අතරමග නොඉද කතරගම යන්න ප්ලෑන් කරමු

Posted on 2011 ජූලි 1

6


හප්පේ දන්නේම නැතිව 2011 හෙන් 1/2 ක්ම ගෙවිලා ගිහින්, තව ඉතුරු වෙලා තියෙන්නේ මාස 6 යි,  ඔය ටිකත් ගෙවිලා යයි. එතකොට 2012, ඊටත් පස්සේ 2013 එයි. අපි ටික ටික වයසට යනවා.  තාම මොන්ටිසෝරි ගියේ අද ඊයේ වගේ වයසට යනවා තේරෙන්නේ නෑ. හරි පුදුමයි. ඊයේ පෝස්ට් එකක් දැම්ම නිසා අද එකක් දාන්න නම් හිතන් හිටියේ නෑ. ඒත් අද මාසේ පලවෙනිදා හින්දා හිතුනා බ්ලොග් එකෙත් වැඩ ඇල්ලුවොත් හොදයි කියලා.

බූඩිගේ අවුරුද්ද පටන් ගන්නේ ජනවාරි 1 නෙමේ. බූඩි සලකන විදිහට බූඩිගේ මූල්‍ය වර්ෂය පටන් ගන්නේ අගෝස්තු 1 වැනිදා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමා බූඩිගේ ජන්ම දිනය, ඒ කියන්නේ බූඩිගේ අම්මයි තාත්තයි ගෙයි කරුමේ පටන් ගත්ත දිනය වැටෙන්නේ ඔය අගෝස්තු මාසේ හින්දා. මොනා වුනත් අවුරුද්ද ඉවර වෙන්න තව තියෙන්නේ මාසයයි. ප්ලෑන් කරපු ගොඩාක් දේවල් කරගත්තා වුනත්, ඉතිරි වෙච්ච වැඩ ටිකක් තියෙන ඒක තමා බූඩිට මේ දවස් වල තියෙන අප්සට් එක. ඒ වගේම ඊලග අවුරුද්ද ප්ලෑන් කරන භාරදූර්යය කටයුත්තත් වැටෙන්නේ මේ මාසෙට. ඉතින් ඒ ගැන හිතන්නත් ඕනේ.

ඔයාලා කීදෙනෙක් මේ විදිහට ප්ලෑන් කරනවද? මං දන්නවා ගොඩක් කියයි ඔව් කියලා, සමහරු කියයි මොන ප්ලෑන්ද එන හැටියට තමා වැඩ කියලා. ඒත් මේ විදිහට ප්ලෑන් කරපුවම ඉලක්ක වලට යන්න හරි ලේසියි. අවුරුද්ද ඉවර වෙලා හැරිලා බලද්දි හිතට දැනෙන්නේ මාර ජොලියක්. “”මම මෙච්චර දේවල් කලා මේ ටික ඉතුරුයි””, “”මේ ටික කර ගන්න බැරිවුනා. ඊලග අවුරුද්දේ තව ටිකක් මහන්සි වෙලා මේ ඔක්කොම කරනවා””. අන්න ඔය වගේ ඉලක්ක වලට ලගා වෙන්න මේ ක්‍රමෙන් හරිම ලේසියි.

ඒ වගේම තමා ඔයාගේ ශේෂ පත්‍රය, සිංහලෙන් කියන්නේ Balance Sheet එක කියලා. ඉතින් ඔන්න ඕකත් බලන්න. කොච්චර වියදම් කරලද, කොච්චර හොයලද. “”අපරාදේ මේ වියදම කලේ””. “”මීට පස්සේ නම් මේක ඉතුරු කරනවා””. “”තව මොනවහරි කරලා තව ටිකක් ඉතුරු කරන්න ඕනේ. මේ ටික ඉන්වෙස්ට් කලා නම් හරි””. අන්න ඔය වගේ තීරණ අරගන්න මේක උදව් වෙයි.

එච්චරද ඇයි සමාජ සේවය. ඒ ගිණුමත් බලන්න. ෂා මේ ටිකේ ගොඩක් වැඩක් කරන්න බැරි වුනානේ. “”මේ අවුරුද්දෙනම් මොනවා හරි කරන්න ඕනේ. සන්සල/ පල්ලිය එක්ක මීට වඩා කනෙක්ෂන් තියා ගත්තොත් හොදයි””, අන්න ඔය වගේ දේවල්.

ඉතින් ඒක නිසා අවුරුද්දම සැලැස්මක් ඇතිව ගත කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.

මේ ගැන හිතලා බලන්න, තව පෝස්ට් එකකින් අලුත් මාසේ හම්බ වෙමු.

පලි- මොනා කීවත් ලංකාවේ ප්ලෑන් එකක් හරියට කරගන්න මාර අමාරුවක් තියෙන්නේ. මොකද හරියට කිසිම දෙයක් වෙන් නැති නිසා. හිටපු ගමන් එක එක කරදර කඩා වැටෙනවා. ඔය කැම්පස් වල දැන් තියෙන ස්ට්‍රයික් එකත් ඒ වගේ. ඒ වුනත් අපි ප්ලැන් කරලා වැඩ කරන්න ඉගෙන ගමු.

 

Advertisements