air bus නඩත්තුව හා ගුවන් සමාගම් – ගුවන අරා 2.0

ගුවන අරා සීරිස් එකේ අද ලිපිය වෙන්වෙන්නේ ගුවන් යානාවක එහෙම නැතිනම් එයා බස් වල නඩත්තු කටයුතු ගැන කතාකරන්න. මතකනේ එයා බස් සමාගමේ ගුවන් යානා ගැන කතා කලා ඉතින් එක එක නිෂ්පාදන සමාගමට අනුව නඩත්තු සිදු කිරීම එකිනෙකට වෙනස් වෙනවා. කුඩා හා මධ්‍යම ගුවන් සේවා හි බොහෝ විට අඩංගුවන්නේ එක් සමාගමක නිෂ්පාදිත ගුවන් යානා පමණයි. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ඇත්තේ එයාර් බස් සමාගමේ නිෂ්පාදිත ගුවන් යානා පමණයි. බෝයින් ගුවන් යානා අඩංගු වන්නේ නෑ. එයට හේතුවක් තියෙනවා. එක් එක් ගුවන් සමාගමෙන් සමාගමට ඒවායේ තාක්ෂණය මෙන්ම අලුත් වැඩියා කිරීමේ ක්‍රම වේද වෙනස් වෙනවා. ඉතින් මේ වගේ වෙලාවක ගුවන් යානා වර්ග දෙකක් භාවිතය නිසා ඒ සමාගම් දෙකෙහිම තාක්ෂණක්‍රම වේද වගේම මෙවලම් තබා ගත යුතුයි ඉතින් මෙය ඉතාමත් කරදර කාරී වැඩක් නිසා තබා ගන්නේ එක් සමාගමක ගුවන් යානා පමනයි. එහෙත් විශාල ගුවන් යානා සමාගම් උදාහරණයක් ලෙසට එමිරේට්ස් වගේ, එයාර් බස් හා බෝයිං යන දෙවර්ගයම භාවිතා කරනවා.

ඉතින් මොනාද මේ නඩත්තු කටයුතු.

ගුවන් යානයත් ඉතින් යන්ත්‍රයක් නේ ඉතින් කලට වෙලාවට නඩත්තු කිරීම අනිවාර්යය වෙනවා. කලට වෙලාවට හරිහර්ටි නඩත්තු කිරිම අනිවාර්යය වෙන්නේ මෙය මිනිසුන් 300 ක් 500ක් වගේ පිරිසකගේ ජීවිත එක්ක සෙල්ලම් කරන නිසායි. ඉතින් ගුවන් යනා වල නඩත්තු සිදු කිරීම ඉතාමත් වැඩගත් මෙන්න්ම ඉතාමත් සැලකිලිමත්ව සිදු කල යුතු වෙනවා.

මෙම ලිපි පෙල මගින් දිගටම මේ මාතෘකාව ගැන කතා කරන්න තම්ම බූඩි හිතාගෙන ඉන්නේ.

ප්‍රධාන වශයෙන් නඩත්තු වර්ග දෙකක් දක්නට ලැබෙනවා. Line Maintenance හා Hanger Maintenance කියලා මේ දෙක හදුන්වන්න පුලුවන්.

 Line Maintenance

ගුවන් යානයක් ගුවන් තොටුපලකට ගොඩ බැස්සවූ විට සිදු කරන පරික්ෂාවන් මේ ගනයට අයිති වෙනවා. ඔවුන් එය පරික්ෂා කොට බලා අනතුරුදායක් දෝෂ නැති බව සැක හැර දැන ගැනීමෙන් පසු එය ගමනාගමනයට අවසර දෙනවා. මෙය ඉතාමත් වැදගත් හා ඉක්මනින් සිදු කල යුතු කාර්යයක්. සමහර විට ඊලග ගමන සදහා ගුවන් යානය සූදානම් කිරීමට ලැබෙන්නේ පැය 2 ක් පමණයි ඉතින් මේ කාලය ඇතුලත ගුවන් යානය පරික්ෂාකල යුතුයි. මෙම පරික්ෂාව සිදු කරන්නේ ගොඩාක් වෙලාවට අදාල ගුවන් සේවයේ කාර්මික පිරිස නොවේ. ගුවන් තොටුපලේ අදාලා ජාතික ගුවන් සමාගමේ සේවකයන්. දැන් ලංකාවෙ නම් Sri Lankan එකේ කාර්මික අංශය මගින් තමා. කෙසේ හෝ මේ පරික්ෂාවෙන් පසු අදාල ගුවන් යානය ගමනාගමනයට නිකුත් කරනවා.

Hanger Maintenance

අපේ වාහනත් යම් කිසි කි.මි. ගණනක් ධාවනය කලාම ගැරේජ් එකට අරන් යනවා නේ නැතිනම් සර්විස් එකක් දෙන්න. ඉතින් ගුවන් යානයත් ඒ වගේ. නියමිත වාර ගණනක් කාලයක් ගියාම ගැරේජ් එකට දාලා පරික්ෂාවන් සිදු කරනවා. ඉතින් මෙන්න මේවා තමා මේ ගනයට වැටෙන්නේ. මෙය සිදු කරන්නේ අදාල ගුවන් සමාගම විසිනුයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා මේ පරීක්ෂණය සිදු කරන්නේ එම සමාගමේ කාර්මික නිලධාරින් විසින්මයි.  මේ සදහා ගුවන් යානය ගොඩනැගිල්ලක් තුලට ගෙන යනවා. එය හදුන්වන්නේ Hanger එක ලෙසයි. එකවර ගුවන් යානා 2 හෝ 3 ක් මේ Hanger එක්ක තුල නවතා අදාල පරීක්ෂණ සිදු කරනවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. මේ ගොඩනැගිල්ල තට්ටු 4 ක් 5ක් විතර උසයි. නැත්නම් කොහොමද ප්ලේන් එකක් දාන්නේ නේද?

Hanger එකක් තුල ගුවන් යානය තබා නඩත්තු කරන අයුරු

ගුවන් යානය ගමන් කර ඇති වාර ගනන ඒ වගේම පැය ගනන අනුව සිදු කරන පරීක්ෂණ එකිනෙකට වෙනස්. Hanger එකක් තුල සිදු කරන පරික්ෂවාන් පහත් ලෙස වර්ග කල හැකියි.

  • A Test
  • B Test
  • C Test
  • D Test
මේ පරික්ෂා සිදුකිරීම ගැන ඊලග ලිපියෙන් සලකා බලමු.
Advertisements

12 comments

  1. […] තමයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගියපාර ලිපිය මෙතනින් බලන්න පුලුවන්, කියෙව්වේ නැත්නම් ඒක මුලින්ම කියෝලා […]

  2. […] තමයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගියපාර ලිපිය මෙතනින් බලන්න පුලුවන්, කියෙව්වේ නැත්නම් ඒක මුලින්ම කියෝලා […]

  3. […] කියෝලා වැඩක් නෑ. ඒක නිසා නඩත්තුව ගැන ලියපු පලවෙනි ලිපියත් , ඊලගට දෙවැනි ලිපියත් කියෝලා තමා මේ […]

  4. […] කියෝලා වැඩක් නෑ. ඒක නිසා නඩත්තුව ගැන ලියපු පලවෙනි ලිපියත් , ඊලගට දෙවැනි ලිපියත්  ඒවගේම තුන්වෙනි […]

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )