙස නෙමේ ලැබෙන්නේ. අපේ සල්ලි වලින් අපි බඩු ගන්නවා වගේ.

ඉතින් මොකක්ද මේකේ තියෙන වාසිය, ණයක් විදිහට හම්බෙන්නේ නැතිනම් වැඩක් නෑනේ, ඒත් මෙන්න මේකයි වාසිය. අපි අතේ සල්ලි අරන් යන එක භයානකයි නේ. පොකට් එකට වැඩේ දුන්නොත් ඉවරයි. ඉතින් ෂොපින් යද්දි සල්ලි නැතිව මේ ඩෙබිට් කාඩ් එක අරන් ගියාම සල්ලි ගැන බය වෙන්න දෙයක් නෑ. අනික හද්ස්සියකදි ඉතාමත් වටිනවා.

මේ ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ් හදුන්වන්න භාවිතා කරන්නේ Visa හා MasterCard කියන නම් නේ, මේ මොනාද කියලා ඊලග ලිපියෙන් බලමු. එතකන් රැදී ඉන්න. . . .

Advertisements

16 comments

  1. අපිට නම් නෝ ක්‍රෙඩිට් කාඩ්. ඕනේ එකකකට ඩෙබිට් එව්වා තමා. මම නම් ආසයි ඩෙබිට් කාඩ් පාවිච්ච්චියට. මම ගොඩක් වෙලාවට කරන්නේ සල්ලි කීයක්‌ හරි හම්බුනා ගමන් ඒවා බැංකුවට දාන එක. ඊට පස්සේ ගොඩක් වියදම් කරන්නේ ඩෙබිට් කාඩ් එකෙන්. ඒක නිසා සල්ලි ඉතුරු වීමකුත් වෙනවා. ඕනේ හැම වෙලාවකටම සල්ලි ගන්න ගියාම අවශ්‍ය දේට වඩා සල්ලි ගැනෙනවා, උදාහරණයක් විදියකට මොකක් හරි දෙයක් රුපියල් 369.45 කියමු. අපි බැංකුවෙන් සලලි ගන්න වා නම් ඔන්න 400 ක් ම ගන්නවා. ඊටපස්සේ ඉතිරු සල්ලි ටිකට මොනවා වෙනවද දන්නේ නැහැ. ඩෙබිට් කාඩ් එකෙන් ගානට සල්ලි ටික ගෙවලා දැම්මම සතයට ගනු දෙනු බේරෙනවා. හැබැයි සමහර කඩවල් වල පොඩි පොඩි අවුල් තියනවා කාඩ් එක්ක. එක දවසක් උදේ පාන්දරක කේක් එකක් ගන්න වෙලා ඩෙබිට් කාඩ් එක දාගෙන පේරාදෙණියට ගියා. ගන්න ඕනේ වෙලා තිබ්බේ බෙන්තොට බේක් හවුස් එකෙන් කේක් එකක්. එයාලා කාඩ් accept කරන්නේ නැහැ. ඒක නිසා පිළිමතලාවට ආවා ආයේ බේකරි තියන ලඟම ටවුන් ඒක ඒක නිසා. එහෙත් කේක් ගන්න තියන ඒක කඩයක් වත් කාඩ් සපෝට් නැහැ. ඊට පස්සේ සුපර් මාකට් වල තියන කේක් එකක් අරන් ගෙදර ගියා. දැන් බලයි ඇයි මම සල්ලි ගත්තේ නැත්තේ කියලා. මම පාවිච්චි කරන කාඩ් ඒක අයිති බැංකුවට අයත් ATM ඔය ටවුන් දෙකේම නැහැ. 😦

    ආයේ මම මගේ ලැපී බබා ගන්න ගිහින් කාඩ් එකෙන් ගෙවන්න හදනකොට එයාලා කිව්වාඩෙබිට් කාඩ් එකෙන් ගෙව්වොත් බදු එකතු වෙලා රුපියල් දාහක් විතර වැඩියෙන් ගෙවන්න වෙනවා කියලා. ඒක නිසා බැංකුවෙන් සල්ලි අරන් ගෙවන්න වුනා. මට තේරෙන්නේ නැත්තේ ඒ මොකද කියලා, ඇඳුම් කඩවල්, සුපර් මාකට් වගේ ඒවාට ගෙව්වම කැපෙන්නේ බිලේ ගාන විතරයි. ඇයි කම්පියුටර් කඩවලට වෙනම නීතියක්? සමහර විට බුඩිට පුළුවන් වේවි උත්තරක්‌ දෙන්න

  2. කාලීනව වැදගත් පෝස්ට් එකක්.පුලුවන්නම් ඔය ගමන්ම ඩෙබිට් කාඩ් ගැනත් විස්තරයක් දාන්න.මොකද මාගාවත් එකක් තිබ්බට වැඩිය විස්තර දන්නේ නැහැ…thanks

  3. මමත් CC පාවිච්චි කරනව..ඇත්තටම ඔය කියන තරම් බය වෙන්න දෙයක් නෑ.. (අරක්කු වගේ තමයි මේකත්,තමන්ගෙ සීමාව දැනගෙන,පාවිච්චි කරන්න ඕනමද නැද්ද කියල බලල පාවිච්චි කරන්න ඕන..)

  4. […] පටන් ගත්ත සීරිස් එකේ පලවැනි පෝස්ට්එක මොනවද මේ CC ?? – Credit Card බිල්ලා මෙල්ල කරමු – 1 කියලා පලවුනා. මේ ලිපිය ක්‍රෙඩිට් […]

  5. […] පටන් ගත්ත සීරිස් එකේ පලවැනි පෝස්ට්එක මොනවද මේ CC ?? – Credit Card බිල්ලා මෙල්ල කරමු – 1 කියලා පලවුනා. මේ ලිපිය ක්‍රෙඩිට් […]

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w