air bus නඩත්තුව – ගුවන අරා 2.2.1

ගියපාර Line Maintenance ගැන ලිපියක් දාලා තිබුනා හැමෝටම මතක ඇති, අද ලිපියෙන් කරන්න යන්නේත් Line Maintenance ගැනම පොඩ්ඩක් පැහැදිලිකරන එකයි.

ගුවන් යානයක් cycle එකක් කියලා හදුන්වන්නේ ගුවන් යානයක් ගුවන් ගත කරලා (take-off) නැවත ගොඩබැස්ස වීමක් (Landing) සිදු කරන ක්‍රියාවලියටයි. දැන් උදාහරණයක් බලමු. කොලඹ ඉදලා මුම්බායි හරහා ලන්ඩන් යනවා කියලා හිතමු. ඔන්න කොලඹින් ගුවන් ගත කලා. මුම්බායි වලින් ගොඩ බැස්සුවා. එක Cycle එකයි. ඔන්න ආයෙත් මුම්බායි වලින් ගුවන් ගත කරලා ලන්ඩන් වල ගොඩ බැස්සුවා. තව Cycle එකයි. මුලු ගමනම බැලුවම Cycle දෙකයි. ඔන්න ඔහොම තමා ගුවන් යානයක Cycle කියන එක ගණනය කරන්නේ.

ඒ වගේම Flying Hours කියන්නේ ගුවන් යානයක් ගුවන් ගත වෙලා සිටින පැය ගණන, පොලොව මත නවත්තලා තියෙන කාලය මීට එකතු අයත් වන්නේ නෑ.

ඒ වගේම ගුවන් යානයක කරන්න ඕන නඩත්තු වලින් Routine Maintenance කියන එක කොටස් ගණනකට බෙදෙනවා. මේවා නඩත්තු කල යුතු කාල සීමාව තීරණය කරන්නේ අදාල ගුවන් යානය නිෂ්පාදනය කරපු සමාගම.

Line Maintenance සිදු කරන ආකාරය, මෙය සිදු කරන්නේ ගුවන් තොටුපලේදීමය. වෙනත් ස්තානයකට රැගෙන යාම සිදු නොකරයි. දර්ශන උපුටා ගැනීම : http://gulfnews.com/polopoly_fs/etihad-airways-1.554571!image/4176324879.jpg_gen/derivatives/box_475/4176324879.jpg

සාමාන්‍යයෙන් Air Bus ගුවන් යානාවල ඔය නඩත්තු වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමයි.

  1. Daily Check
  2. Weekly Check
  3. A Check
  4. C Check

ප්‍රධාන වශයෙන් හදුන්වන්න පුලුවන් ඉහත පරික්ෂා තමා. ඉහත පරික්ෂාත් තව අනු කොටස්වලට බෙදෙනවා.

Daily Check – සෑම පැය 36 (Flying Hours  නොවේ) කටම වරක් ගුවන් යානයක් සදහා මෙම පරික්ෂාව සිහු කරනවා. මෙය සිදු කරන්නේ Line එකේ දීයි. මේ සදහා කලයුතු කාර්යයන් රැසක් පවතිනවා. අදාල කොටස් පරික්ෂා කොට අවශ්‍යයය නඩත්තු සිදු කරනවා.

Weekly Check – දවස් 7 කට වරක්ම මෙම පරික්ෂාව සිදු කරනවා, මෙයද සිදු කරන්නේ Line එකේ දීයි.

A හා C Check අයිති වන්නේ heavy maintenance වලටයි. මෙම නඩත්තු සිදු කරන්නේ Hanger එකක් තුලදියි. මෙම නඩත්තු සදහා සැපිරිය යුතු කාලසීමා එක් එක් වර්ගය මත රදා පවතිනවා, එනම් A 320 වර්ගය සදහා ගුවන් පැය 750 ක් ගිය පසු මෙම පරික්ෂාව සිදු කල යුතුයි. A 330/340 සදහා නම් එය පැය 800 ක් පමණ වනවා.

මේ සියලු නඩත්තු හා ප්අරිෂාවන් නියම වෙලාවට සිදු කිරීම ඉතාමත් වැදගත්. ලබාදී ඇති කාල සීමාව ඉක්මවීම කිසි ලෙසකින්වත් කල නොහැකිය. එය ඉක්මවීමට පෙර සිදුකලයුතුයි. උදාහරණයක් ලෙස පැය 36 ක් ලෙස ලබාදී ඇති පරික්ෂා පැය 36 ක් යාමට මත්තෙන් 34 දී හෝ 30 දී හෝ සිදු කල යුතුයි.

මෙම නඩත්තු සැලසුම් කිරීම සදහා Production හෝ Maintenace Planning නම් වූ දෙපාර්තුමෙන්තුවක් සෑම ගුවන් යානා සමාගමක්ම සතු වනවා. නඩත්තු හා පරික්ෂා කලයුතු කාල සීමාවන් හා කල යුතු පරික්ෂා පිලිබද සවිස්තර විස්තර හා උපදෙස් ලබා දෙනුයේ මෙම අංශය විසිනුයි.

සරලව line Maintenance සිදු වන්නේ ඔන්න ඔය ආකාරයටයි. මෙය ඉතාමත් සරලව විස්තර කලත් තවත් කොටස් ගොඩක් එකතු වෙනවා. ඒ සියල්ල විස්තර කිරීම ලේසි දෙයක් නෙමේ. මීලගට එන්නේ Heavy Maintenance, බොහෝ වෙලාවය සිදු කරන්නේ Hanger එකක් තුලයි.

මේ ලිපියත් සමගම නඩත්තු ලිපි පෙල තාවකාලිකව නිමාවට පත් කරනවා. ඊලගට ගුවන් යානයක් එක් එක් කොටස ගැන කතා කිරීම බලාපොරොත්තු වෙනවා. තාක්ෂණික විස්තර අඩු කරලා සාමාන්යයෙන් කාටත් තේරෙන්න අන්තර්ගතය සැකසීමට තමා බලාපොරොත්තුව. කෙසේ වෙතත් මෙම ලිපි පෙලින් අදහස් කරන්නේ මෙම ක්ෂේත්‍රය ගැන දල අවබෝධයක් ලබා දීමටයි. එලෙසම මින් ඉදිරියට භාවිතාවන වචන සදහා එයට අදාල ඉංග්‍රීසි නාමයම භාවිතා කරනවා. පැහැදිලි කිරීමක් අවශ්‍යයය නම් පොඩ්ඩක් සදහන් කරන්න. වැඩි විස්තර අවශ්‍යයය නම් පොඩි සටහනක් දාන්නත් මතක කරන්න එපා.

ඊලග ලිපි පෙල සමගින් නැවත හමුවෙමු.

Advertisements

5 comments

  1. ලිපිය ගැන වැඩි දෙයක් කියන්න වෙන්නේ නැත්තේ, මේ දේ මට නම් සම්පුර්ණයෙන් අළුත් මාතෘකාවක් නිසා. අළුත් දේවල් කියලා දෙනවට ස්තුතියි! බලන් ඉන්නවා ඊළඟ ලිපි සීරිස්‌ ඒක එනකන්. ජය!

  2. […] ලිපියත් , ඊලගට දෙවැනි ලිපියත්  ඒවගේම තුන්වෙනි ලිපියත් කියෝලා තමා මේ ලිපිය කියවන්න ගන්න […]

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w