Abans එකේ ජීවිතේට තිත – උපෙ හමාරයි – III

Posted on 2011 ජූලි 18

11


හප්පා ගොඩ දවසකට පස්සෙ පොඩි නිවාඩුවක් හම්බවුන හින්දා හිතුවා ඔයාලාගේ කාලේ පොඩ්ඩක් නාස්තිකරන්න පොඩි පෝස්ට් එකක් දාන්න. ඔන්න ඉතින් ඕ ගොල්ලන්ට මතක ඇතිනේ Abans එකේ වැඩේ සෙට් වුන විදිහ බූඩිටන් කියෝපු නැත්තන්ටමෙන්න මේ ලින්ක් එකෙන් පලවෙනි කොටසත්, දෙවැනි එකෙන් ඊලග කොටසත් බලන්න පුලුවන්. ඉතින් මේ ලිපිය වෙන් වෙන්නේ ඒකේ ජීවිතේ ගැන කියන්න.

ඔන්න කොහොම හරි බූඩි පොලිස් රිපෝට් එහෙම අරගෙන සදුදා සේවයට වාර්තාකලා ඒ අර මැනේජර් අයියා ලගටම තමා. මං ඉතින් වැඩේට අලුත් නිසා සතියක් ට්‍රේනිං වෙන්න දැම්මා ඒ ඩුප්ලිකේෂන් පාරේ “නෙක්ස්ට්” අබාන්ස් ප්‍රදර්ශනාගාරේ තියෙන මොබයිල් ෂොප් එකට. හප්පා මාර කට්ට ඒක; පලවෙනි දවස ඉතින් වැඩේ මොනිටර් කරන්න තමා තියෙන්නෙ. ලහිරු කියලා අයියෙකුයි, ආ තව අක්කියෙක් හිටියා නම මතක නෑ නේ. ඉතින් ඔන්න දෙවෙනි දවස තියෙන්නේ ප්‍රැක්ටිකල්, හප්පා මුන් අහන දේවල්, කැමරාද, ත්‍රී ජී ද, අරකද මේකද තමා. පස්සේ ඉන්වොයිස් දාන්න, ඕඩර් දාන්න වගේ දේවලුත් පුරුදු වුනා. ඊලගට සිකුරාදා අලුතින් ගත්ත ඔක්කොටම පොඩි ලෙක්ච්ර් එකක් දීලා එක එක දේවල් ටිකක් කියලා දුන්නා. බඩ පිරෙන්න ලන්ච් එකක් දෙන්නත් අමතක කෙරුවෙ නෑ අපේ ලොක්කා.

ඔන්න ඔහොමයි වැඩේ, ඊට පස්සේ සෙනසුරාදා ඉදලා මීගමුවේ. වැඩේ නැගලා ගියා. ඔය ස්ටේෂන් රෝඩ් එකේ තැනක තමා ෂොප් එක තිබුනේ. කරන්න මහ ලොකු වැඩක් තිබුනේ නෑ. කස්ටමර්ස් ලා ගොඩකුත් නෑ, සමහර දාට කොල්ලො කුරුට්ටො ටිකක් එනවා, උන්ටත් ඉතින් සර් කියන්න ඕනේ, සමහර දාට ඔන්න එනවා පප්පලායි ඇන්ටිලායි, හප්පා ඒ ගොල්ලන්ට දෙයක් තේරුම් කරන්න තියෙන අමාරුව, ප්‍රශ්න කෝටියයි. හැබැයි කොල්ලන්ට සාපේක්ෂව අන්කල්ලා ඇන්ටිලා බලලා ෆෝන් එකක් ගන්න එක ටිකක් ෂුවර්, ඔය අතරේ ඉතින් පොඩි කෑල්ලක් දෙකක් නැතුවමත් නෙමේ. ඒවගේ කෙනෙක් ආවම මුලු ෆෝන් ෂොප් එකේම තියෙන ෆෝන් ටික පෙන්නලා තමා යවන්නේ. කෙල්ලො ආස කරන ඔස රෝස පාට ස්ලිම් ෆෝන් එකක් තිබුනා. ඒක හරිම පොප් මට මොඩල් එක මතක නෑ. හුගක් ගෑනු තොමෝ Soney Ericson ගන්න කැමති කරවන්න කියන්න තියෙන්නේ ඒකේ Sound කොලිටි එක ගැන තමා. මොනා උනත් ඉතින් වැඩේ ශේප් එකේ කරගෙන හිටියා සති දෙකක්. දැන් සති තුනයි.

ඔන්න ඔය අතරේ තමා HSBC එකට banking Trainees ලා ගන්න යන්නේ කියලා බූඩිට නිවුස් එක ආවේ. බූඩිට වෙලාසනින්ම නිව්ස් එක ආවේ බූඩිගේසහෝදර ප්‍රේමියෙක් ඇතුලේ නිසයි. ඉතින් ඔය Banking Trainees ලා ගන්න පිට දාලා ටෙම්පරරි Credit Card Marketing පැත්තට පැන ගන්න පුලුවන් වුනා බූඩිට. හැබැයි මොන සප් එක තුබුනත් ඉතින් ඉන්ටවිව් එකට මූණ දාන්න ඕනෙනේ. ඉතින් ඔන්න ඒ ඉන්ටර්විව් එකටත් බූඩි ගියා. ඒකත් වෝකින් ඉන්ටර්විව් එකක් තිබුනේ ඔය Grand Oriental Hotel එකේ යෝක් ස්ට්‍රීට් එකේ තියෙන සිදු පාට හෝටලේ. BT ඒ කියන්නේ Banking Trainees ලා ගන්න තමා ඔය ඉන්ටර්විව් එක තිබුනේ. ඔන්න ඉතින් ඉස්සෙල්ලා පාඩමක් ඉගෙන ගත්ත හින්දා වෙලාසනින්ම ගියා සොට් එකට. පොඩි නිවාඩුවක් දාලා තමා ගියේ මොකද ඒක සතියෙ දවසක තිබ්බේ.

මේක අරකට හපන් මාර සෙනගක් කියලා වැඩක් නෑ. මම ඇතුලට යද්දි 2, 3 වෙලා තියෙන්න ඇති, කොහොම හරි ඒක ඉවර වෙලා අවිල්ලා දවස් දෙකකින් වැඩට එන්න කියලා කෝල් එකක් ආවා. ඉතින් අබාන්ස් එකේ ලයිෆ් එකට ටටා කියලා HSBC එකට ගියා. ඒකෙත් මුලින්ම තිබ්බේ ට්‍රේනින් දවස් 4 යි. මාකටිං වගේම ක්‍රෙඩිට් කාඩ් වල වංහුං එක්ක. ඊට පස්සෙ තමා ජොබ් එක. ටෙම්පරි හින්දා පඩි නෑ, කොමිස් විතරයි. ඒ වුනත් ඉතින් බූඩි මේ ජොබ් එක නිකන් රත්තරං වගේ. මොකද Credit Card Promotion වලට එක එක ආයටතන වලට යන්න සෙට් වෙනවා, ඉතින් එහෙම ගියාම සෑහැන දෙනෙක් අදුන ගන්න චාන්ස් එක හම්බෙනවා. ඉතින් හම්බෙන ගානට වඩා ඒකයි ඒ වගේම ෆන් එකයි හින්දා බූඩිට මේ ප්ලේස් එක අල්ලලා ගියා.

ඔන්න ඔහොමයි අබාන්ස් එකට ආයුබෝවන් කියලා බූඩි Credit Card විකුනන්න බැංකු ගත වුනේ. මාසයක් කම්ප්ලීට් කරගන්න හම්බුනේ නැති නිසා අබාන්ස් එකෙන් තඹ සතයක් ගන්න බැරි වුනා. අතින් කාලා හරක් බලනවා කියන්නේ ඕක තමා ලු. හැබැයි එහෙම බැලුවත් ඉතින් ඔය ජොබ් කට්ට නිසා ජීවිතේට ලන් කරගත්ත දේවල් ගොඩායි කියන්න පුලුවන්. හැම දෙයක් ඉගැනීමක් කියන්නේ අන්න ඒකයි. එහෙනම් ඊලග පෝස්ට් එකෙන් හම්බෙමු.