ආචාර්යය මර්වින් සිල්වා ගෙන් තවත් රජ වැඩක්

Posted on 2011 සැප්තැම්බර් 20

7


ලද ඉතාමත් කෙටි කාලය ඇතුලත මෙම ලිපිය ලිවීමේ අභියෝගය භාරගත් මා කෙතරම් සාර්තක දැයි තව මිනිත්තු 15 කින් කිව හැකි වනු ඇත. ඉතා හදිස්සියේ වුවද මේ ලිපිය ලියන්නේ එය වැදගත් දෙයක් නිසාවෙනි.

මිනිසෙකු වීරයෙකු හෝ දුෂ්ඨයෙකු වන්නේ ඔහ කරන කියන දෙය අනුවය. කෙලින්ම කියනවානම ඔහු ගේ ක්‍රියාවන්ය.

සැවොම දන්නා ආචාර්යය මර්වින් සිල්වා ඇමතිතුමා ගේ එඩිතර ක්‍රියාවක් නිසා ජීවිත බොහෝ ගණනක් බේරීමනම් සැබෑම වීර ක්‍රියාවකි.

ඒ බිලි පූජා සදහා කැපකරතිබූ සතුන් විශාල ගණනක් ආචාර්යය මර්වින් සිල්වා ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා නිදහස ලැබීමයි.

Sunday Times පුවත්පතේ පල වූ ලිපිය  හා යූ ටියුබ් වීඩියෝ දර්ශනය

සමහරක් විට සමහරු මෙය ඔහු ප්‍රසිද්ධිය තකා කල දෙයැක් යැයි කිව හැක. ඔව් එසේ විය හැක ඔහුගේ හිත කියවීමට මා සතු වරමක් නැත. එහෙත් එහි අවසාන පලය වූයේ සතුන් නිසදහස්වීමයි. ඉතින් ඔහුගේ චේතනාව කුමක් වුවද අවසානය පලය වනාහි ඉතාමත් ශේෂ්ඨ දෙයකි. අප ඔහුට ගරු කල යුත්තේ කෙතරම් ඇමතිවරුන්, දේශපාලකයින් එම ප්‍රදේශයේ සිටියත් ඔවුන් ඇස් කන් පියගෙන ඉන්නා විට එඩිතර මෙවැනි ක්‍රියාවක් සදහා යොමුවීමයි. මුන්නේශ්වරම කෝවිල යනු බොහෝ හාස්කම් තිබෙන වන්ද්නීය ස්ථානයක් බව ප්‍රසිද්ධය. බද්‍ර කාලි යනු හූනියම් සදහා විද්වතෙකි. එවැනි දේවාලයකය අභියෝග කිරීම පවා ඉතාමත් නිර්භය ක්‍රියාවක් වන්නේ එනිසාය.

කලකට ඉහත මා ජීවත් වුයේ මේ දේවාලයට කි.මි. 15 පමණ දුරින්ය. හලාවත යන විට මෙය පසු කල යුතුය. මා දැක ඇති පරිදි  ද්‍රවිඩයන්ට වඩා මෙහි එන්නෝ සිංහලයෝය. එනම් බොහෝ සිංහලයන්ගේ වන්දනීය ස්තානයකි. ගැබිණි මව්වරු, නව වාහන හිමිකරුවන් අනිවාර්යයෙන් යන එන තැනකි. ඔහු අභියෝග කලේ ඒ සියල්න්ටමය.

ඔහුට දේව කෝපය එල්ල කිරීමේ යාගයක් මුන්නේශ්වරම කෝවිලේ පවත්වන බවට පුවතක්ද වේ. එහෙත් මරන්නට යන කෙනෙකු බේරාගත් කෙනෙකුට බිය වියයුත්තේ කුමකටද?

අවසානයේ සටහන් කල යුත්තේ පුද්ගලයා මැනිය යුත්ටේ ඔහුගේ ක්‍රියාවෙන් මිස කතාවෙන් නොවන බවය. යෙමෙකු වැරැද්දක් කල විට ඔහුට බැනිය යුතුය, එය පෙන්වා දිය යුතුය. එමෙන්ම ඔහු හොදක් කල විට ඔහු ගැන ප්‍රශංසා කල යුතුය. එහෙයින් මෙම ලිපිය වෙන්වන්නේ මෙතරම් කාලයක් කිසිත් කරගනු නොහැකිව සිටි සියලු නිවටයින්ට හොද ආදර්ශයක් ලබා දුන් ඇමති මර්වින් සිල්වාගේ වීරකමටය.

මෙය දේශපාලන ලිපියක් නොවන බව කරුණාකර සලකන්න.