Abans එකේ පලවෙනි සතිය – උපෙ හමාරයි – II

Posted on 2011 ජූනි 27

9


ඔන්න ඉතින් අදත් ලියන්න හදන්නේ උ. පෙ. හමාරයි සීරිස් එකේ ඊලග කොටස, මතක ඇතිනේ ගිය පාර වෙච්ච වැඩේ, දැන් ඉතින් බූඩි හදන්නේ අල්ලපු වත්තයි පය ගහපු වත්තයි දෙකම නැති කරගන්න ලු. ඒත් ඉතින් එහෙම කියලාත් බැරි හින්දා අර රිස්ක් ෆැක්ටර් එකත් හිතේ තියාගෙන බූඩි ගියා අබාන්ස් එකේ දෙවැනි ඉන්ටර්විව් එකට. අනේ අපරාදේ කියන්න බෑ, මේ පාරනම් එන්න කිව්වේ ගාලු පාරේ හෙඩ් ඔෆිස් එකට. ඉතින් බූඩිත් ගියා සිංහයා වගේ, මොකද එදා පැය ගානක් තැපලා තැපලා දිනා ගත්ත දේනේ.

ගෙදරින් ටයි දාලා යන්න බැරි හින්දා ඉතින් ඕක අරන් ගිහින් ෂේප් එකේ කොහෙට හරි රිංගලා ටයි එකත් දාගෙන තමයි ඉන්ටර්විව් එකට යන්නේ. ඔන්න ඔහොම තමා මිෂන් එක දෙන්නේ. මොකද තාම බූඩිගේ ගෙදරින් වැඩේ දන්නේ නෑනේ. දැන ගත්තත් කාටද පුලුවන් ගෙදර ඉදලා ටයි දාන් යන්න නේද?

ඉතින් කොහොම හරි වෙලාවට එතෙන්ට ගියා මතක විදිහට 9:00 ට. ඉතින් ඉස්සෙල්ලා ගිය තැනටම ගිහින් අර අක්කා බාබාට විස්තරේ කියලා ගියා ඇතුලට. මෙන්න ඉන්ටර්විව් එකට තවත් එකෙක් එතන, බලද්දි පොරත් ඉන්නේ මීගමුවටම තමා, දැන් මට මාර ජුවල් මං හිතුවේ වැඩේ හරි කියලා බලන් යද්දි තව එකෙක්. බූඩි ඉතින් ගේම අතඅරින පොරක් නෙමේනෙ ඉතින් දෙන්නම් කියලා ගියා මැනේජර් ගේ කැබින් එකට, මුලින්ම ඉන්ටර්විව් එක තිබ්බේ බූඩිට.

වැඩේ නැගලා ගියා CV එකේ තියෙන හැම වචනයක් ගැනම අහලා අන්තීමේදී මොනාද ෆෝන් ගැන දන්නේ කියලා ඇහුවා. හප්පා පුතාට ඉතින් ෆෝන් ගැන කියලා දෙන්න ඕනෙයැ. දින්නා දීමක් ඇට්ටි හැලෙන්න. හැබැයි පොඩි අවුලක් මම දන්නේ Nokia ගැන විතරනේ මේ ගොල්ලෝ කරන්නේ Sony Ericson හප්පා ඉතින් ඇහුවේ නැතෑ Sony Ericson ගැන මොනාද දන්නේ කියලා. මාර වැඩේ දැන් කෙල වෙන්න යන්නේ. වෙලාවට බූඩිට පහල වුනා මාර අඩියා එකක්. බූඩි AL කාලේ පාවිච්චි කලා Sony Ericson Z200 එකක් ඉතින් ඕක ගැන හොදට මීටර් හින්දා මම කිව්වා මම Sony Ericson පාවිච්චිකරලා නම් නෑ ඒත් ඉතින් අබාන්ස් එකේ ජොබ් එක කරද්දි ඕනේ වෙන නිසා මම Sony Ericson මොඩල්ස් ගැන ඉගෙන ගන්න පටන් ගත්තා දැනට මොඩ්ල්ස් ටිකක් ස්ටඩි කරගෙන යනවා කියලා Sony Ericson Z200 එක ගැන වැමෑරුවා (මම Z200 එකක් පාවිච්චි කලා කියලා නොකිව්ව එක හොදට ගියා). ඒකේ ඇති දේ නැති දේ, තව කරන්න ඕන මොඩිෆිකේෂන් ඒක මාකර්ට් කරන්න ඕන විදිහ අප්පා පොඩි නාට්‍යයක් වගේ. දැන් මැනේජර් අයියට මාර හැපි, මට පොඩ්ඩක් එලියට වෙලා ඉන්න කිව්වා. ආ අන්තිමට අහුවා පඩිය කීයක් ඕනෙද කියලා. මට මතක විදිහට එදා පුරෝපු ෆෝම් එකේ දැම්මේ රු: 10,000/= යි කියලා. ඉතින් ඒ ගානම කිව්ව, Basic එක 5000/= කමිෂන් එක්ක 10,000/= ගන්න පුලුවන් කියලා තමා කිව්වේ. ඉතින් අවුලක් නෑ නේ. තනිකඩයෙක්ට ජීවත් වෙන්න ඇතිනේ.

ඔන්න මම එලියට ආවා කොහොම හරි විනාඩි 30 ක් විතර යන්න ඇති ඉන්ටර්විව් එකට , ටෝක්ස් දීලා මට නිකන් පිස්සු වගේ. මගේ ප්‍රතිමල්ලවයා ගියා ඇතුලට. ඔන්න බොලේ මිනිහා විනාඩි 5 කි විතර එලියේ. මිනිහා නිකන් ඊයක් වගේ ගියා මිසක් මොකද වුනේ කියලා නිවුස් එකක් ගන්නවත් බැරි වුනා.

ටික වෙලාවකින් ආයේ මැනේජ්ර් අයියා ගේ කැබින් එකට එන්නලු, පණිවිඩයක් ආවා. හප්පා මැනේජර් අයියා පටන් ගත්තා එයාගේ ටෝක් එක, එයා කොහොමද ආවේ, දියුණු වුනේ කොහොමද, වගේ දේවල් ගොඩක් අන්තිමේදී තමා කිව්වේ “ඔන්න අපි ඔයාව ජොබ් එකට තෝර ගත්තා” කියලා. හප්පා බූඩිට ඉතින් මාර හැපි, පලවැනි ඉන්ටර්විව් එකෙන්ම ගොඩ නේ.

ඊට අස්සේ ඉතින් HR එකට ගිහින් ෆෝර්ම් පුරෝලා කන්ට්‍රැක්ට් ගහලා පොලිස් රිපෝට් එකක් අරන් ඊලග සදුදා ඉදලා වැඩට එන්න කතා කරන් බූඩි මාරු වුනා. OL රිසාල්ට් ෂීට් එක එයාලා තියාගත්තා. පස්සේ ගෙදර ගිහින් සේරම විස්තර කියලා ඊලග සදුදා ඉදන් වැඩට යන්න හදා ගත්තා. ඔන්න ඔහොමයි බූඩි පලවෙනි ජොබ්ස් එකට සෙට් වුනේ. ඒ අබාන්ස් ඔටෝමේෂන් එකේ Sales Executive කෙනෙක් හැටියට.

ඉතින් අබාන්ස් එකේ ජොබ් එක ගැන මීලග ලිපියෙන් කියෝමු . .  .