තවත් බැංකුවක්, වෝකින් ඉන්ටර්විව් ? – උපෙ හමාරයි – VI

Posted on 2011 අගෝස්තු 8

8


මේකත් ඉතින් දැන් මාගල වගේ කොහොමහරි කියෝපු අයට මතක ඇතිනේ වෙච්ච දේවල්.  පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල ඔය ඔක්කොම කියෝලා අවසාන පෝස්ට් එකත් කියවන්න ඕනේ.

බූඩිට හැම දේම ටික කාලෙකින් එපා වෙන ලෙඩක් තිබුනා ඒ කාලේ ඉතින් ඒ වගේම මේ HSBC වැඩෙත් එපා වෙලා තිබ්බේ මේ වෙනකොට. මතක් විදිහට මාසයක් පිරෙන්න ලංවෙලා තිබ්බේ. BT ඒ කියන්නේ Banking Trainee පැන ගන්න බූඩි බලන් හිටියත් HSBC එකේ BT සෙට් කරගන්න බැරි වුනා නේ, වැඩි කල් ඉන්නේ නැති නිසා. (HSBC එකේ BT කෙනෙක්ව ගන්නේ අවු. 2 ක ප්ලෑන් එකකකට, බොන්ඩ් එකක් නොවුනත් විශ්වාසය මත කරන එකක්, ඒක නිසා පොලු තියන එක හරි නෑ නේ, ඒක නිසා බැංකුවේ වැඩ කරන්න ඕනෙම නිසා තමා මාකටිං පැත්තට පැන ගත්තේ) ඒ නිසා අනිත් බැංකු වල BT ගන්න කන් බූඩි මීටරේ දාගෙන හිටියේ. වැඩි ගානක් තිබ්බෙ නෑ. Standard Charted එකයි Nations Trust එකයි.

Nations Trust බැංකුවේ අදුරන කෙනෙක් හිටියෙ නෑ, 2nd ලෙවල් කනෙක්ෂන් එකක් තමා තිබ්බේ. කොහොම හරි පණිවිඩේ වෙලාවට ආවා. හැබැයි ඉන්ටර්විව් තිබ්බේ සතියේ දවසක, දවස මතක නෑ (ලාවට වගේ මතකයි බ්‍රහස්පතින්දා වගේ), හැබැයි වෙලාව නම් 2.00 කියලා මතකයි. බැංකුවේ කාටවත් නොකියා ෂේප් එකේ මාරු වෙන්න පුලුවන් වුනා. ඒත් HSBC අදින කිට ගහගෙන යන්න බෑ නේ. ඒක නිසා බැංකුවෙන්ම මාරු කරගෙන ශේප් එකේ වැඩේට බැස්සා.

ආ අමතක වුනානේ අපේ ප්ලේස් එක තිබ්බේ Union Place එකේ. කවුරුත් දන්නවන්නේ ඔය ලිප්ටන් සර්කල් එක ලග තියෙන HSBC බිල්ඩින් එක. වැඩේ කියන්නේ Nations Trust එකේ ඉන්ටර්විව් තිබ්බෙත් ඔය Union place බ්‍රාන්ච් එකේම තමා. ඒකත් දන්නවානේ ඔය ඇක්සෙස් ටවර් හරියේ තියෙන්නේ. දෙකම එක ලග කාට හරි මාට්ටු උනොත් ඉතින් ඉදලා ඉවරයි නේ. ඉතින් ෂේප් එකේ වෙලාවටත් කලින් ගියා. මොකද දන්නවනේ වෝකින් ඉන්ටර්විව් වල තත්වේ. ඉස්සෙල්ලා කියන්න බැරි වුනා මේකත් වෝකින් ඉන්ටර්විව් එකක්.

කොහොම හරි 1 ට විතර යද්දිත් සෑහෙන සෙට් එකක් හිටියා. කොහොම හරි 2 වෙද්දි ගන්න දෙයක් නෑ. පෝලිම ගේට් එකත් පැනලා, දන්නවානේ ඕකට එහා පැත්තේ Hilton outlet එකක් නේ ඉතින් එකේ කෑම සුවදත් එනවා, ඒ අස්සෙන් අව්ව ඒක නම් මාර කට්ට. කොහොම හරි ඉතින් ටක් ටක් ගාලා වැඩේ කෙරුනා. ඒ කියන්නේ පෝලිම ඉස්සරහට යනවා.

BPO ආයතනයක්

ඔය පෝලිමේ ඉද්දි එල පොරක් සෙට් වුනා. මට පිටිපස්සේ හිටපු ඩයල් එක. බලන් යද්දි මිනිහා වැඩ කරන්නේ BPO company එකක. පොර ගෙන් A – Z ඔය සීන් එක ගැන දැන ගත්තා පෝලිමේ ඉන්න ටිකේ. බූඩිට මාර අසාවක් ආවේ ඒ වගේ තැනක වැඩ කරන්න. හැබැයි පොරට කිව්වේ නෑ මම වැඩක් කරන තැන චාටර් නේ.

දැන් බූඩිට මේ ඉන්ටර්විව් එකට යන්න හිතෙන්නේත් නෑ, මාර කට්ටනේ පෝලිම ඉවර වෙන්නෙත් නෑ. සමහර තැන් වල අව්ව. හැරිලා යන්න හිතෙනවා, මොකද දැන් තව සීන් එකක් තියෙනවනේ එන්ටර් වෙන්න. අද රෑට කුප්පි දාන්නත් තියෙනවනේ. කොහොම හරි ඉතින් බූඩි ඇතුලට ගියා. වැඩි වෙලාවක් ඉන්ටර්විව් කලේ නෑ. පොඩි ප්‍රශ්න ටිකක් ඇහුවා එච්චරයි.

කොහොම හරි BPO එක ගැන ප්ලෑන් එක හිතේ තියාහෙන බූඩි ගියා බෝඩිමට. ඉන්ටර්විව් එකට මොකද වුනේ කියලා ඊලගට බලමු.