air bus නඩත්තුව කරන හැටි – ගුවන අරා 2.1

Posted on 2011 ජූලි 27

4


මතකනේ ගිය පාර ලිපියෙන් ගුවන් යානා නඩත්තු කරන හැටි ගැන හැදින්වීමක් ලබාගත්තා ඉතින් මේ ලිපිය වෙන්වෙන්නේ නඩත්තුව ගැන වැඩිපුර කතා කරන්නයි. ඇත්තටම මේ ලිපිපෙල මගින් (ගුවන අරා 2.x) ගුවන් යානා නඩත්තුව ගැන දැනීමක් ලබා දීම තමයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගියපාර ලිපිය මෙතනින් බලන්න පුලුවන්, කියෙව්වේ නැත්නම් ඒක මුලින්ම කියෝලා ඉන්න.

කවුරුත් දන්නවානේ ගුවන් යානයක් කියන්නේ සෙල්ලම් බඩුවක් නෙමේ නේ, හුගාක් වෙලාවට ජීවිත 300 ක් 500 ක් එක්ක ගුවන් ගත වෙන මේ යානාවල් ඉතා සුපරික්ෂාකාරීව නඩත්තු කලේ නැතිනම් ඉතින් කියන්න ඕනේ නෑ නේ. ඒක නිසා ගුවන් යානා නඩත්තුව කියන්නේ ඉහල පඩියක් ගන්න පුලුවන් ඉතාමත් හොද රැකියාවක්. ඊලගට මේ ගුවන් යානා නඩත්තු කරන්න ඉන්න කාර්යය මණ්ඩලය ගැන කතා කරමු. ගුවන් යානා ඉංජිනේරු (නඩත්තු) (Aircraft Maintenance Engineer), ගුවන් යානා තාක්ෂණික ශිල්පින් (Aircraft Technician) ඒ වගේම ගුවන් යානා කාර්මික ශිල්පීන් (Aircraft Maintenance Mechanics). ඔන්න ඔය කස්ටික තමා මේ නඩත්තු කටයුතු එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ.

ගුවන් යානා කාර්මික ශිල්පීන් විදිහට ගන්නේ පොඩි පුහුණුවකින් පස්සේ, ඊට පස්සෙ එන්නේ ගුවන් යානා තාක්ෂණික ශිල්පින්, මොවුන් සමත් කල යුතු විභාග ගණනක් තියෙනවා, සාමාන්‍යයෙන් අවු. 2 කට විතර පස්සේ තමා මේ විභාග ටික ඉවර කර ගන්න පුලුවන් වෙන්නේ. ඊට පස්සේ වසර දෙකක පුහුණු කාලයකින් පස්සේ තමා මේ කස්ටියව අදාල රාජකාරියට ගන්නේ. ඒ තාක්ෂණික ශිල්පින් (ගුවන්) ලෙස.

ඊට පස්සේ ටික කාලයක් වැඩ කරගෙන යද්දි අවු. 2, 3 ක් වගේ තවත් විභාග වලට මුහුණ දිය යුතු වෙනවා. ඉට පස්සේ ගුවන් ඉන්ජිනේරුවෙකු ලෙස අදාලා බලපත්‍රය ලබා ගන්න පුලුවන්. ගුවන් යානා ඉංජිනේරු (නඩත්තු) 4, 3, 2, 1 ලෙස වර්ග කරලා තියෙනවා. අන්තිමේ මෙහෙම විභාග පාස් කරගෙන කරගෙන ගිහින් ගුවන් ඉන්ජිනේරු 1 කියන උසස් තලයට එන්න පුලුවන්. හැබැයි ඉතින් අඩුම ගානේ අවු. 10 ක් වත් යනවා. ගුවන් තාක්ෂණ ශිල්පීන්ට මෙන්ම ගුවන් ඉන්ජිනේරුවන්ට බලපත්‍රයක් නිකුත් කරනු ලබනවා. සිව්ල් ගුවන් සේවා අධිකාරියෙන්, EASA (European Aviation Safety Agency) මෙන්ම එයාර් බස් සදහා පිලිගත් සහතිකයක් නිකුත් කරනවා. ඒ ඔහුගේ දැනුම මට්ටම පරික්ෂාකරන විභාග වලින් සමත් වුනාම තමා. ඒ බලපත්‍ර නොමැතිව ගුවන් යානාවක කාර්මික කොටස් ඇල්ලීම පවා බලවත් වැරැද්දක් කියලා තමා ගුවන් සේවා අධිකාරි නීති වල තියෙන්නේ. ඒ වගේම එයා බස් සදහා ලබාගත් බලපත්‍රයක් බෝයිං සදහා වලංගු වන්නේ නෑ. ඒ සදහා වෙනම බලපත්‍ර ලබා ගත යුතුයි.

ගුවන් නඩත්තු ඉංජිනේරුවෙකුගේ නිල ඇදුම

ගුවන් නඩත්තු ඉංජිනේරුවෙකුගේ නිල ඇදුම

 

ඉතින් ඔන්න ඔහොම තමා ගුවන් යානා ඉංජිනේරු (නඩත්තු) වෙන්නේ. මේ සදහා ඉංජිනේරු උපාධියක් අවශ්‍යය වෙන්නෑ. අත්දැකීම මත ඉහලට යන ක්‍රම වේදය වගේම දැනුම මත විභාග පාස් වීම මත පමණයි රදන්නේ. මේ බලපත්‍රය යම් කාල සීමාවකට වරක් අලුත් කිරීමද අනිවාර්යය වෙනවා.

ඉංජිනේරු උපාධියක් ඇතිනම් මේ විභාග සමත් වීම ඉක්මනින් සිදු කල හැකි අතරම බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයද වෙනස්. ඔවුන් යොමු වන්නේ ගුවන් යානා නඩත්තුව පැත්තට නම් නෙමේ. ඉන්ජිනේරු උපාධිය හා බලපත්‍ර ඇති අය ඉංජිනේරු සේවා හා සැලසුම් සදහා යොමු වෙනවා. ඉතාමත් ඉහලම වැටුපක් හා ඉල්ලුමක් හිමි මොවුන් ගුවන් සේවාවක් තුල සිටීම අනිවාර්යයයි. (සෑම ගුවන් සේවාවක්ම කාර්මික මණ්ඩල නඩත්තු කරන්නේ නෑ, නඩත්තු කටයුතු සිදු කරන්නේ පිට ගුවන් සේවා මගින්, ඒත් එවැනි සේවාවකට වුවත් සේවා හා සැපයුම් ඉංජිනේරුවන් සිටීම අනිවාර්යයයි. සේවා අංශය හා ඔවුන්ගේ කාර්යය භාරය ගැන පස්සේ පෝස්ට් එකකින් ඔයාලට කියන්නම්.

මොනා  වුනත් නඩත්තු හා සේවා සදහා මෙම ඉංජිනේරුවන්න්ගේ කාර්යය භාර්යය ඉතාමත් වැදගත්. දෙපිරිසේම මනා සංයෝජනය මත තමා මේ යකඩ ගොඩ උඩ යන්නේ.

ඔන්න ඔහොම තමා මේ නඩත්තු කරන කස්ටිය ගැන විස්තර. ඊලග පෝස්ට් එකෙන් නඩත්තු කරන හැටි ගැන කියෝමු.

ප/ලි : ආ තව දෙයක්; කාට හරි මේ ෆීල්ඩ් එකට සෙට් වෙන්න ආස නම් බූඩිට පොඩි පණිවිඩයක් දෙන්න. වැඩි විස්තර ගන්න පුලුවන් තැනකට යොමු කරන්නම්.