ටියුෂන් ක්ලාස් – උපෙ හමාරයි – V

Posted on 2011 ජූලි 31

12


දැන් ඉතින් බූඩිගේ කතාවෙන් ගොඩක් කෙටුවනේ, කියෝපු අයට මතක ඇති බූඩි උසස් අධ්‍යාපනේ පටන් ගත්ත එක.  පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල.

අන්තිම කෑල්ලේ කිව්ව විදිහට බූඩි උසස් අධ්‍යාපනේට එන්ටර් වුනානේ ඉතින් ඒ කාලේ අබාන්ස් එකේ වැඩට ගිහින් ඊට පස්සේ බැංකු ගත වුනා. බැංකුගත වුනත් හරි ජීවිතේ ගොඩාක් සංකීර්ණ වුනා. අන්තිමේදි AAT කරන්න පන්ති යන එක නවත්තලා සෙල්ෆ් ස්ටඩි පාරක් දාන්න බූඩි ප්ලෑන් කරපු හින්දා ආයේ වීක් එන්ඩ් එක ෆ්‍රී වුනා. ඔය කාලේ බූඩි බැංකු ගත වෙලා හිටියේ, සාමාන්‍යයෙන් බැංකුවල වැඩ සතියේ දවස් වල විතරනේ ඒත් ඉතින් අපේ වැඩ නම් සතියේ දවස් 7 ම තිබුනා. මොනාවා කියනවද ඉරිදත්, කොහෙ හරි එක්සිබිෂන් එකක්, ෆෙයාර් එකක් ඉතින් වරද්දන්න බෑ නේ. කොමිස් තියෙන හින්දා ඉතින් ඔය වගේ එකක් මග අරින්නත් බෑ නේ. මොකද මේ දවස් වල බූඩි ජීවත් වෙන්න මාර ගේමක් දුන්නු කාලයක්නේ, ඒක වුනේ මෙන්න මෙහෙමයි.

මතක ඇතිනේ අතින් කාලා Abans එකේ  ෆෝන් විකුනපු එක ඉතින් ඊට පස්සේ බූඩි බැංකුවට සෙට් වුනානේ, ඉතින් දැන් ඉස්සර වගේ ගෙදර ඉදන් යන්න බැරි නිසා කොලොම් තොටේ තමයි බූඩි නැවතිලා හිටියේ, ඒ කියන්නේ වරායෙ නම් නෙමේ. මුලින්ම හිටියේ කිරිල්ලවල, බූඩිගේ මාමා කෙනෙක් ගේ ගෙදර, හප්පා ඒක දුර වැඩි බස් දෙකක යන්න වෙන සීන් එකක්, කිරිබත්ගොඩ ට්‍රැෆික් එකට සෙට් වෙන හින්දා එහෙ ඉන්නවට වඩා ගෙදර ඉදලා එන එක හොදයි. ඒක නිසා මාරු වුනා කොහුවලට ඒත් ඉතින් ඔය බූඩිගේ මාමා කෙනෙක් ගේ නිවස්නෙට තමා. එතන දුර ශේප් උනත් පොඩි අවුලක් තිබ්බා ඒ තමා ඉතින් මෙලෝ ෆන් එකක් නැති එක. රෑ වෙලා ගෙදර එන්න ටිකක් අවුල් ඉතින් ඒ වැඩේ හරියන් නැති නිසා බූඩි මාරු වුනා වැල්ලවත්තට. එතන බූඩිගේ යාලුවෙක් ඇනෙක්ස් එකක් අරන් හිටිය ස්පොට් එකක්. ඉතින් බූඩි එතන්ට සෙට් වුනේ මේ යාලුවගේ හිතාදර ස්පොන්සර්ෂිප් එකත් එක්කයි, ඒක නිසා කන්න ඇරෙන්න ගානක් ගියේ නෑ.

ඉතින් වැඩට ගිහින් කෙලින්ම ඇනෙක්ස් එකේ. බැංකුවක ජීවිතේ ගෙවන්න හරිම අමාරුයි, විශේෂයෙන්ම ඉන්ටර්නැෂනල් බැංකුවක. තවත් විශේෂයෙන්ම කොලඹ වගේ තැනක. ඉතින් පාටි වගේම සෙට් වීම් වලින් නම් අඩුවක් තිබ්බෙම නෑ. කොහොම හරි ඉතින් ඇනෙක්ස් එකට ඇවිල්ලා සතියක් විතර යද්දි බූඩිට ආවා පොඩි ඔෆර් එකක්. ඒ තමා ඇනෙක්ස් එකේ මාත් එක්ක හිටපු යාලුවගේ යාලුවෙක්ට පොඩි රිවිශන් එකක් කරන්න. වෙන මොනවත් නෙමේ ජාවා ගැන. ඉස්සර එක්සෑම් එකක් තිබ්බා SCJP කියලා, දිග නම ගත්තොත් Sun Certified Java Programmer. ඉතින් ඕක ඕන වෙලාවක කරන්න පුලුවන් එක්සෑම් එකක්, ඉතින් පොරට මාසයක් ඇතුලත එක්සෑම් එක කරන්න ඕන වෙලා තමා තිබ්බේ, ඉතින් ඒක නිසා තමා අන්තිමේදි කැරකිලා මට තොප්පිය සෙට් වුනේ. දැන් ඉතින් බෑ කියන්න බෑ නේ. පොර මට නිකන් ඉන්න දෙන එකේ බූඩි මිනිහගේ යාලුවට බැකප් එකක් දුන්නැතිනම් හරි නෑ නේ. ඔන්න ඒ හින්දා ඉතින් සතියේ දවස් දෙකක් මිනිහට කුප්පි දාන්න සෙට් වුනා.

ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ සතියේ හැම දාම වැඩ තිබුනා හොද ගානකුත් අතට ආවා. කරන්න තියෙන්නෙ HSBC ක්‍රෙඩිට් කාඩ් මාකට් කරන්න. ඉතින් මේ කාඩ් එකක් ගන්න ඇප්ලයි කරද්දි පුරවන්න ඕන ඇප්ලිකේෂන් එකේ අපේ කෝඩ් එක දාලා තමා දෙන්නේ, ඉතින් කවුරුහරි ඇප්ලයි කරාම අපිට ගාන හම්බෙනවා. කාඩ් එකෙන් තියෙන වාසි වගේම ඇයි ක්‍රෙඩිට් කාඩ් එකක් ඕනේ කරන්නේ කියලා වගේ දේවල් කියලා කොහොමහරි කාඩ් එක මාකර්ට් කරන එක තමා කරන්න තියෙන්නේ.  ඊට පස්සේ ඉතින් අපේ ෆෝන් නම්බර් එක දීලා පුරවද්දි මොනවා හරි අවුලක් තිබ්බොත් කතා කරන්න කියලා කොහොම හරි ඇප්ලිකේෂන් එක දම්මවන්න ඕනේ. ඔන්න ඕක තමා ඉතින් ජොබ් එක විදිහට කරන්න තියෙන්නේ.

කොලඹ අවට වගේම කොලඹින් පිටත් මේ වැඩ වලට යන්න වෙනවා. ඔන්න ඔහොම තමා ඉතින් ඔය ජොබ් එක කලේ. ඊට පස්සේ සෙට් වුන ජොබ් එක ගැන ඊලග පෝස්ට් එකෙන් බලමු.