මම තාම පණපිටින් ඉන්නෝ – කාලෙකට පස්සේ

Posted on 2011 ජූලි 14

3


මතක ඇතිනේ මම තමා බූඩි, හරියටම හරි අර පිස්සු පෝස්ට් දාන පොරක් හිටියේ බ්ලොග් එකක් අටෝගෙන, අන්න ඒ පොර තමා. කොහොම හරි ඔය බ්ලොග් එක කියවන අය හොයලා  බලන්න ඇති මූට මොකද වුනේ කියලා පහුගිය දවස් ටිකේ, මොකද සතියක් විතර ඇති දැන් ආගිය අතක් නැති නිසා. කලබල වෙන්න කාරී නෑ, බූඩිව කව්රුත් ඉස්සුවේ නම් නෑ තාම, අර සුදු වෑන් වලින් ඇවිල්ලා. ඉස්සරහට මොනා වෙයිද දන්නේ නෑ.

පහු වෙච්ච දවස් ටික නම් කියලා වැඩක් නෑ හප්ප මාර ජර මර. මුලින්ම ආවේ POP එක, දැන් බලනවා ඇති මොකක්ද යකෝ මේ කියලා. POP කියන්නේ Pre Orientation Program කියන එකනේ. ඔව් ඔව් අර අහවල්ලු කියන ආමි ට්‍රේනින් එක තමා. ඔන්න ඉතින් ඔකේ පුහුනු වැඩමුලුවක් තිබුනා දවස් තුනක, මහරගම තමා තිබ්බේ. දැන ගන්න හම්බුනේ හරියට දවස් දෙකකට විතර කලින්. ඉතින් මොනා කරන්නද බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දවස් ටික ගෙවුනේ ඔන්න ඕකේ. ඊට පස්සේ ඉතින් වීක් එන්ඩ් එක.  POP එක ගැන පස්සේ විස්තර කියන්නම් කෝ.

දෙයියනේ කියලා ගෙදර ආවා විතරයි මෙන්න අර ඇස් ලෙඩේ හැදිලා. හප්පා ඒකත් හොද කරගන්න තව දවස් තුනක් ඉන්න උනා. මේ බදාදා වෙද්දි ගොඩ ආවාත් ඊලග ඔන්න ඒක අපේ පිය තුමාටත් හැදිලා. අලි මදිවට හරක් හරක් මදිවට බල්ලො කිව්වලු. සත්තු වත්තක්ම තියෙනවා. මේ ලෙඩේ හැදුනම මල වාතයක්, කියලා වැඩක් නෑ, හැබැයි දවස් තුනක් යද්දි ගානට හොද වුනා. ඇස් දෙක කොච්චර ඕනේද කියලා දැනෙන්නේ මේ වගේ ලෙඩක් හැදුනම තමා. කිසිම දෙයක් නොකර දවස් තුනක් නිදාගන්න නම් හම්බුනා. පොතක් කියවන්න ඒ වගේම ලැප්ටොප් එක ඇල්ලීම තහනම් වුන නිසා ජීවිතේ තවත් එපා උනා, ඊට හපන් ඇස්වල රිදිල්ල. මේ ඔක්කොම අස්සේ දවස් ටික නිකම්ම ගෙවිලා ගියා. ඊට පස්සේ ඉතින් ගෙදර වැඩ කරන්නත් අපේ පියතුමාට සාත්තු කරන්නත් වුනා. බූඩි ඉතින් තාත්තා වගේම කුක් කෙනෙක් නිසා කාලා හිටියා අවුලක් නැතිව. මොකද අම්මත් ඉතින් වැඩට යන හින්දා උයන වැඩේ කරන්න අමාරුයිනේ. ඉතින් බූඩි පොඩි සප් එකක් දුන්නා.

මේ දවස් වල ට්‍රයි එකක් දෙන්නේ පහු වෙච්ච වැඩ ටික ගොඩ දාන්න, ඊට පස්සෙ ඉතින් සුපුරුදු පරිදි බොලොග් එක කොටන්න පටන් ගන්න ඕනේ.

කියන්න අමතක් වුනා මාර සීන් එක කියන්නේ බූඩි ලගදි ඉදන් ලියන්න පටන් ගත්තා නේ බූඩිගේ ඉස්කෝලේ ගැන, 6 වසර ගැන. ඉතින් මතක නම් ඒකේ හිටපු ජෙමා හම්බුනා බස් එකේදී ගෙදර එද්දි සිකුරාදා. හප්පා බලද්දි පොර බූඩිගේ තීරුව කියෝනවාලු, අම්මපා මන් දැන් ගත්තේ එදා. (දැන් ඉතින් හිතේ හැටියට පොරට බනින්න හැම්බෙන්නෑ.😦😉 ) ඇස් ලෙඩේ නිසා බූඩි යාලුවත් එක්ක යන්න දාගෙන තිබුනු ගමනත් කැන්සල් කලා. ඒක තමා හෙනම අපරාද වැඩේ. මොනාවුනත් බූඩිට යාලුවා හම්බුනේ මාර කාලෙකට පසේ හරියටම කියනවානම් අවු. 2 කට විතර පස්සේ. මොනා කරන්නද ඉතින්. මේ කස්ටියගේ වැඩ ඉතින් ඉස්සරහට කියවන්න පුලුවන් වෙයි.

තව දෙයක් එදා සිකුරාදා ගෙදර එද්දි බස් එකේ තවත් මිත්‍රයෙක් සෙට් වුනා නොවෑ. මිත්‍රයෝ හම්බෙන එක මංගල කාරණාවක්, දෙයියො බුදුන් දැක්කත් යාලුවෝ දැක්කම එන කික් එක බූඩිට නම් එන්නෑ ඕන්. යාලුවත් යාලුවගේ වයිෆරෙත් මේ අවස්තාවේදි මතක් කරන්න ඕනේ. මොකද විශේෂයෙන්ම ඔය යාලුවගේ වයිෆරේ බූඩිට හුගාක් උදව් කලා බූඩි, බූඩිගේ වයිෆරේ එක්ක කොක්කක් දාගත්තම ඒක ශේප් කරගන්න. හප්පා දැන් ඒ ඔක්කොම අතීතෙට එකතු වෙලා. ඒ වගේම මේ පිංවත් යුවලට ස්තූති කරන්න ඕනේ බූඩිගේ බස් ගමනය අනුග්‍රහය දක්වපු එකට. ඒ වගේම බූඩිගේ අනිත් යාලුවා, අපෝ මේ වැඩේ හරියන්නෑ අපි පොරට බඩා කියලම කියමු (ඌ මේක කියෝලා මාව පරලොව යැව්වොත් නම් සොරිම තමා, සිරාවට කියන්නේ පොර චන්ඩියා, චන්ඩි කම් ඉස්සරහට කියවන්න පුලුවන්).  ඒ වගේම බස් ගමනට අනුග්‍රහ දුන්නු අපේ බඩාවත් මේ අවස්තාවේදී ඉතාමත් ආදරෙන් සිහිපත් කරන්න ඕනේ. කාලෙකින් හම්බෙච්ච හින්දා පැය එකහාමාරක් විතර පට්ට කයියක් ගහන්න අමතක් වෙන්නෑ නේ.

මොනා වුනත් ඒකාකාරී ජීවිතයෙන් මිදිලා පොඩි ෆන් එකක් ගන්න මේ POP එක නම් උදව් වුනා. ඒත් මේ කෙහෙල්මල් ලෙඩේ හින්දා ඒකත් නැති වුනා, දැන් ආයෙත් පටන් ගත්ත තැන. හරියට නිකන් රොස් වෙච්ච පරිප්පු හොද්දක් වගේ. ඔන්න ඔහොමලු උනා කියන්නේ.

ඉතින් මේ වැඩ ගොඩෙන් ශේප් වෙලා ඉක්මනටම බොරු ටිකක් ලියන ඔයාලාගේ වටිනා ක්ආලය කන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරමින් මම නවතිනවා.

පලි: අපිට ලෙඩක් හැදුනම බලාගන්න කව්රු හරි ඉන්න එක කොච්චර දෙයක් ද? කාත් කවෘත් නැතිව අසරන වෙලා ඉන්න අයට කටට වතුර ටිකක් වත් දාන්න කව්ද iන්නේ අසනීප වුනාම,මේ දේවල් වල අගේ තේරෙන්න අසනීප වෙලාම බලන්න ඕනේ.