ඩෙබිට් කාඩ් – Credit Card බිල්ලා මෙල්ල කරමු – 2

බූඩි ලගදිම පටන් ගත්ත සීරිස් එකේ පලවැනි පෝස්ට්එක මොනවද මේ CC ?? – Credit Card බිල්ලා මෙල්ල කරමු – 1 කියලා පලවුනා. මේ ලිපිය ක්‍රෙඩිට් කාඩ් ගැන තිබුනත් ඉතින් ගොඩක් අය හරිම උනන්දුවක් දක්වලා තිබුන නිසා ඩෙබිට් කාඩ් ගැන මේ පෝස්ට් එක ඩෙබිට් කාඩ් වෙනුවෙන් වෙන්කරන්න බූඩි තීරණය කලා.

ඉස්සෙල්ලා පෝස්ට් එකේ තිබුනත්, ආයෙමත් කිව්වොත් මොකක්ද මේ  ඩෙබිට් කාඩ් කියන්නේ කියලා මෙන්න මෙහෙමයි කියන්න වෙන්නේ. ඔබේ බැංකු ගිණුම ඉලෙක්ට්‍රොනිකව භාවිතා කිරීමට යොදාගනු ලබන පහසුකමක් තමා මේ ඩෙබිට් කාඩ් කියන්නේ.

ඇත්තට ඇයි මේ ඩෙබිට් කාඩ්? කොහෙන්ද ඒවා පාත් වුනේ. ඕගොල්ලෝ තරමක දිගු කාලයක් ඉදන් බැංකු සමග ගණුදෙනු කරන අය නම් ඔයාලට මතක ඇති ඉස්සර ඩෙබිට් කාඩ් කියලා භාවිතා වුනේ නෑ. අපිට දුන්නේ ATM (Automated Teller Machine) කාඩ් එකක්. ඉතින් මේ කාඩ් එකෙන් බැංකුව ඉස්සරහා තියෙන ATM එකෙන් සල්ලි ගන්න පුලුවන්, හැබැයි ඉතින් PIN (Personal Identification Number) එක ලබාදීම අත්‍යාවශයයි. ඉස්සරම බැංකු ජාලගත කරලා තිබුනේ නෑනේ. ඉතින් ඔබේ ගිණුම තියෙන බැංකුවේ ATM එකෙන් පමණයි මේ කාඩ් එක භාවිතා කරන්න පුලුවන් වුනේ. මේ පහසුකම තිබුනෙත් කොලබ අවට බැංකු වලට පමණයි.

පස්සේ බැංකු ජාලගත කල නිසා මෙම කාඩ්පත් තම ගිණුම ඇති බැංකුවේ ඕනෑම ශාඛාවක ඇති ATM එකත් එක්ක භාවිතාකරන්න පුලුවන් වුනා. උදාහරණයක් ගත්තොත් මාතර ලංකා බැංකුවේ ගිණුම හිමි ඔබට කොලබ ආවම කොලබ ලංකාබැංකු ශාඛාවක ATM යන්ත්‍රයක් මගින් මුදල් ගැනීම ආදී කටයුතු කරගන්න පුලුවන් වුනා. ඒ කටත් පස්සේ සිදුවුන වෙනස තමා ඕනෑම බැංකුවක ATM කාඩ් එකක් ඕනෑම බැංකුවක ATM එකක් සමග භාවිතාකරන්න පුලුවන් වීමයි. තම ගිණුම හිමි බැංකුවේ ATM යන්ත්‍රය භාවිතා කරන විට මුදලක් අය නොකෙරුවත් හෝ සුලු මුදලක් අය කලත්, අන් බැංකුවක ATM එකක් භාවිතා කරන කොට  සදහා යම් ගෙවීමක් පවතිනවා. (සාමාන්‍යයෙන් රු. 50/= ක්, මෙය Foreign ATM Fee ලෙස හදුනවෙනවා) ඉතින් ඊලග පියවර වුනේ මේ කාඩ් එක මගින් ෂොපින් ක්අරන්නත් පහසුකම් ලබාදුන් එකයි, ඒ කියන්නේ කඩේකින් බඩු අරං බිල ගෙවන්න පුලුවන් පහසුකමයි. ඉතින් ඔන්න ඔහොම තමා ඩෙබිට් කාඩ් විකාශනය වුනේ.

මේ ඩෙබිට් කාඩ් නිසා අපට ලැබෙන වාසි ගොඩක් වෙනවා.

පලවෙනිම දේ තමා අවධානම අඩුවීම. ෂොපින් යද්දි සල්ලි මිටි පිටින් අරන් යන්න ඕනේ නෑ. බිල ගෙවන්න කාඩ් එක දුන්නම හරි. මොකද ගොඩක් කඩ මේ ඩෙබිට් කාඩ් ගෙවීම් සදහා ලබාගන්නවා. බොහෝ විට ලංකාව තුල නම් Visa හා MasterCard ජනප්‍රියයි. බොහෝ වෙලද සැල් මේ වර්ග ගෙවීම් සදහා ලබාගන්නවා. හරි බැරිවෙලාවත් ඩෙබිට් කාඩ් එක ගන්න බෑ කිව්වොත් ඕන වෙලාවක ඕන ATM එකට ගියා සල්ලි ගත්තා ගෙව්වා.

දෙවැනිදේ වන්නේ මුදල් කලමණාකරණයට ඇති හැකියාව. ඔයා ෂොපින් යන්න රු. 3000/= ගන්නවා හැබැයි වියදම් වෙන්නේ රු. 2500/= දැන් ඉතිරි 500/= අපි බැන්කුවට දාන්න යන්නෑ නේ. ඒක ඉතින් වෙන වෙන දේවල් වලට වියදම් වෙනවා. මේ ඩෙබිට් කාඩ් එක්ක මේ වැඩේ වෙන්නෑ. අනික සියලු ගණුදෙනු සටහන් වෙනවා. ඉතින් පස්සේ බැංකු ප්‍රකාෂනයක් අරගෙන බලන්න පුලුවන් කොහොමද මේ මාසේ වියදම් කියලා.

තුන්වන දේ වෙන්නේ මේ ඩෙබිට් කාඩ් භාවිතය දිරිගන්වන්න තියෙන එක් එක් වැඩසටහන් මගින් ලැබෙන තෑගි හා දීමනා. ඉතින් සල්ලි වලින් ගෙව්වනම් මේ චාන්ස් එක නෑ නේ.

තව ඉතින් සල්ලි බැංකුවේ තියෙන හින්දා ශතයක් හරි පොලියට වැඩියෙන් එකතු වෙනවා. වාර්ශිකව මෙම සේවාව සදහා මුදලක් ගෙවිය යුතු නෑ ආරම්බයේදී ලියාපදිංචි ගාස්තු පමණක් ගෙවීම ප්‍රමාණවත්.(බොහෝ වෙලාවට රු. 100/= ක්)

හැම දේකම ඉතින් වාසි වගේම අවාසිත් තියෙනවානේ,

ඩෙබිට් කාඩ් සමග මේ වගේ අවාසිත් තියෙනවා,

බැංකුවේ තියෙන මුදලට අමතරව ණය මුදලක් ලබාගන්න බෑ. බැංකු ගිණුමේ තියෙන මුදලට භාණ්ඩ හා සේවා ලබාගැනීමට හැකියාව තියෙනවා.

සමහර කඩ මගින් වැඩිපුර මුදලක් අය කරන්න පුලුවන් මේ සේවාව සදහා (මේ මුදල 3% කොමිස් මුදලක් ලෙස ඔබ විසින් වැඩිපුර ගෙවිය යුතුවනවා.) ඒ වගේම යම් සීමාවකට වැඩි ගෙවීමක් සදහා පමණක් මෙම ගෙවීම් ලාබා ගැනීමයි, එවිට කුඩා ගෙවීමක් සිදු කිරීම අපහසුයි.

එමෙන්ම කාඩ් පත නැති වුනහොත් ඉක්මනින් එය අක්‍රීය කල යුතුයි. නැතිනම් අන් අයට එයින් ගෙවීම් කල හැකියි.

ඉතින් මෙන්න මේ අවාසි එක්ක බැලුවහම නම් මේ වාසි පැත්ත බර වැඩි වගේ නේද?

මේ කාඩ් භාවිතයේදී ඔබ ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. ප්‍රධාන කරුණ නම් යම් හෙයකින් කාඩ් පත නැති වුව හොත් එය වහාම බැංකුව වෙත දන්වා කාඩ් පත අක්‍රීය කල යුතුයි. කෙසේ වෙතත් ක්‍රෙඩිට් කාඩ් මෙන් ඩෙබිට් කාඩ් හි විශාල අවධානමක් නෑ. මන්ද බැංකු ගිණුමේ ඇති මුදල පමණක් මෙමගින් ලබාගත හැකි නිසාත්, මෙම කාඩ් පත භාවිතාකල හැක්කේ ලංකාවතුල පමණක් නිසාත්, අන්තර්ජාලය මගින් ගෙවීම් සිදුකිරීම පාලනය කල හැකි නිසාත් වඩාත් ආරක්ෂාකාරී වේ (අන්තර්ජාලයහි ගෙවීම් සිදුකිරීම් පහසුමක බොහෝ බැංකු මගින් ලබා නොදේ).

එසේ නම් මෙහි අවධානම ඇත්තේ කාඩ්පත නැතිවීම තුල පමණක්ද? ඇත්තෙන්ම ඔබේ කාඩ්පත කෝලෝන් (Clone) කිරීම මගින්ද මෙම ඩෙබිඩ් කාඩ්පත් යොදාගෙන වංචා සිදුකල හැකියි(මෙමගින් ඔබ කාඩ් පතට සමාන කාඩ්පතක් නිෂ්පාදනය කිරීම සිදුකරයි, ඉන්පසු කාඩ්පත් දෙකම භාවිතාකල හැකි අතර Clone කල කාඩ්පත මගින් මුදල් ගෙවිය හැකියි, නමුත් ඔබේ PIN අංකය නොමැති නිසා මෙවිට මොවුන්ට ATM මගින් මුදල් ගැනීම සිදුකරන්න බෑ)***. මෙනිසා ඔබේ කාඩ්පත පරිස්සම් කරගන්න උනන්දුවෙන්න, කාඩ්පත ගෙවීම ඔබ ඉදිරියේ කරනවා දැයි සෝදීසියෙන් බලා හිදින්න, එය රැගෙන ඔබේ දර්ශන පථයෙන් ඉවත්ව යෑමට ගෙවීම ලබාගන්නාට හැකියාවක් නොමැත, මෙනිසා මේ පිලිබද පරික්ෂාවෙන් හිටියොත් මෙම අවධානම ඉතාමත් අඩුවේ.

මීට අමතර මේ සදහා වෙනම ගිණුමක් භාවිතය ඉතාමත් ආරක්ෂාකාරියි, උදාහරණයක් ගත්තොත් ඔබේ මුලු පඩිය ලැබෙන ගිණුම මේ සදහා භාවිතානොකර ඔබට සාමාන්‍යයෙන් මසක් සදහා අවශ්‍ය මුදල තැන්පත් කර වෙනම ගිණුමක් ආරම්භ කොට එය දිගටම පවත්වාගෙන යාම කල හැකියි, එවිට අවධානම බොහෝ අඩුයි.

ඒත් මෙතරම් බය වෙන්න දෙයක් නෑ. ඔබ පරික්ෂාවෙන් හා දැනුවත් නම් මෙම අවධානම ඉතාමත් අඩුයි. ඇත්තටම නොගිනිය හැකියි. කෙසේ වුනත් ඔඅබේ මොබයිල් එකේ ඩෙබිට් කාඩ් සෙන්ටර් එකේ ෆෝන් නම්බර් එක save කරගන්න අමතක කරන්න එපා. එවිට කාට් එක නැති වුනොත් ලේසියෙන්ම එය අක්‍රීය කරන්න පුලුවන්.

මීලගට ක්‍රෙඩිට් කාඩ් ලිපි වලින් හම්බෙමු, ඔන්න ඉල්ලීම් ඔක්කොම ඉටු කලා……………….

*** කාඩ්පත් හි ආරක්ෂා විධික්‍රම ගැන සවිස්තර ලිපි ඉදිරියට.

Advertisements

15 comments

  1. දැන් ලංකා බැංකුවෙන් පහසුකමක් තියනවා ඩෙබිට් කාඩ් එකෙන් සල්ලි ගත්තම ෆෝන් එකට එස් එම් එස් එකක් එන. ඒක හදාගත්තොත් කවුරු කොහෙන් සල්ලි ගත්තත් අපිට දැනගන්න පුළුවන්…

    හ්ම්ම් තව කියන්න ඕනේ මේක වැදගත් සීරියස් එකක්….ඒක නිසා දිගටම ලියන්න 🙂

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )