ගුවන් යානයක ප්‍රධාන කොටස් – ගුවන අරා 3.0

Posted on 2011 සැප්තැම්බර් 1

6


ඔන්න කියපු විදිහටම මේ පාර ඉදලා පටන් ගන්න යන්නේ වැඩිපුර තාක්ෂණික දේවල් වලින් අඩු කාටත් ආස හිතෙන පෝස්ට් පෙලක්. වැඩි පුර තාක්ෂණික පැත්ත දැන ගන්න ඕනේ නම් බූඩිට දන්වලා එවන්න.

අද කතා කරන්න යන්නේ ගුවන් යානයක භාහිරින් පේන වැදගත් කොටස් ගැනයි. ආයෙමත් කියන්නේ මේ පෝස්ට් ඔක්කොම පදනම් වෙන්නේ Airbus ගුවන් යානා ගැනයි. ඒ මොකක්ද කියලා දන්නේ නැතිනම් මේ පෝස්ට් එක කියවලා එන්න.

මේ පින්තූර වල දැක්වෙන්නේ Airbus ගුවන් යානා කිහිපයක් එම පින්තූර අධාරයෙන් කොටස් මොනාවාදැයි හදුනා ගන්න තමා මේ සූදානම.

බැලූ බැල්මට පෙනෙන කොටස් ගැන මුලින්ම සලකා බලමු.

Airbus ගුවන් යානයක භාහිර කොටස්

1 – Power Plant

අංක 1 මගින් රූපයේ දෙතැනක දක්වා තිබෙන්නේ මෙයයි. Power Plant ලෙස හදුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම ගුවන් යානයට බලය ලබාදෙන එන්ජිම් දෙකයි (මේ ගුවන් යානයේ එන්ජිම් දෙකක් සහිතයි එන්ජිම් 4 ක් සහිත ගුවන් යානාත් තිබෙනවා). මුලුගුවන් යානයම බලගන්වන්නේ මේ මගිනුයි. ගමනට අවශ්‍යයය බලය මෙන්ම විදුලි බලය, Pneumatic ජනනය සදහාද මෙමගින් දායකත්වය ලබාදෙනවා.

2 – Nose Cone 

ගුවන් යානයේ මුල්ම කොටස වන මෙය මුලින්ම වාතය සමග ගැටෙන කොටසයි. ඊට අමතරව මෙහි ඇතුලත Weather Radar ඇන්ටෙනාව අඩංගු වෙනවා.

3 – Nose Landing Gear

අංක 3 මගින් දැක්වෙන්නේ Nose Landing Gear එකයි.

4 – Main Landing Gears

මෙමගින් දැක්වෙන්නේ Main Landing Gear එකයි. දෙපසම පිහිටා තිබෙන මෙම රෝද මගින් ගොඩබිම දී ගුවන් යානය දරා සිටිනවා. මෙය හා Nose Landging Gear ගුවන් යානය ගුවන් ගත කල පසු හකුලා ගනු ලබනවා, එය හදුන්වන්නේ Retraction ලෙසයි. මෙම Gears හරි හැටි ක්‍රියාත්මක නොවීම නිසා යානය ගොඩ බැස්සවීමේදී  ඉතා බරපතල අනතුරු සිදු විය හැකියි. A320 ගුවන් යානය නිර්මාණය කර ඇත්තේ හදිසි තත්වයකදී Nose Landing Gear ක්‍රියාවිරහිත වූවද නිරුපද්ද්‍රිතව යානය ගොඩ බැස්සවිය හැකිවන ආකාරයටයි. කෙසේ වුවත් මෙම Landing Gears සෑම විටම පරික්ෂාකර බලනවා,

මේ වීඩියෝ වේ දැක් වෙන්නේ Nose Landing Gearඅක්‍රීයව ගොඩ බැස්සවූ JetBlue Airways හි A320 ගුවන් යානයක් ගැනයි.

5 – Horizontal Stabilizer 

නමෙන්ම කියවෙනවා වෙන දේ. තිරස් තලයේදී ගුවන් යානය සමතුලිතව තබා ගැනීම මෙහි අරමූණයි. Elevator ඇත්තේ මෙම තටුවලයි, ඊට අමතරව ගුවන් යානයට අවශ්‍යයය කරන තෙල් ද තටු තුල අන්තර්ගතයි.

6 – Vertical Stabilizer

නමෙන්ම කියවෙනවා වෙන දේ. සිරස් තලයේදී ගුවන් යානය සමතුලිතව තබා ගැනීම මෙහි අරමූණයි. Ruder සවිකොට ඇත්තේ මෙහියි.

7 – AAP

ගුවන් යානයේ අවසානම කොටසයි මේ, Airborne Auxiliary Power කොටස පිහිටා ඇත්තේ මෙහියි. APU ලෙසින් හදුන්වන Auxiliary Power Unit පිහිටා ඇත්තේ මෙම කොටසේය. මේ ගැන විස්තර පසුවට.

8 – Wings

තවත් වැදගත්ම කොටසක් ලෙස ගුවන් යානයේ තටු හැදින්විය හැකියි. ගුවන් යානයට එසවුම් බලය ලබාදීමට මේ තටු භාවිතා කරනවා. Aileorans, flaps, slats යන පාලකද මෙම තටුවේ අඩංගුවෙනවා. පසුපස තටුවේ වගේම ගුවන් ඉන්ධන ගබඩා කර ගැනීමටත් මේ තටුව යොදාගන්නවා. දකුණු පස හා වම් පස ලෙස තටු හදුන්වනවා.

මේ තටු සවිවී ඇති බද හදුන්වනු  ලබන්නේ Fuselage ලෙසයි, එය ප්‍රධාන කොටස් 3 කින් සමන්විත වෙනවා.

ඔන්න ඔය ටික ගැන් තමා භාහිරින් කියන්න තියෙන ගුවන් යානයක වැදගත්ම දේවල්.

දැන් ගුවන් යානයේ සමහර කොටස් දන්න නිසා ඊලගට එන පෝස්ට් වල ඒ වල නාමයක් භාවිතා කරන්න තමා බූඩි හිතාගෙන ඉන්නේ. ඊලග පෝස්ට් එකෙන් ගුවන් යානයේ ඇතුලත ගැන බලමු. ගිහින් එන්නම්.