ප්ලේන් පරක්කු වෙන්නේ ඇයි? – ගුවන අරා 2.2.1

Posted on 2011 සැප්තැම්බර් 1

3


මේ ලිපියත් ලියවෙන්නේ ගුවන් යානා නඩත්තුව ගැනම තමා, ඇත්තටම මේ නඩත්තු කටයුතු ගැන කොච්චර ලිව්වත් ඉවර වෙන්නෑ. ඒතරමටම ලියන්න දේවල් තියෙනවා. නඩත්තු ගැන ලියපු පහු ගිය ලිපි කියවන්නේ නැතිව මේක කියෝලා වැඩක් නෑ. ඒක නිසා නඩත්තුව ගැන ලියපු පලවෙනි ලිපියත් , ඊලගට දෙවැනි ලිපියත්  ඒවගේම තුන්වෙනි ලිපියත් කියෝලා තමා මේ ලිපිය කියවන්න ගන්න ඕනේ.

අලුත් ලිපි පෙලක් පටන් ගන්නවා කියලා අවසාන පෝස්ට් එකේ දැම්මට ඉතින් මේ ගැන කියන්නම ඕනේ කියලා හිතුනා, මොකද මේ ගැන අහලා බූඩිට තකහනියේ මුහුණු පොතේ පණිවිඩයක් තිබුන හින්ද.

ප්ලේන්වල  යන අය දන්නවා ඇති සමහර වෙලාවට කෝව්චි වගේම ප්ලේන්නුත් පරක්කු වෙනවනේ. ඒකට හේතුව මොකක්ද, ඇයි එහෙම වෙන්නේ.

ප්ලේන් එකක් යන එන වෙලාව සැලසුම් කරන්නේ යම් ක්‍රමයකට අනුවයි, ඒ කියන්නේ ගුවන් යානා සමාගමක් (Airlines) සතියේ නිශ්චිත දවසකට ගමන් වාර සැලසුම් කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් හැම බ්‍රහස්පතින්දාම 3.30 ලන්ඩන් බලා Sri Lankan Airlines ගුවන් යානයක් ගුවන් ගත වෙනවා. ඉතින් ඕක හරියටම නියම කරගත්තු දෙයක්. අවුරුද්දේ හැම දාම මේ වෙලාවට හා දිනේට මේ ගුවන් සමාගම තමන්ට අයිති ගුවන් යානයක් අදාල නැවතුමට ගුවන් ගත කරනවා.

ඔන්න ඔය විදිහට සැලසුම් කරන ගුවන් යානයක යන්න ඉන්න මගින් නියමිත වෙලාවට ගුවන් තොටුපලට ආවත් සමහර වෙලාවට ගුවන් යානය පරක්කු වෙන්න පුලුවන්. ඒකට හේතුව මෙන්න මේකයි.

ගුවන් යානයක් කියන්නේ යන්තරයක්, දෝෂ ඇතිවෙන්න පුලුවන්. කාර් එකක් නම් පොඩි දෝෂයක් තියාගෙන යන්න පුලුවන් වැඩිම වුනොත් අතරමග හිටිනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නෑ නේ. ඒත් ප්ලේන් එකකට එහෙම බෑ. ඒක නිසා ගුවන් ගත කරන්න කලින් අදාල ගුවන් යානය 100% ක්ම ගුවන් ගත කිරීමට සුදුසු මට්ටමේ ඇති බවට සහතික වෙන්න ඕනේ.

සාමාන්‍යයෙන් පොඩි හරි අවුලක් වුනොත් ගුවන් යානය ගුවන් ගත කෙරෙන්නේ නෑ. ඉතින් ඒ වගේ වෙලාවට කරන්නේ තම ගුවන් සේවයටම අදාල තවත් ගුවන් යානයක් මේ සදහා යොදවන එක. ඒත් සමහර වෙලාවට එහෙමෙ නිදහස් ගුවන් යානයක් හොයාගන්න බැරි උනොත් ගුවන් ගමන පරක්කු කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

ඉතින් මේ පරක්කුව ඇතිවෙන්නේ කාගෙවත් වැරැද්දක්වත් නැතිනම් ගුවන් සේවයේ දෝෂයක් වත් නිසා නෙමේ. ගුවන් යානයේ තියෙන කාර්මික දෝෂයක් නිසා. මේ කාර්මික දෝෂත් හදිසියේ ඇති වන දේවල්. නැතිනම් මෙලෙස කාර්මික දෝෂ ඇති වෙන්න බෑ.

ඩුබායි, ලන්ඩන්, ෆැරැන්ක්ෆර්ට් වගේ ගමනාන්ත වලටත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා පිටත් කරනවානේ. ඔන්න ඔය වෙලාවට අදාල ගුවන් යානයේ මොකක් හරි අවුලක් ගියොත් ඉතින් සෑහෙන වෙලාවක් ගුවන් ගමන පරක්කු කරන්න සිද්ඩ වෙනවා. එක් හේතුවක් වෙන්නේ එය නිවැරදි කරන්න ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්මික නිලධාරින් ඒ ගුවන් තොටුපලවල නැති එක. සුලු දෝශයක් නම් ගිවිසුමකට අනුව තවත් ගුවන් සේවයකට බාරදීලා හදාගන්න අවස්ථාව තිබුනත් දෝෂය ලොකු එකක් නම් කොලඹින් තාක්ෂණ නිලධාරින් යැවිය යුතු වෙනවා.

පොඩි දෝෂයක් තිබිලා හදාගත්තත් තදබදය වැඩි ගුවන් තොටුපලවල  ඊලගට වෙලාවක් ලැබෙන කම් ඉන්න වෙනවා. මොකද අදාලා ගුවන් යානයකට ලබාදෙන වෙලා ඒ ගුවන් යානය සදහා වෙන්වන නිසා. ඊලගට ධාවන පථය නිදහස් වන වෙලාවක් එන තුරු නැවත් බලා සිටීමටත් සියලු කටයුතු අදාල වෙලාව මත නැවත සැකසීමටත් සිද්ධවෙනවා. මේ සියලු දේ නිසා ගුවන් යානයක් පරක්කු වීම ඉතාමත් විශාල අලාබයක්.

ගුවන් යානයක් යම් ගමනාන්තයකට ගිහින් නැවත ඊලග ගමනට යන්න කලින් කල යුතු පර්ක්ෂාවන් කිහිපයක් වෙනවා. මේ සදහා අවම වි. 50 ක් 70 ක් ගත වෙනවා. අදාල කාර්මික දෝෂය ඒ කාලය ඇතුලත හදාගන්න බැරි වුනොත් ඉතින් ගමන පරක්කු කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. හුගාක් වෙලාවට ජෙට් එන්ජින් වලට කුරුල්ලන් ඇදිලා ඒම නිසා ඇතිවන අලාබානි නිවැරදි කරන්න සිද්ධ වෙනවා. මේ හේතුව නිසා ගොඩාක් වෙලාවට ගුවන් ගමන් පරක්කු වෙනවා. නවතම එන්ජින් නම් මේ සදහා ඔරොත්තු දෙන විදිහට තමා හදන්නේ. (ජෙට් එන්ජින් ගැන ඉස්රහට කියන්නම් කෝ)

ඔන්න ඔහොම තමා ඉතින් ප්ලේන් එකක් පරක්කු වෙන්නේ. ඉට පස්සේ පරක්කු වෙද්දි හිතාගන්න පුලුවන්නේ වෙච්ච් දේ.