අලුත් ඉස්කෝලේ – 6 න් එහා – 1

Posted on 2011 ජූලි 3

4


බූඩි ඉතින් පොඩි කාලෙ ඉදලම ඉස්කෝල බර ගානකට ගියා. ශිෂ්වත්තේ එක ඉස්කෝලෙක,  6-11 වෙනකම් තව එකක, ඇයි ඉතින් උසස් පෙලට තවත් එකක. ඇත්තටම මොහෙම ඉස්කෝල බර ගානකට යන එකනම් ඉතාම වටින දෙයක්. මොකද එතකොට දන්න අදුරන අය ගොඩාක් නේ.

කොහොම හරි බූඩි 6 වසරට ගියෙ අලුත් ඉස්කෝලෙකට, මාදම්පෙ සේනානයක ජාතික පාසල තමා ඒ. හුගාක් අය දන්නේ වොලිබෝල් නිසා. කොහොම හරි ඕක ඔය බණ්ඩාරනායක ලොක්කා හැදුව මධ්‍ය මහා විද්‍යාල ගානෙන් එකක්. බූඩිගේ අම්මත් උසස්  පෙල කරලා තියෙන්නේ ඔය ඉස්කෝලෙන්ලු. ඉතින් ඒක හින්දා 6 වසරේ ඉදලා බූඩි ගියෙ ඔය ඉස්කෝලෙට.

මේ ඉස්කෝලේ පටන් ගන්නේ 6 වසරෙන්, ඉවර වෙන්නේ 13 න්. ඉතින් 6 වසරට ලමයි ගන්නේ ශිෂ්වත්තෙන් වගේම තරග විභාගයක් තියලා. ඉතින් බූඩිට මතකයි බූඩි පලවෙනියටම ස්කෝලෙට ගියේ ඔය විභාගෙට, ඊට ඉස්සෙල්ලා බූඩිගේ අම්මා බූඩිත් අරං ගිහින් තියෙනවා කියලා බූඩිගේ අම්මා කිව්වට ඉතින් බූඩිට නම් ඔව්වා මතක නෑ ඕං. ඔය විභාගේ තියලා ගන්නේ ශිෂ්වත්තෙන් ලකුණු අඩු අයව. මට මතක විදිහට ඉස්සර අපේ දිස්ත්‍රික්කේ පාස් මාක් එක වුනේ 117. ඉතින් ගොඩක් ලකුණු නැති නම් මේ විභාගේ පාස් වෙලා තමා ඇතුලට එන්න ඕනේ. පාස් වුනත් මදි රෑන්ක් එකක් තියෙන්න ඕනේ. ඔය කාලේ ශිෂ්වත්තේ ලකුණු එන්නේ අලුත් අවුරුද්ද පටන් ගත්තට පස්සේ.

බූඩි ඉතින් ශිෂ්වත්තේ ලියලා ඔය විභාගෙට ලිව්වා ඒ අවුරුද්දෙම දෙසැම්බරි වල එතකොට ශිෂ්වත්තේ ලකුණු ඇවිල්ලත් නෑ. ඒත් ඉති විභාගේ කෙල වුනොත් කියලා වෙන්න ඇති බූඩිගේ අම්මා මේක සෙට් කලේ. ගණන් පේපර් එකයි කොමන් සෙන්ස් පේපර් එකයි. තාම මතක් තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි. ඒ “කෙම්මුර දවස්” මොනවාද? කියලා අහලා තිබ්බ ප්‍රශ්නේ. ඉතින් කොහොම හරි ඔය විභාගේ පාස් වෙලා බූඩි ගියා ඔය ඉස්කෝලෙට. කොහොම හරි ශිෂ්වත්තේ ප්‍රතිපල  එද්දි මම ස්කෝලෙට ඇතුල් වෙන්න සිදුසුකම් සපුරාලා ඉවරයි, මතක විදිහට ලියුමත් හම්බෙලා තිබ්බේ. බූඩිගේ අම්මා ඉස්කෝලේ ආදි ශිෂ්‍යයය සංගමේ ක්‍රියාකාරී සාමාජිකාවක් නිසා කොහොමත්අමාරු වුනේ නෑ.

මාව වැටුනේ 6 සී පන්තියට දන්න අදුනන එකෙක්වත් නෑ. මොකද මම මුලින් ගියේ කුරුණෑගල දිස්ත්‍රික්කේ ස්කෝලෙකට ඉතින් මේ ස්කෝලේ තියෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කේ. ඉතින් මං එකෙක්වත් දන්නේ නෑ. කොහොම හරි මාර ශෝක්. ටික කාලයක් යද්දි කට්ටියම බූඩිගේ යාලුවෝ වුනා. වෙලාවට රැග් ඒ කාලේ තිබුනේ නෑ.

6 වසරේ ඉතින් කියන්න තරම්ම දෙයක් නෑ, ඔහේ ඉගෙනගෙන ගියා. හුගාක් වෙච්ච දේවල් මේ වෙනකොට අමතක වෙලා. කස්ටිය ආයේ සෙට් වුනාම තමා ඉතින් ඔක්කොම මතක් කරගන්න පුලුවන්.

6 සී පන්තියේ සෙට් වෙච්ච යාලුවෝ ගොඩාක් අතරින් ජෙමා, කවියා, මුදියා, බක්කා, නිසලා, අරවින්ද, ඉසුරු පැතුවා, දිනේශයා, තිලිණයා වගේ බොක්කවල් මතක් වෙද්දිත් මාර ජොලියක් තියෙන්නේ. ජෙමා ගැන නම් කියන්නම ඕනේ, පොර බඩෙක්, ඒ කියන්නේ මහත පොරක්. ගිය දවස් වලම මිනිහා මට සෙට් වුනා, බලද්දි මිනිහයි මායි ඉපදිලා තියෙන්නේ එකම දවසේ. තව කොච්චර හිටියද, හප්පා ඒත් මේ බූඩි ගේ මතකෙට එන්නෑ නේ. මතක් වෙන සෙට් එක දැම්මා. සමහර වුන්ගේ නික් නේම් නම් අමතකත් වෙලා.

මේ ස්කෝලේ හිටිය අවු. 5 ට වෙච්ච දේවල්, ජීවිතේ ඒ කාලේ මොන තරම් සුන්දරද අප්පා. කියලා වැඩක් නෑ. කිසිම බරක් පතලක් නැතිව සැහැල්ලුවෙන් ගෙවිලා ගිය ඒ කාලේ මතක් වෙද්දිත් හරි ආසයි. බූඩි මේ ගැන ලියන්න පටන් ගත්තේ හේතු දෙකක් නිසයි.

එකක් තව ටික කාලයක් යද්දි කාලයත් එක්ක බූඩිට මේ දේවල් ගොඩක් අමතක වෙන්නත් පුලුවන්, ඒක නිසා කොටලා තියන එක වටිනවා. ඊලග හේතුව වෙන්නේ මේ කාලේ ගැන ලියන එක මාර ජොලි. එක එක දේවල් දිගේ අතීතෙට යද්දි පොඩි ෆිල්ම් එකක් වගේ ඔක්කොම මැවිලා පේන්න ගන්නවා. මේ පෝස්ට් එක ගැන ලියන්න හිතද්දි ඒවා මතක් කර කර මනෝ ලෝකෙක ඉන්න පුලුවන්. ඒක කොච්චර සුන්දරද.

ඉතින් මේ සීරිස් එක මම මටම ලියන සීරිස් එකක් කියලා හදුන්වන්න කැමති ඒ නිසයි. කැමති අය කියෙව්වට බාධාවක් නෑ. හැබැයි මේ සීරිස් එකට අකමැති නම් අනිත් දවසේ කියවන්නැතිව මග හරින්න කියලා ඉල්ලනවා.

ඊලග පෝස්ට් එකෙන් 6 වසරේ  අවසානයේ වුන වැදගත් සිද්ධි ටිකක් ගැන කතා කරමු.