twitter ගිණුම් සදහා ෆිෂින් උත්සහාය, ඔබත් අහුවුනාද?

ඕගොල්ලො දන්නවා ඇතිනේ ෆිෂින් කියන්නේ අපිව ගොනාට අන්දලා අපේ වටිනා දේවල් උදාහරණයක් විධිහට මුරපද වගේ දේවල් හොරකම් කරන එකනේ. ඉතින් twitter.com හි ගිණුම් ඇති ඔබටත් මෙවැනි අන්දමේ පණිවිඩ ලැබුණා නම් හා ඒසදහා ක්‍රියාකාරී වුවා නම් ඔබත් දැනටමත් එහි ගොදුරක් වී අවසානයි. එනිසා මේ ගැන දැනුවත් වීම ඉතා වැදගත්.

ඉතින් මොකක්ද මේ, මේකේ ආරම්භ විධිහට මෙන්න මේ වගේ මේල එකක් ලැබෙන්න පුලුවන්.


බැලූ බැල්මට මෙහි කිසිදු වෙනසක් නෑ, සැබැ twitter.comපණිවිඩයක් මෙනි. හොදින් බැලුවොත් from, reply to, subject, signed-by යන කොටස් පවා ඉතාමත් සමාන ලෙස සකසා තිබෙනවා. මීලගට පණිවිඩය ගන්න. එහි ලිපිනය දක්වා ඇත්තේ කෙටියෙන් කිසිම වෙනසක් නොහැගෙන ලෙස. පණිවිඩයෙන් කියවෙන්නේ ඔබ ගැනයි, ඔයාගේ මොකක් හරි දෙයක් දැකලා හිනා ගියා කිව්වම ඔක්කොටම කලින් මේක බලන්න තමා ඕනේ. ඉතින් මේ මොකක්ද කියලා බලන්න ඕනේ හදිස්සියට ඔක්කොම අමතක වෙලා ලින්ක් එක උඩ ක්ලික් කරනවා. ඔක්කොමටම වඩා ඉක්මනට මේ පින්තූරේ මොකක්ද කියලා බලා ගන්න තමා දැන් තියෙන හදිස්සිය.

ඊලගට මේ ලින්ක් එක යන්නේ මේ අඩවියට,

හොර අඩ්විය

100% ක්ම twitter.com හා සමානයි එහෙත් ලිපිනය පර්ක්ෂාකර බලන්න එමගින් මෙය බොරුඅඩවියක් බව හදුනා ගත හැකියි. ඔබ වැරදිලා හෝ ඔබේ මුරපද, භාවිතා නාම ඇතුලි කලේ නම් ඔවුන් එය රදවා ගෙන මෙලෙස පණිවිඩයක් ලබාදෙනවා.

මෙමගින් කියවෙන්නේ අඩවියේ පොඩි වැරැද්දක් නිසා ලොග් වීමට නොහැකි බවය. එහෙත් නැවත ලොග් වීමට Try Again ලින්ක් එක පවතිනවා. එය යොමු වන්නේ සැබෑ twitter අඩවියටයි. ඔබ රැවටී නැවත උත්සහා කලොත් ඔබ පිවිසෙන්නේ ඇත්ත අඩ්වියටයි, එහි නැවත ඔබේ මුරපද, භාවිතා නාම ලබා දුන් විට twitter වෙත ලොග් විය හැකියි. හැබැයි මේ වෙන කොටත් අර ෆිෂින් අඩවිය ඔඅබේ මුරපද, භාවිතා නාම හොරකම් කරලා ඉවරයි.

මේ නිසා සෑම විටම මුරපදයක් ඇතුලු කිරීමට ප්‍රථම ලිපිනය පරික්ෂාකරන්න මතක කරන්න එපා. twitter.com හා සමාන twittiler.com යන ලිපින තමා මෙතැනදී භාවිතා කරලා තියෙන්නේ. මේනිසා හොද කල්පනාවෙන් මේ වගේ වෙලාවට හැසිරීමට මතක තබා ගන්න.

Advertisements

3 comments

  1. මටත් ආවා ඔය DM එක. හැබැයි දැක්ක ගමන්ම හිතුනා මොකක් හරි ෆිෂින් සීන් එකක් කියලා. ඒක නිසා පණිවිඩේ මට එවපු අයව දැනුවත් කරලා නිකන් හිටියා

  2. […] ගිය පාර ලියපු පෝස්ට් එක නිසා තමා මේ පෝස්ට් එක දාන්න හිතුනේ. ඉතින් මේ පෝස්ට් එකෙන් බූඩි කියන්න ඉන්නේ ඕගොල්ලන්ව රවට්ටන, සරලව කියනවා නම් මෝඩයට අන්දලා වැදගත් දත්ත හොරකම් කරන ක්‍රම වලින් (ෆිෂින් කියන්නේ මේකට තමා) බේරෙන හැටි ගැන. […]

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w