නපුංසක වෙලද ප්‍රචාරණ

මේ දිනවල එක් වෙලද සමාගමක් තම වෙළද භාණ්ඩයක් ප්‍රචාරණය කරන්නේ, තාම කෙල්ලෙක් සෙට් වෙලා නැද්ද? ජොබ් එකක් නැද්ද? අය්යෝ ගාන්න මේ ක්‍රීම් එක. ඕන්න වෙලද ප්‍රචාරණ. දැන් කොල්ලෙකුට කෙල්ලෙක් සෙට් කර ගන්නත් ක්‍රීම් ඕනේය. ජොබ් එකට යන්න ක්‍රීම් නැතුම බැරිය (ක්‍රීම් ගාන්නේ කිනම් ස්තානයේද නොදනී).

මෙවැනි ප්‍රචාරණ කරන්නේ ලංකාවේ තරුණයින් නපුංසකයන් යැයි සිතා විය යුතුය. ඔය ක්‍රීම් එන්නට කලින් කොල්ලෝ කෙල්ලෙක් හොයා නොගත්තා විය යුතුය. ජොබ් නැතිව හාමතේ මිය ගියා විය යුතුය. එනිසා මේ සමාගම කල මෙහෙවර සදහා අප ඔවුනට කල ගුණ සැලකිය යුතුය.

අපේ නපුංසක බව පෙන්වීමටත් ඔවුන්ට කලගුණ සැලකීමටත් සෑම තරුනයෙක්ම මේ ක්‍රීම් එක මිලදී ගෙන කෙල්ලෙක් හා ජොබ් එකක් හොයාගන්න. මේ අවස්ථාව මග නොහරින්න. තව තවත් මේ බූවල්ලන් ශක්තිමත් කොට රටේ සල්ලි මිටි පිටින් රට පැටවීමට මෙම සමාගම්වලට අවශ්‍යයය ශක්තිය ලැබේවා. ලාංකීය ජනතාව මේ සදහා අවශ්‍යය සෑම සහයෝගයක්ම ලබා දෙනු නිසැකය.

ඊලග පෝස්ට් එකෙන් හම්බෙන කම් හොදට ක්‍රීම් ගාගන්න.

ප්‍රතිචාර 8ක්

  1. වෙළඳ ප්‍රචාරණය ගැන නම් කවර කතාද? ඒවයෙ අරමුණම පරිභෝජන උවමනාව වැඩි කරන එකනේ. එහෙම නැත්තං පරිභෝජන උවමනාවක් ඇති කරන එක. මිනිස්සු මෝඩයො කරන එක තමයි එතනදි වෙන්නෙ. අපිත් ඒවට සැදී පැහැදී ඉන්නවනෙ ඉතිං.

    ඔය ජනප්‍රිය කොස්මෙටික් සමාගමක් තියෙනවා වැඩි ප්‍රචාරණයක් නැතත් අර දම්වැල් ක්‍රමේට බඩු විකුණන. කෙල්ලො ඒව ඕඩර් කරන්න පොරකනවා. මම දන්න දෙතුන් දෙනෙකුත් ඉන්නවා. උන් ඔය තියෙන හැම ඉලව්වක්ම ගානවා. හැබැයි පේන සුදක් නම් නෑ… 😀

  2. දැන් මෙහෙ යන අලුත් දැන්වීම් ටිකක් ද වෙනස් විදියකින් පටන් ගෙන. දරුවන් සහ මුනුපුරුවන් මිනිපිරියන් රවටන විදියෙ ඒවා. අම්මයි තාත්තයි කන චොකලට් පුඩින් කෑම නොකන්න දරුවන්ට විශේෂ නරකාදියක් ඇතැයි බිය කිරීම; තාත්තා දියණියගෙ සුරතල් මාළුවා කමින් දුවට බොරු කීම; මිත්තණියක් දියණියගේ බර්ගර් එක හොරෙන් කෑම යනාදිය රූපවාහිනි දැන්වීම් වලට රිංගා ගෙන. අමුතු කලාවක් කාලයේ චින්තනය නොව දක්වන්නේ හිතන විදියට වෙනස් වූ අමුතු ඉදිරිපත් කිරීමකින් මිනිත්තු ගණනක අවධානය අල්ලා ගන්න උත්සාහයක් බවයි මට හිතෙන්නෙ. කැමති අය සිටිවී ද නැත්නම් ඒ දැන්වීම් කලාව නැති වී යැයි ද කියා තව ටික දොහක් ගියාම දැන ගන්න ලැබේවි.

  3. හික් හික්.. මෙහෙමයි වෙළඳ ප්‍රචාරණය ගැන දැනුමක් නැතිව වෙළඳ දැන්වීම් හැදුවම ඔහොම තමයි. මේක මට හිතෙන්නේ ශිහාන් මිහිරංග ව දාලා මෝටර් බයික් එකක් හඳුන්වා දුන්නට ඒක කොල්ලෝ ගන්නේ නැහැ. ඒ කියන්නේ කොල්ලන්ට ඒක Feel වෙන්නේ නැහැ. මොකද කොල්ලන්ගෙ ලෝකයේ වීරයා ඔහු නොවන නිසා.
    මේකත් ඒ වගේ තවත් එක් අසාර්ථක ප්‍රචාරණ දැන්වීමක් පමණයි. මේක කොල්ලන්ට Feel වෙන්නේ නැහැ. මීට වඩා හොඳට විකුණුනා Fair and Lovey menz Active කියන කොල්ලන්ට හදපු ක්‍රීම් එක. මොකද ඒ දැන්වීමට මෙවැන් ගොන් දේවල් එකතුකරලා නොතිබුන නිසා.

  4. ඉන්දියාවේ එක වරක් පාවහන් දැන්වීමක් ගියා. එහි දැක්වෙන්නෙ සම්පූර්ණයෙන් නිරුවත් තරුණයෙක් හා තරුණියක් එකිනෙකා වැළඳගෙන ඉන්නවා. නමුත් ඔවුන් දෙදෙනාම ඉන්නෙ පාවහන් පැළඳගෙන. කොහොමෙන් හරි ඔය වැඩෙන් දැන්වීමත් තහනම් වෙලා ඒ තරුණියගෙ ගෙදරත් කුඩු වුණා.

හිස් අහස වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න