කියන්න අමතක වුන කෑල්ල – උපෙ හමාරයි – IV

මතක ඇතිනේ බූඩි Abans එකේ ඉදලා HSBC එකට ආපු පෝස්ට් එක ඉතින් ඊට පස්සෙ කොටස තමා මේ.  කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස.

හැබැයි පොඩි අවුලක් වුනා, පොඩි කිව්වට පොඩිත් නෑ ටිකක් ලොකුයි. පොඩි කෑල්ලක් මගඇරුනා. අද ඒ ගැන කියන්න තමා හදන්නේ. මොනා වුනත් මේ හැම කෑල්ලම එකිනෙකට සම්බන්ධ නිසා අවුලක් නෑ.

ඔන්න ඉතින් බූඩිත් උසස් පෙල ඉවර වෙලා කරන්න පොඩි කෝස් කට්ටක් හොයා ගත්තා. ඒ AAT, මේක එකවුන්ටින් කෝස් එකක්. ඉතින් මේක කරන්න ආස හිතුනේ බූඩි කවදත් ඔය බිස්නස් වැඩ වලට ආස නිසා. ඉතින් කොහොම හරි රෙජිස්ටර් වෙලා මේක කරන්න පටන් ගත්තා. පන්ති යන්න සෙට් කරන් හිටියේ JMC එක, කොල්ලුපිටියේ තිබ්බ. කව්රුත් දන්නවා ඇතිනේ ඔය කොල්ලුපිටියේ පාර අයිනේ තියෙන JMC බිල්ඩින් එක. අන්න ඕකේ තමා. ඉතින් බූඩි විභාගේ ලියලා ඊට පස්සේ ඕකේ පන්ති ගියේ. මතක විදිහට අබාන්ස් එකේ වැඩට යද්දි බූඩි පන්ති යනවද කොහෙද, සෙනසුරාදා හවසයි ඉරිදා දවසයි. සෙනසුරාදාට වැඩ උදේ වරුවයිනේ, ඉතින් කොහොම හරි පන්ති යන්න පැන ගන්න පුලුවන් වුනා.

AAT පලවෙනි ලෙවල් එකේ සබ්ජෙක්ට් හතරයි. ඉතින් ඕකේ මැත්ස් පේපර් එකට ඇරෙන්න අනිත් ඒවට තමා පන්තිය සෙට් කර ගත්තේ.

මොකද වෙන්නේ කියලා බලන්න එක්ක ඉතින් බූඩි රෙජිස්ටර් වෙලා මාසෙකට හරියන්න කාඩ් එකක් ගත්තා.

ඕකට ගිය පලවෙනි දවසේ මරු සීන් එකක් වුනා. ඔන්න ඉතින් කාඩ් එහෙම අරගෙන ටියුට් ටිකත් අරගෙන පන්තිය හොයාගෙන ගියා. මතක විදියට පන්ති පටන් ගන්න තිබුනේ 2.30 ට වගේ. ටිකක් වෙලා ගිහින් තිබුන හින්දා පටස් ගලා පන්තිය හොයාගෙන ඇතුලට රිංගුවා. හපෝ ඒක ඇතුලේ තියෙන කාමර ගොඩ තට්ටුත් 3 ක් ද 4 ක් ද මන්දා තිබුනා. ඉතින් පිස්සු නොහැදී තියෙයියෑ. කොහොම හරි ඉතින් දෙයියනේ කියලා බූඩී උසස් අධ්‍යාපනය හදාරන පලවෙනි අඩිය තියන්න AAT ක්ලාස් එකට ගිහින් ඉද ගත්තා. ගිණුමකරණය. ඇතුලට යද්දි සර් වැඩේ පටන් අරන්. බූඩි උසස් අධ්‍යාපනයට අඩිය තිබ්බ නැකතේ අවුලක් කියලා හිත හදන් පන්තියට ගියා.

ඔන්න ඉතින් බූඩි පොතුයි, ටියුටුයි මේසේ ඉඩ තියලා කට ඇරන් ගුරුතුමාට සවන් යොමාගෙන ඉන්නවා. මෙන්න බොලේ අපේ ගුරු කියවන්නේ Management Accounting කියලා එකක් ගැන. බූඩි ටියුට් වල ඕක හොයන්න ගියත් එහෙම එකක් නෑ. පොඩ්ඩක් රබර් ඇහැ දාලා බලද්දි තමා දැක්කේ අනිත් පැත්තේ එකාගේ පොතේ තියෙන්නේ CMA කියලා. හප්පා බලන් යද්දි මම ඇවිල්ලා තියෙන්නේ CMA වල Management Accounting ක්ලාස් එකට. මාර සීන් එක. මොනා කරන්නද සාටර් එකේ ඉන්ටර්වල් එක වෙනකම් ඉදලා ඉන්ටර්වල් එකේ දී හරි පන්තිය හොයා ගත්තා. ඔන්න ඔහොමයි බූඩි සාර්තකව උසස් අධ්‍යාපනයට අඩිය තිබ්බේ.

AAT එකත් නැගලා ගියා, Business Law එහෙම ඉතින් මාර කික් සබ්ජෙක්ට් එක. Econ ඉතින් මාරෙට නින්ද යන සබ්ජෙක්ට් එක. පන්ති යන එක එපා වෙනවා. ඒ මදිවට උගන්නන්නේ සිගිති දේවල්. ඔව්වා ඉගෙන ගන්න පන්ති යන්න ඕනේද කියලා බූඩිට හිතුනා. ඒත් ඉතින් සල්ලි ගෙවලා තියෙන හින්දා මාසයක් ඇද්දා. ඊලග මාසේ ඉදලා ඒ පන්තියටත් තිත තිබ්බා. ඒ තනියම ස්ටඩි කරලා ගේම දෙන්න කියලා හිතාගෙන.

AAT එකෙන්ම Study Text එකක් හදලා විකුණන්න තිබ්බ නිසා සබ්ජෙක්ට් තුනට ඒ පොත් තුනකුයි මැත්ස් වලට පාස් පේපර් පොත්කුයි අරගෙන බූඩි වැඩේට සෙට් වුනා.

ඔන්න ඔහොමයි උසස් අධ්‍යාපනයට බූඩි එන්ටර් වුනේ.

ඉතින් ඔන්න ඔහොම පටන් ගත්ත උසස් අධ්‍යාපනේට වගේම බූඩිගේ ජොබ් කට්ටවල් වලට මොකද වුනේ කියලා ඉස්සරහට බලමු.

Advertisements

3 comments

  1. […] දැන් ඉතින් බූඩිගේ කතාවෙන් ගොඩක් කෙටුවනේ, කියෝපු අයට මතක ඇති බූඩි උසස් අධ්‍යාපනේ පටන් ගත්ත එක.  පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල. […]

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )