අංජනම් බලන්න ඉගෙන ගමු , පලපුරුදු මන්ත්‍රාචාරී බූඩි

Posted on 2011 අගෝස්තු 1

8


මේක දැන් සති තුන හතරකට කලින් වෙච්ච පොඩි සීන් එකක්. ඇත්තටම පොඩිත් නෑ ටිකක් ලොකු එකක්. මෙහෙම දේවල් වලට අහුවෙලා ඇති හුගාක් අය. ගිලෙන්න ඉන්න මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියන්නේ මෙන්න මේ වෙලාවට ලුනේ.

බූඩිගේ පොඩි බඩුවක් නැති වුනා ලගදි. ඉතින් කොච්චර හෙව්වත් හොයාගන්න බැරි වුනා. ගේ අස්සක් මුල්ලක් නෑර හෙව්වා. ගේ අනිත් පැත්ත පෙරලපු එක විතරයි කලේ නැත්තේ. කොච්චර මතක් කලත් කොහෙද දැම්මේ මොකද වුනේ කියලා කිසිම මතකයක් නෑ. සාමාන්‍යයෙන් ගෙයින් එලියට ගෙනියන්නෙත් නැති නිසා මාරම සීන් එක දැන්. ෆුල් අප්සෙට් එක. කොහිමහරි අන්තිමේදී වෙන කරන්නම දෙයක් නෑ. ඒ අතරේ තමා ඉතින් මගේ යාලුවෙක් හොද අයිඩියා එකක් ගෙනාවේ.

“මචං ඕක හොයාගන්න තියෙනවා හොද මෙතඩ් එකක්, අපි ඒක ට්‍රයි කරලා බලමු”, කියලා කිව්වේ. බලද්දි මිනිහගේ ක්‍රමේ තමා අංජනමක් බලන එක. මම මේ ගැන අහලා තිබුනට කිසි විශ්වාසයක් තිබුනේ නෑ. පොර ඉතින් අරක මේක කියලා උදාහරණ පෙන්නලා දුන්නම ඉතින් මටත් හිතුනා ගිහිල්ලම බලන්න.

“හරි බං ඒත් කොහොමද අපි හොද තැනක් හොයාගන්නේ”

“මචෝ මම දන්න හොද තැනක් තියෙනවා, අපි එහෙ යං” (පොර ඔව්වා ගැන එක්ස්පීරියන්ස් පොර)

හරි ඉතින් ගිහිල්ලම බලමු කියලා ඔන්න ඉතින් යන්න දවසක් දාගෙන මායි පොරයි ගමනට ලෑස්තිවුනා. ස්පොට් එක තිබුනේ දුම්මලසූරියේ, ඒ කියන්නේ මාදම්පේ කුලියාපිටිය පාරේ. පොරගේ බයික් කට්ටෙන්ම (අප්පා කට්ට කිව්වට මේක ෂෝයි බයික් එක) ස්පොට් එකට ගියා කියමුකෝ. අපි යද්දිත් 3, 4 දෙනෙක් ඇවිල්ලා අංජනම් බලන්න. යන තැන බුලත් කොල තියෙනවා. ඒකට පඩුරක් තියන්න ඕනේ ලු. බුලත් ගද්දි එතන හිටලු පොඩි කොලුවෙක්

“මහත්තයා මොකක් කරගන්නද ආවේ?”

“මේ නැතුවුන දෙයක් ගැන දැන ගන්න”

“ආ මේ පලවෙනිපාරද? නැත්තම් ඉස්සෙල්ලා ආවද?”

“නෑ නෑ මේ පලවෙනි පාර”

“ආ මෙන්න මහත්තයා, 250ක් තියන්න, මෙව්වා ඉතින් මේ ස්තානයේ දියුණුවටම තමා යොදවන්නේ මහත්තයා, ආ මේ කොලේ කාසි දෙකක් ඔතලා දෙන්න.”

මෙහෙම කියලා කහ වතුරේ දාලා බුලත් කොලයක් දුන්නා. රු. 250 ක් ගාන, ගිණි ගනන් නේ, දෙයියොත් එක්ක වැඩ කරද්දි ඉතින් ඔහොම තමා. කොහොම හරි 250 ක් තිබ්බා කියමුකො. දැන් කොහෙන්ද මාරු කාසි හොයන්නේ. අන්තිමේදි මචංගෙන් ඉල්ලලා රු. 5 කුයි රු. 2 කුයි ඔතලා කොලේ දුන්නා.

“මහත්තයා ඕකත් අරන් යන්න ඇතුලට, වාරේ ආපුවම.”

අපිත් ඉතින් ෂේප් එකේ ගිහිල්ලා ඉදගෙන ටර්න් එක එනකම් හිටියා. 10 විතර වෙද්දි අපි ගියා ඇතුලට. ඩයල් එක ඇතුලේ හෙන සීන් එකක්. දුම් අල්ලනවා, මන්තර කියනවා, හප්පා මරේ මරු.

“ආ කෝ එන්න බලන්න, මෙතන වාඩි වෙන්න මහත්තයා, මේ මහත්තයට බැරියැ මෙතන ඉදගන්න” , දැන් මම පොර ලගින්ම වාඩි වෙලා අපේ මචං ටිකක් එහායින් වාඩි වෙලා.

“මහත්තයා දැන් ආපු කාරනේ හිතාගෙන ඔය කාසි ට්ක මේ අසුනට දාන්නකො”

මාත් ඉතින් හොදට කාරනේ ගැන හිතලා කාසි ටික දැම්මා. දැන් අපේ කපූ මොනවද ගාතා ටිකක් කියනවා. ඔන්න දැන් වැඩේ හරි. අංජනම බලන්න යන්නේ.

“මහත්තයා දැන් ආවේ නැති වුන දෙයක් ගැන දැනගන්නනේ, අපේ ****** දේවතාවුන් වහන්සේගේ ආනුභාවෙන් මේ ප්‍රශ්න විසදගන්න පුලුවන්, ඔව් දැන් මට පෙන්නනවා, ආ මේක වටින දෙයක්, මහත්තයට ඉතාම ඕන දෙයක් තමා නැතිවෙලා තියෙන්නේ.”

“ඔව් කපු මහත්තයා”  (වටින දෙයක් නෙමේ නම් ඉතින් මෙච්චර දුර එනවද රු. 257 කුත් දීලා අංජනමක් බලන්න. හැබැයි නැතිවෙච්ච දෙයක් කියලා හරියටම කිව්වනේ මාරයි හප්පා )

“ආහ් ඒක තමා, මහත්තයා ****** දේවතාවුන් වහන්සේට කියන්න ඒක ලොකුද පොඩිද?”

“පොඩි දෙයක් කපු මහත්තයා” (මම දන්නවද දෙයියන්ට කතා කරන්න, කපූම කියන්නකෝ)

“ආ ඒක තමා මහත්තයා, මට පෙන්නනවා, මේක හැම තැනම අරන් යන එකක්”

“හරියට හරි කපු මහත්තයෝ, තියෙන තැන පෙන්නවද? නැතිවෙලා තියෙන්නේ කොහෙද?”

“ඉන්න ඉන්න, මේවට හදිස්සි වෙලා බෑ” (දුම් අල්ලමින්)

“මහත්තයෝ මේක නැති වෙලා නෙමේ, එහෙම නේද?”

“කියන්න බෑ කපු මහත්තයෝ, අපිටත් හිතාගන්න බෑ, ගෙදරම තමා තිබ්බේ”

“ඒකනේ, මහත්තයො මේකට මහත්තයලගේ ගෙදරට නිතර යන එන කෙනෙක් සම්බන්ධයි”

“ඒ කියන්නේ කපු මහත්තයෝ”, (පිස්සු හැදෙයි, දැන් මෙයා, ආ සොරි, මේ දෙයියෝ කියන විදිහට මේකට කව්රුහරි විදලා, කව්ද යකෝ මේකට විදින්නේ) “ඉතින් කව්ද අරන් තියෙන්නේ කපු මහත්තයෝ” (80,4000 ට මල පැන ඇත)

“මහත්තයෝ මේක තාම තියෙන්නේ ඒ කෙනා ලග, හොදට හංගලා තමා තියෙන්නේ, තියෙන තැන නම් කලුවරයි, කරුවල තැනක තමා හංගලා තියෙන්නේ”

“එහෙමද, කව්ද කපු මහත්තයා මේ වගේ බලු වැඩක් කරලා තියෙන්නේ?” (මටද මල පැන ඇත.)

“හ්හ්හ්හ්හ්ම්, මහත්තයෝ මේකෙන් ඔය විස්තර ඔක්කොම ගන්න බෑ, මෙව්වා සංකේත වලින්නේ මහත්තෝ පෙන්නනේ, අපි මුන්ට හොද පාඩමක් උගන්නමු, මං මහත්තයාට වැඩක් කරලා දෙන්නම්, ඕක හම්බෙයි, ඔය වගේ වුන්ට හොද පාඩමක් උගන්නන්න ඕනේ, හැදි ගෑවිලායන්න පාඩමක් උගන්නමු”

“බඩුව හම්බුනොත් ඇති කපු මහත්තයෝ”

“මහත්තයා ඉන්නකෝ, මට සල්ලි එපා, බඩුව හම්බුනාම මහත්තයගේ වැඩේ වුනාම කීයක් හරි දෙන්නකෝ, මහත්තයා මේකට ඕන බඩු ගන්න රු. 500 ක් දීලා යන්නකෝ.” (හප්පා තව 500 ක් දැන් අතේ සල්ලිත් නෑ, පොරට ක්‍රෙඩිට් කාඩ් දෙන්න යැයි.)

“කපු මහත්තයා අපි එච්චර සල්ලි ගෙනාවේ නෑ, අපි ආයේ එන්නම් කෝ සල්ලි අරගෙන.”

“මහත්තයා ලග කීයක් තියෙනවද? තියෙන ටික දීලා යන්න, පස්සේ ඉතුරු ටික දෙන්නකෝ”

“නෑ කපු මහත්තයා අපි සල්ලි අරන් එන්නම් ටවුමෙන්, කාඩ් එක තියෙනවනේ.”

ඔන්න ඔහොමයි එලියට ආවේ. බූඩිට නම් තාම මල, “කව්ද බං අරන් තියෙන්නේ මේක, මේක ඕන වෙන එකෙක් කොහෙද බං අපේ ගෙදර එන්නේ” මාර ප්‍රශ්නේ.

කීය ගියත් කමක් නෑ කියලා වැඩේ කරන්න හිතාගෙන ගියා ටවුමට. අයේ යන්න ඉස්සෙල්ලා කඩේ කට ගිහින් උදේට කෑවා.

කන ගමන් ඔන්න කෝල එකක්, බුඩිගේ මව්තුමී “පුතේ ඔයාගේ පෙන් එක මගේ බෑග් එකේනේ තිබිලා තියෙන්නේ, ඔයා එදා මට දුන්නේ ෆොටෝ ටික දලා ප්‍රින්ට් කර ගන්න, මටත් ඒක අමතක් වුනානේ.”

ඔන්න ඔහොමයි බූඩි අංජනම් බැලුවේ.

පලි: පෙන් එක මෙච්චර ඕන වුනේ එකේ ඕනෙම කරන ඩොක්ස් ටිකක් තිබුන නිසා, මීට පස්සේ නම් කිසිම ඕන කරන දෙයක් බැකප් නැතිව පෙන් එකට දාන්න එපා, ඒක තමා මේ කතාවේ මොරාල් එක.