air bus නඩත්තුව – ගුවන අරා 2.2

Posted on 2011 අගෝස්තු 3

11


මේ ලිපියත් ලිය වෙන්නේ ගුවන් යානා නඩත්තුව ගැනම තමා, ඇත්තටම මේ නඩත්තු කටයුතු ගැන කොච්චර ලිව්වත් ඉවර වෙන්නෑ. ඒතරමටම ලියන්න දේවල් තියෙනවා. නඩත්තු ගැන ලියපු පහු ගිය ලිපි කියවන්නේ නැතිව මේක කියෝලා වැඩක් නෑ. ඒක නිසා නඩත්තුව ගැන ලියපු පලවෙනි ලිපියත් , ඊලගට දෙවැනි ලිපියත් කියෝලා තමා මේ ලිපිය කියවන්න ගන්න ඕනේ.

මීලගට මේ නඩත්තු කරන හැටි ගැන බලමු. මේ සියලු ලිපි air bus සමාගමේ නිෂ්පාදනය කරන ගුවන් යානා සදහා අදාල වෙන බව ඕගොල්ලෝ මතක තියා ගන්න.

ඉස්සෙල්ලා සදහන් කරපු විදිහට ගැරේජ් එකක වාහනයක් හදන විදිහට ගුවන් යානාවක් නඩත්තු කරන්න බෑ. තාක්ෂණික ශිල්පින්ට ගලවන්න, වෙනස් කරන්න පුලුවන් වගේම අත ගහන්න බැරි දේවලුත් ගුවන් යානයේ අඩංගු වෙනවා. නොදන්නා කමින් සිදුවන සුලු අනතුරක් ජීවිත 300 ක් විතර එකපාර විනාශ කරන්න පුලුවන්. මේ නිසා  මුලින්ම ගුවන් තාක්ෂණික ශිල්පින් සතුව හොද දැනුමක් තියෙන්න ඕනේ, මේක ලබාගන්න ඒ බලපත්‍රය ලබා ගන්න ඕනේ. ඊට පස්සේ නඩත්තු කිරීමට බලය ලබා ගන්න ඕනේ. ඒ සදහා අදාලා නිෂ්පාදන සමාගම සමග ගිවිසුමකට එලැබෙන්න ඕනේ. එවිට ඔවුන් අදාල වැඩබිම, තිබෙන උපකරණ, සේවකයන් ගණන වගේම කොලිටිය බලලා තමා මේ සදහා අනුමැතිය ලබා දෙන්නේ. ලබා දෙන අනුමැතිය අනුව කල හැකි නඩත්තු සීමා වෙනවා.

ඉතින් දැන් මේ විදිහට නිෂ්පාදන සමාගම අදාල අවසරය දුන්නම එහි දැක්වෙන විදිහට නඩත්තු කටයුතු කරගෙන යන්න පුලුවන්. ඒත් ඉතින් මේ නඩත්තු තාක්ෂණික ශිල්පින්ට හරි ගුවන් ඉන්ජිනේරුවට කැමති විදිහට කරන්න බෑ. ඒ සදහා Aircraft Maintenance Manual (AMM) කියන අදාල ගුවන් යානය නෂ්පාදනය කල සමාගමෙන් ලබාදෙන Manual එක භාවිතා කල  යුතුයි. සෑම කටයුත්තක්ම සිදු කල යුත්තේ එහි දැක් වෙන ආකාරයටයි. ඉන්පිට කිසිවක් සිදුකිරීමට බලය ඇත්තේ ගුවන් යානාව නිෂ්පාදනය කල සමාගමට පමණයි. මීට අමතරව Component Maintenance Manual (CMM) නම් වෙන manual එකක් භාවිතා වෙනවා. එහි දැක්වෙන්නේ ගුවන් යානාවේ එක් එක් උපාංග ගැන සවිස්තරාත්මක විස්තර.

ඉතින් මේ අනුව අදාල කාර්ය සිදු කිරීම තමා මේ නඩත්තු කටයුතු කරන ශිල්පීන්ට කරන්න තියෙන්නේ. ඊට පිටතින් යමක් වුවහොත් එය අදාල ගුවන් යානාව නිෂ්පාදනය කල සමාගමට දැන්විය යුතු වෙනවා.

දැන් කොහොමද මේ කස්ටිය නඩත්තු කරන්නේ. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. නඩත්තු වර්ග දෙකයි.

  1. හදිසි නඩත්තු
  2. Routine නඩත්තු (සිංහල වචනය නොදනී)

අද බූඩි කියන්නේ මේ හදිසි නඩත්තු ගැන.

මේ වගේ නඩත්තු එන්නේ හදිසියේ. ඒ කියන්නේ මේ නඩත්තු සිදුවන්නේ Line එකේ. ඕගොල්ලන්ට මතක ඇති ඉස්සෙල්ලා ලිපි වල තිබුන Line Maintenance ගැන. අන්න ඒ ස්තානයේ, ඒ කියන්නේ ගුවන් තොටුපලේ (පර්යන්තය ලෙස හදුවන්වන්නේ මෙයයි) තමා මේ නඩත්තු කරන්නේ.

ඉස්සෙල්ලා සදහන් කරපු විදිහට ගුවන් යානයක් ගොඩ බැස්සුවාම තාක්ෂණ නිලධාරින් හා ශිල්පීන් ගිහිල්ලා ගුවන් යානය පර්ක්ෂාකරණවා, මේ සදහා ගතවන කාලය වෙනස් වෙනවා.  පැය 2, 3 හෝ 10, 15 වෙන්න පුලුවන්. එය රදන්නේ මේ ගුවන් යානය ඊලගට පිටත් වන වෙලාව මතයි. Sri Lankan ගුවන් සේවය පමණක් නොවේ, අනිත් ගුවන් සේවාවල ගුවන් යානා පවා මේ නිලධාරින්, ශිල්පීන් ගොස් පරික්ෂාකරණවා. ඒ ඔක්කොම අයිති වෙන්නේ  Sri Lankan ගුවන් සේවයට.

ගුවන් යාන ඇවිල්ලා නවත්තපුවම මුලින්ම කරන්නේ ගුවන්යානා තාක්ෂණ ශිල්පීන් නියමු කුටියට ඇතුල් වෙන එකයි. මේ නියමු කුටියේ තියෙනවා Flight Log එක මෙන්න මේකේ තමා Pilot (CAPTAIN) ගුවන් යානය පදවගෙන එද්දි ඇති වෙච්ච අවුල් ටික ඔක්කොම ලියන්නේ. හැබැයි පොඩි අවුලක් තියෙනවා. ගුවන් යානාවේ තියෙන වැරැදි එහෙම නැත්නම් දෝෂ කියමුකෝ ඔව්වා වර්ග 4 ක් තියෙනවා.

  • Class I
  • Class II
  • Class III
  • Class IV

මෙයින් Class I හා Class II කියන්නේ බැරෑරැම් දෝෂ. මේ දෝෂ ගුවන් යානයේ පරිගනකයේ සටහන් වෙනවා. Class III හා Class IV දෝශ Pilot හට පෙනෙන ලෙස තිරයේ දිස් කරනවා. ඉතින් Pilot සටහන් තබන්නේ  Class III හා Class IV දෝශ පමණයි. ඉතින් මේ තාක්ෂණ ශිල්පීන් මුලින්ම නියමු කුටියට ඇතුලු වෙලා මේ දෝශ අදාලා පරිගණකයෙන් ලබා ගන්නවා. ඉන්පසු එහි මුද්‍රිත පිටපතක් ගන්නවා. ඒ සදහා ප්‍රින්ටරය නියමු කුටියේ අන්තර්ගතවනවා.

A330 ගුවන් යානයක් නියමු කුටිය. කොල පාටින් පරිගනකද (3 ක් වේ) රතු පාටින් ප්‍රින්ට් වී කොලය එන ස්තානයද දැක්වේ. දර්ශන උපුටා ගැනීම: http://www.bloomberg.com/apps/data?pid=avimage&iid=iX.khuR4FaPA

ඊට පස්සේ කරන්නේ ඔය දෝෂ වලින් මුලින්ම Class IV, Class III යන පිලිවෙලට දෝෂ නිවැරදි කරන එක. වෙලා තියෙනවා නම් Class II හා Class I යන දෝෂත් නිවැරදි කරනවා. (මේක ටිකක් අමුතුයි වගේ නේ මේ ගැන ඊලග පෝස්ට් එකේ විස්තර කරන්නම්)

ඔන්න අපි දැන් බලමු කොහොමද මේ නඩත්තු වෙන්නේ කියලා.

ඉතින් අදාල තාක්ෂණ ශිල්පීයා Class IV වර්ගයේ දෝෂයක් ඇති බව හදුනා ගන්නවා. පරිගණකය අදාල දෝෂය සදහා ලබාදෙනවා කේතයක්. ඒ කේතය AMM එකෙහි සොයනවා. ඊලගට AMM හි සදහන් වෙනවා කල යුතු දේවල්.

සමහර දෝෂ Class IV උනත් එය නැවත මව් ගුවන් සමාගමට යනකම් සකස් කල යුතු නැතිනම් ඒවා සකස් කරන්නේ නෑ. සටහනක් යොදා ගුවන් යානය නිදහස් කරනවා. ඒ විස්තර පැහැදිලිව AMM එකෙහි අන්තර්ගත වෙනවා. සමහර වෙලාවට එක නිවැරදි කිරීම අනිවාර්යයයි. එසේ නම් එය නිවැරදි කරන හැටි ඉතාම සවිස්තර මේ පොතෙහි දක්වා තිබෙනවා. පල්වෙනියෙන් ගලවන්න ඕන ඇනය වගේම, අවසානයට ඇන තද කල යුතු Torque එක පවා මෙහි සදහන්. හරිම ලේසියි.

ඔන්න ඔහොමයි Line එකේ නඩත්තු කටයුතු සිදුවෙන්නේ.

පලි: Line එකේ වැඩ කරද්දි මුලින්ම කරන්නේ ගුවන් යානය නැවැත්තුවට පස්සේ  ඒකේ තියෙන කෑම ටික ඉවර කරන එක. ඒකත් ඉතින් කරන්නේ මේ නඩත්තු කරන්න සුද්ද කරන්න යන අය තමා. ඉතින් Line එකේ වැඩ කියන්නේ කාලා කාලා එපා වෙන දවසක්ම තමා.