නිදහස් ම්රුදුකාංග දිනය සමරන්න එක්වෙන්න

කව්රුත් දන්නවනේ සැප්තැම්බර් මාසය ප්‍රසිද්ධ වෙන්නේ සාහිත්‍යය මාසය කියලනේ. හැබැයි මේ කියන්න යන්නේ සාහිත්‍යයය ගැන නම් නෙමේ. ඊටත් උදව් වෙන තවත් වැදගත් දෙයක් ගැනයි.

සැප්තැම්බර් මාසයේ යෙදෙන තවත් විශේෂ දෙයක් වෙන්නේ නිදහස් ම්රුදුකාංග දිනයයි. 2004 වර්ෂයේ පටන් ගත්ත මේ දින සැමරුම පසුව සැප්තැම්බර් තෙවන සතියේ සෙනසුරාදා සමරන්න පටන් ගත්තෙ 2006 දී ඉදලයි. ඉතින් මේ අවුරුද්දෙත් මේ දිනය සමරන්න කටයුතු සූදානම් කරලා තියෙන්නෙ.

ඒ සැප්තැම්බර් 17 වන දායි. ඉතින් හරියටම මේ දිනයටම නෙමේ කොහොමහරි මේ මාසේ ඇතුලතම විවිධ උත්සව සංවිධානය කරලා මේ අවස්ථාව සමරන්න නිදහස් ම්රුදුකාංග සදහා සහාය දෙන පිරිස දැනටමත් සූදානම්.  ඉතින් ඔබත් මේ සදහා සහාය දෙන්න එකතු වෙන්න සූදානම් නම් කරන්න තියෙන්නේ තමන් ඉන්න තැනට කිට්ටු නගරයේ ඇති සැමරීම් උලෙලට එකතු වෙන එකයි. හරිම ලේසියි.

ම්රුදුකාංග නිදහස් දිනය, සැප්තැම්බර් 17 අප සමග සමරන්න එකතුවන්න

තව බ්ලොග් පෝස්ට් එකක් දාන්න, කවුන්ට් ඩවුන් එකක් තමන්ගේ බ්ලොග් එකේ දාගන්න එකත් ලොකු සහයක්.

ඊට අමතර උත්සවයක් සංවිධානය කරන්න කැමතිනම් පහත අඩවියේ ලියාපදිංචි වෙන්න අමතක කරන්න එපා.

www.softwarefreedomday.org

සිංහල කවුන්ට් ඩවුන් එක දැනටමත් වැඩ, ඒක ගැන වැඩි විස්තර මෙන්න මේ ලිපිනයෙන් ගන්න පුලුවන්.

http://wiki.softwarefreedomday.org/CountDown/si

ලංකාව වටේ තියෙන උලෙලවල් ගැන දැන් ගන්න ඕනේ නම් මෙන්න මේ සබැදිය භාවිතා කරන්න පුලුවන්.

http://wiki.softwarefreedomday.org/2011/Sri Lanka

ප්‍රතිචාර 4ක්

arunishapiro වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න