පුංචි පවුල සැලසුම් කරමු – පුංචි පවුල රත්තරං

Posted on 2011 ජූනි 30

13


මේ ටිකේ බූඩි ඉන්නේ ගෙදර ඉතින් ටිකක් විතර සිවිලයිසේෂන් වෙලා තමා ඉන්නේ. නෑදෑ ඇසුර වගේම පවුලේ දේවල් වලටත් ඉස්සරට වඩා හොට දාන්න වෙලා තියෙනවනේ. අද බූඩි කියන්න යන්නේ සංවේදී කතාවක් ඇත්තටම අපේ සමාජයේ තියෙන මේ වගේ සිද්ධි දිහා අපි කොච්චර සංවේදීද කියලා මොහොතක් හිතන්න ඕනේ කාලයක් මේ.

හැමෝම ඉතින් ලොකු මහත් වෙලා එකා දෙන්න වෙනවා, ඊට පස්සේ ඉතින් කරන්න තියෙන ලොකුම දේ ඉතින් ලමයි හදන එකනේ. ඔන්න ඉතින් ඉස්සර වගේ දැන් ඉතින් ලමයි 6, 10 හදන එකක් නෑ නේ. වැඩිම උනොත් 2 යි, කලාතුරකින් තමා 3 දෙනෙක් දැන් කාලේ පවුල් වල ඉන්නේ. මම මේ කියන්නේ සාමාන්‍යයෙන් 1990 පස්සේ වගේ බැදපු ජෝඩු ගැන, 1960 ගණන් වල වගේනම් ඉතින් අඩුම ගානේ ලමයි 4 ක් වත් හදලා තමා පස්ස බලන්නේ. අපේ අම්මාගේ පවුලේත් 4 යි, තාත්තගේ පවුලෙත් 4 යි. අම්මගේ, අම්මගේ පවුලේ 8 යි. අම්මාගේ තාත්තා 12යි. තාත්තගේ අම්මගේ 6 යි, තාත්තගේ තාත්තා 9 යි. ඔන්න පේනවා නේද වැඩේ හැටි.

දැන් ඉතින් පවුල් එන්න එන්න කුඩා වෙනවා. ඔය පවුල් සැලසුම් ක්‍රම කියලා දෙයක් හින්දා තමා මේ ඔක්කොම සමහරු දොස් නගනවා. ඒත් බූඩි කියනවා වගේ පුංචි පවුලත් රත්තරං ලුනේ. ඒත් ඉතින් කවුරු මොනවා කිව්වත් දැන් නම් ලමයි 6 ක් 8 ක් ඉන්න පවුල් බේතකටවත් හොයාගන්න පුලුවන්ද කියලා බූඩිට නම් සැකයි (මේ කතාව මුස්ලිම් පවුල් වල්ට විතරක් හරියන්නෑ ඕන්). බූඩි මේ කියන්නේ 1990 වෙන් පස්සේ සිංහල සමාජය ගැන කියලා මේක කියෝන ඇත්තො සිහිතියා ගන්න ඕනේ.

ඇත්තටම මේ පවුල කුඩා වුනේ ඇයි?

බූඩි හිතන විධිහට මේකට බලපෑ කරනූ ගොඩාරියක් තියෙනවා. ඒ කරු ණු මොනාද කියලා බලන්න ඉස්සෙල්ල මොකක්ද මේ පවුල් සැලසුම් ක්‍රමේ කියන්නේ කියලා බලලා හිටියානම් හොදයි කියලා තමා බූඩි හිතෙන්නේ. සිංහලෙන් කිව්වොත් ඉතින් Family Planning. මොකක්ද මේ ?

ඔන්න පිරිමියෙකුයි ගෑනු කෙනෙකුයි කසාද බදිනවා (තාම ඉතින් සම ලිංගික කසාද ලංකාවේ නෑ නොවෑ). ඉතින් ඊට පස්සේ ලමයි හදනවා. ගෙයක් දොරක් හදන එක ඇරෙන්න වෙන ඉතින් හදන්නේ බබාලනේ. සමහර අයට ඉතින් බැදලා අවු. 4, 5 ගියත් බබාලා නෑ. සමහරු බබාලට කැමති නෑ. සමහරු ගෙයක් දොරක් හදලා ඉවර වෙනකම් බබාලා හදන් නෑ. ප්‍රශ්න ගොඩයි.

ගෙයක් හදන්න අපි කොච්චර වෙහෙසෙනවද? ප්ලෑන් අදිනවා, ඇස්තමේන්තු කරනවා, අරක හොදද මේක හොදද හොයලා බලනවා, වැඩ ගොඩයි. බදින්න ඉන්න ගොඩාක් අය හීන දකින්නේ බැදලා ගෙයක් දොරක් හදාගෙන දරු මල්ලො එක්ක ලස්සනට ඉන්න. ඉතින් ගෙයකට වඩා වටින දරු මල්ලො හදන්න අපි ඇයි ප්ලෑන් කරන් නැත්තේ. ඇත්තටම දැන් බදින හුගාක් දෙනෙක්ට එයාලගේ අනාගතේ ගැන හරිම ප්ලෑන් එකක් නෑ. පොරොන්දම් බලනවා වගේ මේවත් වැදගත් දේවල්. ඒත් කීයෙන් කීදෙනාද මේ ගැන උනන්දු. ඔන්න ඔය වගේ පසු බිමක් තුල තමා මේ පවුල් සැලසුම කියන එක වැදගත් වෙන්නේ.

මේ පවුල් සැලසුම බබාල හදන එකට විතරක් කොටුවුන දෙයක් නෙමේ. මේක ඉතාමත් පුලුල් දෙයක්. කොටින්ම කිව්වොත් වෙඩින් එක ගන්න තැන ඉදලා දෙන්නම මේලෝකෙන් සමුගෙන යනකන් මේ දේ අදාල වෙනවා.

මේ සැලසුම ඕගොල්ලෝ බැන්දට පස්සේ කරන්න යන දේවල් මත රදනවා. ඒ කියන්නේ ඔයාලගේ සමාජ තත්වය උඩ. උදාහරණයක් ගත්තොත් ඔයාට ගෙයක් දොරක් තියෙනවා නම් ආයේ එකක් හදන්න ඕනේ නෑ. ඉතින් ඔයාට ගෙයක් හදන්න ඕනේ නෑ. ඉතින් ඒ ගැන සලසුම් කරන්න ඕනේත් නෑ. ඒත් ඔයාට වාහනයක් නෑ. දැන් කාලේ ඉතින් වාහනයක් නැතිව බෑ නේ. (අපේ කතාන් දර ගෙන් අහන්න බොරු නම්) ඉතින් මේ ගැන ඔයා සැලසුම් කරන්න ඕනේ. හරි ඔන්න ඔහේ කවද හරි පුලුවන් වුනාම වාහනයක් ගන්නවා කියලා හිතපුවම හරිද? ඔයාගේ පඩියෙන් ටිකක් ඉතිරි කරලා තව අවුරුදු 5 කින් වාහනයක් ගන්නවා කියලා හිතන් ඉන්නවා. ඒත් ඔයා තව අවු. 3 කින් ලමයෙක් හදන්න ඉන්නේ. ඔන්න ඉතින් නෝනට ලමයා හම්බෙද්දි වාහනේ තිබුනනම් කොච්චර ෂෝයිද නේද? (බූඩි කියන්නේ බොරු නම් අපේ කතාන් දර ගෙන් අහන්න). ඔන්න ඔය නිසා තමා අපේ මේ පවුල් සැලසුම් කරණය කියන දේ ඉතාමත් වැදගත් වෙන්නේ. හැම දෙයක්ම එකිනෙකට බැදිලා තියෙන නිසා මේ හැම දෙයක්ම ගැන හිතලා අපේ පවුල සැලසුම් කලා නම් මරු නේ.

බදින්න ඉස්සෙල්ලා අත් අල්ලන් හදන ලම්යි ගැනයි ගන්න වාහනේ ගැනයි කතා කරන කොල්ලයි කෙල්ලයි බැන්දට පස්සේ මේ දේවල් ගැන කතා කරන්නේ කොච්චර අඩුවෙන්ද? හිතේ තියා ගත්ත සැලසුම් වලට අනුව වැඩ කරගෙන යනවද කියලා හොයලා බලනවද? තියෙන ප්‍රශ්න ගැන කතා කරනවද? ඔන්න ඔය හැම එක්කටම තමා පවුල් සැල සුම කියන්නේ.

පවුල් සැලසුම් වලදී ලමයි හදන එකට විෂේශ තැනක් හිමි වෙලා තියෙනවා, මොකද මේක ඉතාමත් පරිස්සමේන් සැලසුම්කල යුතු දෙයක් නිසා. ගේ හදද්දි වැරදුනොත් ගේ කඩනවා. ඒත් ………………………………………….

ඒ නිසා මුලින්ම සැලසුම් කල යුත්තේ දරුවන් හදන එක ඒක පාදක කරගෙන ඉතිරිය ගොඩ නගන්න පුලුවන්. දරුවන් අතර නිසි පරතරයක් ඇති කර ගැනීම ඉතාම වැදගත්.  ඒ වගේම නිසි කලට වේලාවට ලමයින් හැඩීමට යොමු වීම ඉතාමත් වැදගත්. නැතිනම් පස්සට කරදර ඉතාමත් වැඩියි. මොකද දරුවන් ලැබීමට ඇති හැකියාවා හෙවත් සරු බව ජීවිත කාලය පුරා පවතින්නේ නෑ. කාන්තාවන් වයස 27, 28 ඉක්මවීමට පෙර මේ ගැන උනන්දුවීම ඉතා වැදගත්.

හප්පා ලියනව ලියනවා ඉවරයක් නෑ දිග වැඩි වුනාම සාටර් නේ, ඒක නිසා මෙතනින් මතු සම්බන්ධයි කරන්නම්.

*** කාටුන් එක http://www.chinadaily.com.cn/english/doc/2005-12/16/xin_511202160914373156838.jpg ගෙනි