බූඩි බඩු අතර අතරමං වේ, ඔබත් කඩේ ගිහින් තියෙනවද?

Posted on 2011 අගෝස්තු 16

7


බූඩි අද කියන්නේ යන්නේ පොඩි ආතල් වැඩක් ගැන. පොඩි කිව්වට පොඩි නෑ. හෙනම හෙන ලොකු දෙයක්. කොච්චර ආතල්ද කියලා බලන්නනම් කරලම බලන්න්න ඕනේ. මේ කියන්න යන්නේ ඒ ගැන තමා.

බූඩි පොඩි පොඩි වැඩ කරලා කීයක් හරි හොයාගත්තත් පොඩි කාලේ ඉදලමයි, දෙයියනේ කියලා පඩියක් ගත්තේ AL කරලා ඉවර වෙලා HSBC එකේ වැඩ කරද්දි. ඒ ගැන කියවලා නැතිනම් මෙතනින් ඒ ටික බලන්න පුලුවන්. ඒත් ඉතින් ඊට පස්සේ කැම්පස් යන්න ගත්ත දා ඉදන් බූඩි ආයෙත් යැපෙන්නෙක් වුනා. ඒත් ඉතින් මහන්සිවෙලා තමන් උපයන එකේ තියෙන්නේ මාරම මාර ආතල් එකක්. පඩි ගන්න අය දන්නවා මේ ගැන.

ඒත් ගිය අප්‍රියෙල් වල ඉදලා බූඩි යැපෙන්නේ බූඩි ගෙන්මයි. ඒ කියන්නේ තවත් දෙමපියන්ගේ සල්ලි වලින් නෙමේ. මේකත් ඇත්තටම මාරම ආතල් දෙයක්. මයි කාර් මයි පෙට්‍රල්. ඒ කොහොම උනත් බූඩි තාම අම්මගෙයි, තාත්තගෙයි පොඩි පුතාම තමා. කොච්චර වුනත් පහුගිය ටිකේ බූඩි හිටියේ ගෙදර, ඒක නිසා ඉතින් කන්න බොන්න වගේම අනිත් දේවලුත් ගෙදරින් තමා හම්බුනේ. ඒ නිසා හම්බෙන මුලු ගානම බැංකුවේ දාන්න පුලුවන් වුනා. හැබැයි ඉතින් ඒකෙන් ආයෙන් යැපෙන්නෙක් වුනා. ඒත් ඉතින් අතට එන පඩිය හින්දා අර ආතල් එකනම් අඩු වුනේ නෑ.

දැන් තමා අද කතාවට බහින්න යන්නේ. ගිය සෙනසුරාදා අම්මත් එක්ක පොඩි ගමනක් යන්න සෙට් වුනා. බූඩි ගෙදර ඉද්දි ඉතින් හැම ගමනටම යන්න වෙන්නේ බූඩිටනේ (පඩි රහිත රියදුරු :P ) ඔන්න ඒ වගේම් එදාත් අම්මත් එක්ක ගමනක් ගිහින් අම්මව ඩ්‍රොප් කරලා එද්දි තමා මේ අයිඩියා එක ආවේ. බූඩිට ආවා මාරම මාර බඩගින්නක්. ඇත්තටම කියනවා නම් බඩගින්නක් නෙමේ පෙරේතකමක්. ඊලග දවස ඉරිදා හින්දා හොද පාටියක් දාන්න හිතුනේ බූඩිටත් නොදැනුවත්මයි.

කාගිල්ස් එකත් පහුවෙලා නැති නිසා එනගමන් ඔහොන්ම හැරෙව්වා.

ඔන්න දැන් බූඩි ඕන කරන බඩු ගන්නවා.

ඇතුලට ගියාම තියෙන්නේ මාර බඩු ගොඩක්. දැක්කම හැමදේම නිකන් ගන්න ඕනේ වගේ. කොහොම හරි ඉතින් පෙරේත කම යන්න ඕන කරන දේවල් දාගත්තා. ඊලග දවස ඉරිදා නිසා අම්මට කියලා හදාගන්න තමා ප්ලෑන් එක.  ඉස්සර අපි කඩේ යන්නේ අම්ම හරි තාත්තා හරි එක්කනේ. ඒ ගියත් අපිට ඕන දේ ගන්න බෑ.

“තාත්තේ මේකක් ගමු කෝ” කියලා කිව්වත්  “ආ මෙව්වා ලමයින්ට හොද නෑ, ආ මෙව්වා ගණන් ලමයෝ” ඔය වගේ දේවල් නේ කියන්නේ.

පස්සේ අතට සල්ලි දීලා බඩු ගේන්න කිවවත් ඉතින් ආශාව තද කරන් අනිත් බඩු දිහා බල බල ගේන්න කියපු දේ ගේන එකනේ හූල්ල හූල්ල කරන්නේ.

ඒත් ඉතින් දැන් නම් මයි කාර් මයි පෙට්‍රල්නේ, ඒක නිසා හිතෙන් දේ ඕන විදිහට ගන්න පුලුවන්. ඒත් සමහර වෙලාවට මාරම ප්‍රශ්න.

මෙන්න මේ වගේ බූඩි ගියා සෝස් එකක් ගන්න. හප්පා තියෙන ගොඩ කියලා වැඩක් නෑ. ජාතිම කීයක්ද, කිස්ට්, එම් ඩී විතරක් නෙමේ තවත් බ්‍රෑන්ඩ් ගොඩක්. තව තක්කාලි, චිලි, ජාති ගොඩක්. මොකක් ගන්නද කියලා හිතාගන්න බෑ. එකක් ගන්නත් බෑ. එකක් අරන් බලද්දි අම්මෝ මාර ගනන්. අඩු ගණන් එකක් බලද්දි ඒක මෙලෝ රහක් නෑ. අන්තිමේදි ඉතින් දගලලා දගලලා ඇවරේජ් එකක් ගත්තා.

මස් ගන්න යද්දි උනෙත් ඔය වගේ දෙයක්. පාට්ස් ද, කුකුලද (මරපු එකෙක්🙂 )? ඔහොම බලලා ගණන් හදලා අන්තිමේදි බූඩි කුකුලව ගත්තා.

ඔන්න ඔය වගේ බඩු ගන්න එක මාරම මාර වාතයක් වගේම ගේමක්. බුද්ධිය මෙහෙයවන ගැටලුවක්. බූඩිට එක වසර මතක් වුනා. රු. 50 ක් අරගෙන අරක මේක මේ ගානට ගත්තම ඉතිරි කි‍යද? අරකද මේකද වැඩියේ ලාබ. බූඩිට ඔහොම හදපු ගණන් මතක් වුනත් ඒ කොයි පන්තියද කියලා මතක් යුනේ නම් නෑ.

පස්සේ බූඩිට හිතුනා ගෙදරටත් මොනවා හරි ගන්න කියලා. ගෙදර මොනාද නැත්තේ කියලා දන්නේ නැති වුනත් ඔය හැමදාම ඕන කරන් දේවල් ටිකක් ගත්තා. සබන්, කව්පි, පරිප්පි, සීනී, උයන්න එලවලු ටිකක්, කෝටියල්, ජෑම් වගේ දේවල්.

එලවලු ටිකකුත් ගත්තා. තෝරලම ගත්තේ බෝංචි වගේ ඒවල නම් නරක් වෙච්ච ගොඩක් තිබුන හින්දා. බෝඩිමේ උයන්න නුවර කාගිල්ස් එකේ එලෝලු තෝරලා තියෙන හින්දා වැඩේ අමාරු වුනේ නේ.

කොහොම හරි අන්තිමේදි කව්න්ටරේ ලගට ඇවිත් බලද්දි විනාඩි 45 ක් විතර ගිහින් (වෙනදට කවුන්ටරේ ලගින් ගන්න එව්වනම් ගත්තේ නෑ😉 ). බඩු ගන්න එක මෙච්චර අමාරු වග දැන ගත්තේ බූඩි නම් එදා. විශේෂයෙන්ම තමන්ගේ සල්ලි වලින් බඩු ගද්දි.

ඉතින් මම කියන්න ගියේ තමන්ගේ සල්ලි වලින් බඩු ගද්දි වෙන දේවල් ගැනයි, ඒවගේම ගෙදරට එහෙම බඩු මල්ලක් ගිහින් දාද්දි ඇති වෙන සතුට ගැනයි. ඒක නම් මාරම මාර ආතල් වැඩක්.

බොරු නම් කරලා බලන්න, කරලා තියෙන අය දන්නවා ඇති මේ ගැන. ඇත්දැකීම් තියෙනවා නම් සටහන් කරලා යන්න පහලින්.

එහෙනම් බූඩි යන්න යනවා.