WTF කෙහෙල් මල් බ්ලොග්කාරයෝ හා කෙහෙල් මල් කිවයන්නෝ

අද සිංඩිය චෙක් කොරද්දි හම්බෙච්ච ලිපියක් ගැන තමා මේ ලියන්න යන්නේ, ඒත් මේ ලිපිය ටික කාලෙක ඉදන් ලියන්න හිටපු එකක්, මේ පෝස්ට් එක නිසා ඉක්මන් වුනා. ඉතින් මොකක් ද මේ පෝස්ට් එක කෙහෙල්මල් ගැන නම් නෙමේ, මේ පෝස්ට් එක දාලා තිබ්බේ අපේ සුධාරක කොලුවා. බ්ලොග්කරුවනි, අහවල් එකක් කරනවාද? (http://blog.sudaraka.com/2011/06/27/wtf-are-you-doing-bloggers/) මාත් ඉතින් බැලුවා මේ කොලුවා මොකාටද එන්න හදන්නේ කියලා. මේ ලිපියෙන් මේ කොලුවාගේ තියෙන අදහස් ගැන වගේම බ්ලොග් ගැන පොඩ්ඩක් කතා කොරන්න හිතුවා. හැබැයි මේ ඒ ලිපියට උත්තරයක් නම් නෙමේ. මොකද ඒ කොලුවා මොකක්ද හිතේ අමාරුවකින් ඒක ලියලා තියෙන්නේ (හිතේ දුකට මුව හමට තඩිබාලා කියලා තමා හිතෙන්නේ), නැත්නම් දෙයියනේ කම්පැණියෙන් පාටි දාපුවා පත්තරේ දැම්මට මේ අහිංසක බ්ලොග්කාරයෝ මොනවා කරන්නද? අනික ඒ කොලුවම කියලා තියෙනවා දැන් බ්ලොග් කියවන්නෑ කියලා ඉතින් බ්ලොග් කියවන්නේ නැත්නම් දැන් කාලේ මොනාද බ්ලොග් වල  තියෙන්නේ කියලා කොහොමද දන්නේ.

මොනවා වුනත් ඉස්සරට වඩා  සිංහල අන්තර්ගතය අන්තර්ජාලය තුල වැඩි වීම ඉතාමත් වේගවත්. ඉතින් ඒ වගේම බ්ලොග් සංඛයාව දිනෙන් දිනම වැඩි වෙනවා. වල්පල්, කුණුහරප මේ ඔක්කොම අනිත් හරවත් දේ වගේම යම් සමාජයකට අවශ්‍යයයි. මෙය සමබරව පවත්වාගෙන යාමයි සිදුවිය යුත්තේ. සරලව කියනවා නම් බ්ලොග් එකක අන්තර්ගතය තීරණය කරන්න කාටවත් ඉඩක් නෑ. SBU සිංඩිය කියන්නේ බ්ලොග් මත යැපෙන තවත් එක සින්ඩිකේටරක් නැතිව පොලිස් කුක්කෙක් නෙමේ. තව සිංඩි බර ගානක් තියෙන්නේ අප්පා. සිංඩි ජීවත් වෙන්නේ බ්ලොග් නිසා බව මතක තියා ගන්න, බ්ලොග් නෑ කියන්නේ සිංඩිත් නෑ. ඉතින් ඕනෑම කුණුහරපයක් දාන්න, අත්දැකීම්බෙදා ගන්න, මඩ ගහන්න කෙන්ලිම කියනවා නම් ලියන්න හිතෙන ඕන දෙයක් ලියන්න. ඔබ ලියන දේ කියවන්න කැමති කට්ටිය ඔබේ බ්ලොග් එක වටේ රොක් වෙයි. ඔබ විතරක් අන්තිමේදී ඉතුරු වෙන්නත් පුලුවන්.

ඉතාම වටින දේ තමා ඇයි අපි බ්ලොග් ලියන්නේ කියන එක. ඔයාලට මතක නම් බ්ලොග් පුද්ගලීකරණය කරන්න ගිය සීන එක අන්න ඒ වගේ ඇයි බ්ලොග් ලියන්නේ.

සිංඩි බලද්දි හම්බෙන සමහර පෝස්ට් මෙලෝ රහක් නෑ, සමහර ඒවා කිසි තේරුමක් නෑ, ඔහේ ලියලා තියෙනවා. ඉතින් එහෙම කියලා ඒවා නොගැලපෙන ඒවා කියන්න කාටවත් අයිතියක් නෑ. අන්තර්ගතයට අකමැතිනම් කියවන්න එපා. මේ වගේ ලිපි දිගටම දාන කෙනෙක් නම් බ්ලොග් එක පැත්තේ එන්න එපා. මොකද ඒ ඔබේ කැමත්ත. ඔයා කැමති දේ වගේම අනිත් අය කැමතිදේත් තියෙනවා. ඔයා කියවන්න අකමැති ලිපි තව කෙනෙක් ගේ ප්‍රියතම ලිපි වෙන්න පුලුවන්. ඉතින් ඒක නිසා හරවත්, හරවත් නොවන ලිපි කියලා වෙන් කරන්න එපා. හැමදේම වැදගත්.

කතන්දරගේ බ්ලොග් එකේ ගන්න දෙයක් තියෙනවද? මොකෝ කතන්දර වෙදකම ගැන ලියනවද? තාක්ෂනේ ගැන ලියනවද? කොටින්ම කතන්දර ලොකප් කලාම අපිට මොකෝ, කතන්දර ගේ කාර් එක විකුනපුවම අපිට මොකෝ. ඒත් අපි රහ කර කර ඒවා කියවන්නේ කතන්දර අයියා ලියන ස්ටයිල් එකට ආස නිසා. මොකද ඒ කතන්දර හින්දා, අපි ටීවී බලද්දි ඩිස්කවරි චැනල් එක විතරක් බලන් නෑ නේ. නිවුස් අහනවා, රතු ඉර බලනවා. ඇයි පබා වගේ මේගා නාට්‍යයය. බේ වොච් වගේ නයිට් ටයිම් වැඩසටහන්, සුභාසිරි වගේ පිස්සු කචල් දේවල්, ඇයි දෙයියනේ හිංදි චිත්‍රපට, ඉතින් මේ ඔක්කොම කට ඇරන් බලනවානේ. ඒ වගේ තමා බ්ලොගුත්, එක එක ජාතියේ බ්ලොග්, කලවම් බ්ලොග්. නැතිව කාගෙවන් කැමැත්තට හරියන්න බ්ලොග් ලියන්න කියලා ඉල්ලන්න එපා.

තාක්ෂණය ගැන, වෙද කම ගැන, කොටින්ම කිව්වොත් අපිට වැදගත් වන දේවල් අඩංගු බ්ලොග් වැඩි වෙන තරමට හොදයි, ඉතින් ඒක ටික ටික වෙයි. අපි තවත් ඒ වගේ අය දිරිමත් කරන්න ඕනේ. එහෙම කියලා පිස්සු විකාර තියෙන බ්ලොග් වද කරන්න ඕනේ නෑ.

දැන් බූඩිගේ තීරුව බූඩි ලියන්නේ ජොලියටයි, ෆන් (වචන දෙකේම තේරුම් එකද මන්දා) එකටයි. වැදගත් දේවල් වගේම පිස්සු විකාර මෙගා ස්ටෝරිත් තියෙනවා. කාට හරි මගේ පෝස්ට් දිරවන් නැතිනම් නොකියවා හිටියට කමක් නෑ. කව්රු කියොව්වත් නැතැත් බූඩි ලියනවා.මොකද බූඩිට හිට්ස් වලින් වැඩක් නැති නිසා. හුගාක් බ්ලොග් වල කතෘ හිමිකමක් ඇහුරලා තිබ්බත් බූඩිගේ බ්ලොග් එකේ එහෙම දෙයක් නැත්තේ ඒ නිසයි. මම ලියන පෝස්ට් ගෙඩි පිටින් කොපි කරලා අලුත් බ්ලොග් එකක් පටන් ගන්න ඕන කෙනෙක්ට පුලුවන්. (බ්ලොග් එකේ දකුණු පැත්තේ CopyRights ගැන දාලා ඇති, බලන්න).

අන්තිමටම බූඩිගේ තීරුවේ තියෙන සීරිස් ගැන දාලා මේක ඉවර කරන්න හිතුවා.

මුලින්ම එන්නේ Credit Card ගැන ලියන ලිපි ටික.

ඔන්න ඊලගට බූඩිගේ AL හමාරයි සීරිස් එක.

ඒ වගේම ගුවන අරා ලිපි සෙට් එක.

කාලෙකට කලින් ගිය ශිලාචාර ලෝකයට ඉනිමග.

බූඩිගේ සමාජ මෙහෙවර ගැන ලිපි ටික

ඉතින් මෙන්න මේ වගේ ලිපි බර ගානක් අඩංගු වෙනවා. සංඛ්‍යාව අතින් ලිපි සියගානක් ඉතින් කැමති අය මෙව්වා කියෝනවා අකමැති අය නොකියවනවා. මොනා වුනත් බූඩි ලියනවා.

අන්තිම වශයෙන් අනුන් හදන්න ඉස්සෙල්ලා ඔබ හැදිලා ඉන්න, අනුන්ට අගිල්ල දික්කරන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න, එතකොට රට හදන වැඩේ ලේසි වෙයි. සුදාරක කොලුවෝ, බ්ලොග් ලියන අපිට /wtf-are-you-doing-bloggers/ කියලා අහන්න ඉස්සෙලා ඔයාගෙන්ම ඒ ප්‍රශ්නේ අහලා ඉන්න කියලා තමා මට කියන්න තියෙන්නේ. මොකද ඔයාගේ බ්ලොග් එකෙත් තියෙන්නේ ගොඩාක් (පෝස්ට් 2,3 ක් හැරෙන්න) වල්පල්, හැබැයි ඒ වල්පල් ලස්සනට ලියලා තියෙනවා. ඉතින් අපි එව්වා අසාවෙන් කියෝනවා. මොකද අපි හවසට සිංඩිය පැත්තේ එන්නේ වෙදකමවත්, IT ගැන ඉගෙන ගන්නවත් නෙමේ. පොඩි ලස්සන කතාවක්, තව එකෙක්ට වෙච්ච ෆන් දෙයක් ගැන කියෝලා ආතල් එකක් ගන්න. ඒක නිසා /wtf-are-you-doing-sudaraka/ කියලා මම අහන්නෑ. මොකද උබ තාම නව යොවුන් අවධියේ ඉන්න කොලු ගැටයෙක් හින්දා.

ඊලග පෝස්ට් එකෙන් හම්බෙමු.

පලි/ සුදාරක කොලුවා තරහා ගන්න එපා, ඔයාගේ ඔය පෝස්ට් එක ගැන මෙහෙම ලියන්න වුනාට මම ඔයාගේ අනිත් පෝස්ට් ආසාවෙන් කියෝලා තියෙනවා, වැරදක් දැක්ක නිසයි මගේ අදහස ලියන්න හිතුනේ. කියන්න තියෙන දේ කෙලින් කිව්වා.

 

 

 

 

 

 

Advertisements

19 comments

  1. “බ්ලොග් කියවන්නේ නැත්නම් දැන් කාලේ මොනාද බ්ලොග් වල තියෙන්නේ කියලා කොහොමද දන්නේ” හොද තර්කයක්.
    දැනට (මගේ දැනීමේ හැටියට ) වාරණයක් නැති එකම මාධ්‍ය තමයි සිංඩි/බ්ලොග් කියන්නේ. තමන්ට (ඕනම කෙනෙකුට) නිදහසේ ඕනම දෙයක් ලියන්න මෙහෙමහරි ඉඩක් තියන එකේ, ඒකටත් කෙලින්නනෙ අපේ එවුන් හදන්නෙ.

  2. ඈත්තටම Blog අවකාශේ අනංමනං පිරෑණාම තමා හොදට පල් වෙන්නේ… අහස වගේ Blog අවකාසෙත් නිදහස් වෙන්න ඕනේ… මොකද අහසේ ඕන කුරෑල්ලෙක්ට පියාඔන්න පුලුවන්.. කපුටට වුනත් ඒකේ තහනමක් නෑ…සීමා මායිම් නෑ…
    ඔබත් සමග ඈත්තෙන්ම එකගයි……

  3. නෑ සුදාරකගේ කතාව හරි මේක නිකන් පොලක් වාගේ කිසිම වෑදගත් දෙයක් ලියවෙන්නේ නෑ මොකක් හරි කෙට් කතාවක් තමුන් ගෑන ලියන ව්ල් පල් නිකන්ම සොෆ්ට්වේයා ගෑන කොම්පියුටර් කෑලි බෑලි ගෑන හෑමොම ලියලා වෑඩ්ක් නෑ මොකක් හරි වෙනසක් තියන දෙයක් ගෑන ලියන්න ඔනේ හරියට අපි කරන වෑඩේ වගේ නෑත්තම් ඉතින් හෑමදාම කොට උඩ තමයි
    රෙස්ලින්. lk කන්ඩායම

    • “””හරි වෙනසක් කරන්න ඕනෙම කියමුකෝ ඉතින් බං ඔය රෙස්ලින් ගැන ලියන එක වෙනසක් ද? ඔය රෙස්ලින් වලින් වැඩක් තියෙන්නේ කාටද බං? “””
      අන්න දැක්කා නේද බූඩි ලොක්කට මොන රෙස්ලින්ද ඒත් ඉතින් ආස වුන් ඉන්නවා නොවැ. උන් කියවයි. ඔබලා ලියපල්ලා මල්ලිලා මම නම් ආස නෑ ඒත් ආස වුන් කියවයි. බැනර් එකක් තියෙනවා නම් එවහං. පොඩි පබ්ලිසිටියක් දෙන්නම්. මොනා උනත් අලුත් දෙයක් කරන්න හදන උන්ට අත දෙන්න එපායැ.

  4. “අනික ඒ කොලුවම කියලා තියෙනවා දැන් බ්ලොග් කියවන්නෑ කියලා”
    බ්ලොග් නොකියවන්නෙ නෑ. හැබැයි හරිහමන් බ්ලොග් එකක් කියවලා නෑ කියලයි කියල තියෙන්නෙ. 🙂

    මම කොහෙද ලියල තියෙන්නෙ වල් පල් ලියන්න එපා කියල? :O මම කියන්නෙ වල්පල් තිබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම වල් පල් වලින් විතරක් බ්ලොග් අවකාශය පිරිල වැඩක් නෑ කියලයි තියෙන්නෙ. ගුණාත්මක අන්තර්ගතයක් බ්ලොග් අවකාශයට අවශ්‍යයි. මම කියල තියෙනව, මාත් ඇතුළුව මේ ලිපි ලියන බ්ලොග් අවකාශයේ ගුණාත්මක අන්තර්ගතය අඩුයි කියල. ඒකට මමත් වග කියන්න ඕනෙ. සරලව. එක ඇඟිල්ලක් කෙනෙක්ට දික් කරනකොට තව ඇඟිලි තුනක් මගේ දිහාට. තව ඇඟිල්ලක් කොහෙවත් නැති කෙනෙකුට. 😉 මම හැම වෙලාවෙම පිළිගන්නවා මම ලියන්නෙ වල් පල් කියල. ඒක මේ ලිපියෙත් නෙවෙයි. කලින් ලිපිවලත් එහෙමයි. 😀

    මම නැවත නැවතත් කියන්නේ, බ්ලොග් අවකාශයට වල් පල් ඕනෙ. වල් පල් වගේම ගුණාත්මක අන්තර්ගතයකුත් ඕනෙ. 🙂

    අවධාරණයෙන් සටහන කියවියයුතු තැන්:
    සාපේක්ෂව ගුණාත්මක කියවීමක් කරන්න පුලුවන්ද? මේක නිකන් හරියට ලංකාවෙ පාර්ලිමේන්තුව වගේ. ඔළු ගාණ “(මගේ ඔළුවත් ඇතුළත්ව)” කොච්චර වුනත් කිසිම ගුණාත්මක භාවයක් නෑ.

    “මේ අවකාශය ඇතුළෙ පෙම් කෙළින, බූට් කන තරුණ තරුණියෝ විතරක් ඉඳල මදි. මේකට දෙමව්පියෝ, සාදාචාරවාදීන්, රස්තියාදුකාරයින්, ගුරුවරු, වඩුවො, බේබද්දො, ගණිකාවො, සල්ලාලයො, වෛද්‍යවරු, කුකරි ක්ලාස් කාරයො, සැලොන් කාරයො අනිවාර්යයෙන්ම ඕනෙ.”

    “මේක මේ කනෙන් ඇදල බලෙන් ලියවන්න හදන ලිපියක් නෙවෙයි.”
    “කොහොමත් කනෙන් අල්ලන්න තරම් මට උස මදි.”

    “(මාත් ඇතුළත්ව අනිත් අයත් ලියන)” පුද්ගලික කතා-ස්වයං වින්දන කතා හැරුණ කොට අන්තර්ජාලයේ සිංහල කියවන්නන්ට වෙන හොඳ කියවීමක් ඇත්තේම නැද්ද?

    කනෙන් අල්ලන්න තරම් උස මදි කියන්නෙ මට ඒකට කිසිම හැකියාවක් නෑ කියන එක. මට බ්ලොග් අවකාශය පාලනය කරන්න බෑ. පැහැදිළියි නේද?


    ඊළඟට අනිත් එක. මම අන්තිමට ලියල තියෙන අතුරු කතාව (පාටි දැමීමේ කතාව) Social Media ගැන. ඒක පිටිපස්සෙ තියෙන්නෙ වෙනම කතාවක්. ඒකට අතුරු වශයෙන් බ්ලොග්කාරයොත් සම්බන්ධ නිසයි එතන සටහන් කරේ. ඒ සිදුවීම දන්නෝ දනිති.

  5. දැන් ඉස්සර වගේ තාක්ෂනික බ්ලොග් නෑ. (තාක්ෂනික කිව්වට තාක්ෂනික ගතියක් නෑ එවාගේ) එකයි සිංඩි වල කවි කතා කැපිලා පේනවා එකයි කතනදරේ එක නිසා කවි කතන්දර ලියන අයට එයාලා බයින එක වැරදි. අනික ඉස්සර තාක්ෂනික ලිපි ලියු අය කවුරුවත් දැන් කවුරුවත් කවි කතන්දර ලියන්නේ නෑ. එහෙම ලිව්වත් උබ කවි එපා මේවා ලියපන් කියලා කාටවත් කියන්න අපිට බෑ වෙන දේ බලන් ඉන්න තමයි වෙන්නේ.

  6. ඔය කතන්දරකාරයා ගේ බ්ලොග් එක නං සත පහක වැදගම්මක් නැති එකක්.
    පොරට වෙන වැඩක් නැතුවද මන්දා.
    ජොබ් එක කරගෙන, දරු පවුල බලාකියාගෙන ඉන්නේ නැතුව මෙතන අපිට කතන්දර කියන්න එනවා!

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w