ව්‍යාපෘති කලමණාකරනය – කුප්පි සීරිස් – 1

ඔන්න තවත් වැදගත් ලිපි පෙලක් ආරම්භ කරන්න තමා බූඩිගේ මේ සූදානම.  ඒ තමා ව්‍යාපෘති කලමනාකරණය කියන විෂය, සිංහලෙන් කියන්නේ Project Management කියලා. බූඩි මේ ලගදි එක්සෑම් කට්ටක් ලිව්වා ඉතින් ඒක තමා මේ ලිපි පෙල ලියන්න මූලික වුන පලවෙනි කරුණ. බූඩිට හිතුනා මේ දේවල් බූඩිගේ පාඨ්කයන්ටත් කියලා දෙන්න තියෙනවා නම් හොදයි කියලා. ඉතින් ඒක නිසා තමා මේ ලිපි පෙල ලියන්නේ. ඉතා සරලව මේ කරුණු ටික ලියන්න අදහස් කරනවා.

දැන් ඉතින් බලයි අපිට මොකටද මේවා කියලා. ඒක නිසා මම මුලින්ම කියන්නම් ඇයි මේ ව්‍යාපෘති කලමනාකරණය කියන දේ අපිට වැදගත් කියලා.

අද බොහොමයක් ආයතන තම ආයතනික වැඩ කටයුතු කරන්නේ ව්‍යාපෘති පාදක කරගෙන. ඒ කියන්නේ ඉස්සර වගේ කරන්නම් වාලේ නොකර ව්‍යාපෘතියක් ලෙස සැලසුම් කරගෙන තමා බොහෝ වැඩ කටයුතු සිදු කරන්නේ. මෙය ක්‍රමය අනුගමනය කිරීමෙන් වියදම අඩුකරගන්න පුලුවන් වගේම තවත් වාසි ගොඩක් ලගාකරගන්න පුලුවන්. ඒක නිසා මේ වගේ ක්‍රම අනුගමනය කිරීමට ආයතන යුහුසුලුව ක්‍රියාකරන නිසා මේ වනවිට ව්‍යාපෘති කලමනාකරණය හා ඒ ආශ්‍රිත කටයුතු වල නියැලී ඉන්න අත්දැකීම් බහුල වෘත්තිකයන්ට ඇත්තේ ඉහල ඉල්ලුමක්. ඉතින් මේ ලිපි පෙල  මගින් ව්‍යාපෘති කලමනාකරණය පිලිබද අදාල වෘත්තීය සහතික ආදිය ලබා ගන්නා ආකාරයත් සදහන් කරන්නම්. මේවන විට මුලුමනින්ම project based companies ඉතා විශාල ප්‍රමාණයක් ලංකාවතුල දක්නට පුලුවන්. මේ සදහා ව්‍යාපාර බොහෝ කැමැත්තක් දක්වන්නේ මෙම ක්‍රමය නිසා ස්තීර සේවක සංඛ්‍යාව ඉතා අඩුවෙන් පවත්වාගත හැකි නිසාත් සාමාන්‍ය ක්‍රමයට වඩා වාසි ගොඩාක් ඇති නිසාත්.

මුලින්ම සමහරු හිතන්න පුලුවන් මේක වැදගත් වෙන්නේ වැඩ කරන අයට එහෙමත් නැතිනම් ව්‍යාපෘති එක්ක වැඩ කරන අයට කියලා. ඒත් ඇත්තටම ගත්තොත් මේක හැමෝටම ඉතාමත් වැදගත්. ක්‍රමානුකූලව වැඩක් පටන් ගන්න තැන් ඉදලා ඒක අවසන් කරන තැන වෙනකම් වෙන පියවර ගැන මේ මගින් අධ්‍යයනය කරන නිසා ඔයාලගේ බොහෝ වැඩ කටයුතු සාර්තකව කර ගන්න මේ කරුණු පිටිවලයක් වෙයි කියලා හිතනවා. විශේෂයෙන්ම හිතලා මතලා, ප්ලෑනකට වැඩ කරන ගෙදර වැඩකට වුනත් මේ කරුණු ඉතාමත් වැදගත් වෙන්න පුලුවන්, තව ඒ ක්‍රම වැඩි දියුණුකරලා කාර්යක්ෂමව ඒ කටයුතු කරගෙන යන්න.

ව්‍යාපෘති කලමණාකරනය

 

ව්‍යාපෘති කලමනාකරණය කියන්නේ පුලුල් විෂයයක්. හුගාක් අත්දැකීම් එක්ක බද්ධ වෙන දෙයක්. එක් එක් ක්ශේත්‍රය අනුව අනුගමනය කරන ක්‍රියාමාර්ග වෙනස් වෙනවා. නමුත් මූලික සංකල්ප සෑම දෙයකටම පොදුයි. මෙනිසා මූලික කරුණු සරලව මේ ලිපි පෙල මගින් දැන ගන්න පුලුවන්.

දැන් වට පිටාව ගැන කරුණු ගොඩාක් කතාකරපු නිසා අපි දැන් සබ්ජෙක්ට් එකට ටිකක් ඔලුව දලා බලමු.

මුලින්ම බලමු මොකක්ද මේ Project එකක් කියන්නේ කියලා. සරලව ගත්තොත් ව්‍යාපෘතියක් කියන්නේ

a temporary endeavor undertaken to create a unique outcome (product, service, or result).

ඉතින් මේ නිර්වචනය තුල වැදගත් කරුණු දැකක් අඩංගු වෙනවා. ඒ තමා temporary හා unique යන කරුණු දෙක. ඉතින් මොකක්ද මේ temporary කියන්නේ, මෙමගින් හදුන්වන්නේ යම් කිසි කාල පරාසයක් තුල පවතින යන්නයි. එනම් නිශ්චිත ඇරඹුමක් වගේම නිශ්චිත අවසානයක් තියෙනවා කියන එකයි. unique යනුවෙන් හදුන්වන්නේ සාපේක්ෂව මෙම ව්‍යාපෘතිය මගින් ලැබෙන අවසන් ප්‍රතිපලය විශේෂ වියයුතු බවයි. එනම් නිශ්චිත කාල පරාසය තුල සිදුකරන උත්සහය තුලින් යම් කිසි විශේෂ අවසන් ප්‍රතිපලයක් ලබා ගත යුතු බවයි. ඉතින් මෙම ලක්ෂණ යම් කිසි වැඩපිලිවෙලක් තුල අන්තර්ගත වෙනවානම් එය ව්‍යාපෘතියක් ලෙස හදුන්වන්න පුලුවන් කියන එක තමා මින් ගම්‍යවන්නේ.

ඒ වගේම මේ ව්‍යාපෘති කලමනාකරණය මගින් ලගා කර ගත හැකි වාසි ගැනද පහත දක්වලා තියෙනවා.

  • වියදම අඩු කර ගැනීමට හැකිවීම.
  • අඩු කාලයක් ඇතුලත ක්‍රියාවලිය සම්පූර්ණ කරගත හැකිවීම
  • පාරිබෝගික සබධතා තර වීම.
  • ඉතා හොද පාලනයක් මූල්‍ය, භෞතික, මානව සම්පත් හා අනෙකුත් සධක වෙත පවත්වා ගැනීමට හැකිවීම.
  • හොද තත්ව පාලනයක් පවත්වා ගත හැකිවීම.
  • හොද ලාබ තත්ව පවත්වාගත හැකිවීම.
  • ඉහල කාර්යයක්ෂමතාවයක් පවත්වා ගැනීමට හැකිවීම.
  • ඉහල සේවක දිරිගැන්වීමක් ඇති වීම.

ඉතින් ඉහත වාසි තමා ප්‍රධාන ලෙස සදහන් කර හැක්කේ.

තව දෙයක් කියන්න ඕනේ මේ ලිපි පෙල අවසන් කරන්න මත්තෙන්. මේ ලිපි පෙල ලියන බූඩි ව්‍යාපෘති කලමනාකරණය ගැන විද්වතෙක් නම් නෙමේ. කාලෙකට ඉහත ඉගෙන ගත්ත දේවල් (සාම්ප්‍රධායික පන්තියකට ගිහින් නම් නෙමේ පොත් පත් කියෝලා තමා ඉගෙන ගත්තේ) හා මේතාක් ව්‍යාපෘති කලමනාකරණ ෆීල්ඩ් එකේ ඉදලා ලබා ගත්ත අත්දැකීම් එකතු කරලා තමා මේ ලිපි පෙල ලියන්න ඕන කරන දැනුම හොයා ගන්නේ. සමහර විට මේ ලිපි පෙල ගොඩාක් ම්රුදුකාංග  ව්‍යාපෘති කලමනාකරණය පැත්තට බර වෙන්න පුලුවන්. මොකද බූඩි හිටියේ තොරතුරු තාක්ෂණ ෆීල්ඩ් එකේ හින්දා. මීට අමතරව මෑතකදී බූඩි ව්‍යාපෘති කලමනාකරණය පිලිබද ආයතනයේ (ආයතනයේ) සාමාජිකත්වය ලබා ගත්තා. ඉතින් ඔය කරුණු නිසා මේ ලිපි පෙල යම් guide එකක් ලෙස භාවිතා කරන්න.

ඊලග කුප්පියෙන් තවත් මේ ගැන කතා කරමු.

Advertisements

7 comments

    • පෝස්ට් එක දාන්න කලින් ෆීඩ් බැක් ගන්න මම මේ ලිපිය අපේ ඩීප්ස්ට දැම්මා.
      මෙන්න ෆීඩ් බැක් එක
      “කලමණාකරනය – spellings
      වාසි : පටන් ගන්න කලින් අපිට මුණ දෙන්න වෙන situation ගැන අවබෝදයක් ගන්න පුළුවන්. එතකොට ගැටළුවක් ආවත් මුහුණ දෙන එක ප්‍රශ්නයක් නෙවේ.
      ඉස්සරහට ලියනකොට තව උදාහරණ එක්ක ලියන්න…
      “ව්‍යාපෘති කලමනාකරණය කියන්නේ පුලුල් විෂයයක්. හුගාක් අත්දැකීම් එක්ක බද්ධ වෙන දෙයක්. එක් එක් ක්ශේත්‍රය අනුව අනුගමනය කරන ක්‍රියාමාර්ග වෙනස් වෙනවා. නමුත් මූලික සංකල්ප සෑම දෙයකටම පොදුයි. මෙනිසා මූලික කරුණු සරලව මේ ලිපි පෙල මගින් දැන ගන්න පුලුවන්.”
      මේ කතාව නම් ඇත්ත..මුලික දේවල් එකයි ඔක්කොටම.”

      ඉතාමත් ස්තූතියි ෆීඩ් බැක් වලට වගේම කමෙන්ටුවට

  1. අනිවා මමත් කියවනවා…. පියවරෙන් පියවර විස්තර කරන්න.. ව්‍යාපෘති කලමණාකරනය ගැන සිංහලෙන් ලියවුනු ලිපි ඇත්තෙම නැති තරම්… ලිපි පෙල යද්දි අපේ අත්දැකීම් උනත් අපිට බෙදාගන්න පුලුවන් වෙයි…

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )