ඇපල් මාමා මලේය, ඔහු ඉතුරු කොට ගිය දේ . .

ඇපල් මාමා මලේය. ඇපල් බිහි කලේ ඔහුය, අද ඇපල් ඉතිරි කොට ඔහු නික්ම ගොස් ඇත. ඇපල් මාමා වීරයෙකි. ගුණවත් මිනිසෙකි. ඇත්තටම කියවනවා නම් පොරකි. ඇපල් මාමා කල කී දෑ බොහෝය. ඒ ගැන කියන්නට ගියොත් බූඩිට ලියන්න ගොඩාක් දේ ඇත. සීසර් මිය ගිය විට මාක් ඇන්තනි අවසාන කතාව පැවැත්විය. ඔහු පැවසූ ආකාරයටම බූඩි මේ සැරසෙන්නේ ඇපල් මාමා වර්ණනා කිරීමට නොවේ. ගුණ කතනය කිරීමටත් නොවේ.

ඇපැල් මාමා මිය ගියේ ඔක්. 5 වැනිදාය. අද ඔක්. 7 වැනිදාය. මා එය දැන ගත්තේ ඔක්. 6 වැනිදාය.

ඇපල් මාමා ගැන මා සොයන්නට පටන් ගත්තේ මා සාමාන්‍යයය පෙල කරන කාලේය, ඒ කාලේ ඇපල් මාමා ස්ටැෆර්ඩ් දේශනය සිදු කොට තිබුනේ නැත. නමුත් ඔහු ගැන එක එක කතා පැතිර තිබුනා. එදවස පටන් මා ඔහු අනුගමනය කිරීමට පෙලබුනු බව කිවයුතුමයි. ඔහුගේ උත්සහාය හා නිර්මාණශීලීත්වය බූඩිහේ සිත් ගත්තා කිව්වොත් නිවැරදියි.

ස්ටැෆ්‍ර්ඩ් කතාව බූඩි කියෙව්වේ විදුසර පත්තරයෙනි. මේ වන විට මා එය කියවා ඇති වාර ගණන අපමණයි. මා පරාජිතයෙකු යැයි හැගෙන බොහෝ විටෙක මා එය කියවා සිත ශක්තිමත් කර ගනී (මීට අමතරව තවත් කතා ගොඩක් තිබෙනවා). ඇපල් මාමාගේ කතාව මෙතැනින් බැලිය හැක.

ඇපල් මාමා වීරයෙකි, බූඩිට නම් ඔහු වීරයෙකි. ඉගෙන ගැනීමට පාඩම් බොහොමයක් ඉතිරි කොට ඇපල් මාමා අප දමා ගොස් ඇත.

මා ජීවිත කාලය පුරාවට කිසිදු ඇපල් භාණ්ඩයක් භාවිතා කොට නැත. එනම් මිලදීහෙන නැත. ඒ මා පුද්ගලිකව ඒවාට කැමති නැති නිසාය. නමුත් බොහෝ දෙනා මේ වන විටත් ඇපල් භාවිතා කරන බව නොරහසකි. අයි පෑඩ් එකක් ගන්න සිහින මැවූ මගේ මිතුරෙක් ලගදී එය ඉටු කර ගත්තේ ද, මැක් එයර් පෙන්නමින් සෙවල හලන සහෝදරයෙක්ද, මම පාවිච්චි කරන්නේ ඇපල් විතරයි කියන බොහෝ දෙනෙක්ද ඇපල් මාමා අපට ඉතිරි කර දමා ගොස් ඇත. ඔවුන් කෙතරම් ඇපල් වලට වහ වැටී ඇත්ද එමගින් පෙනී යයි. එනම් ඒ ඇපල් මාමා බිහි කල ඒ නිෂ්පාදන වටිනාකම පෙන්වන දර්ශකයකි.

එපමණක් නොව ඇපල් මාමා තවත් කණ්ඩායමක් බිහි කොට ඇති බව අද facebook වෙත ගිය විට නිසැකවම පසක් වනු ඇත. ප්‍රෝෆයිල් පික්චර්ස් වෙනස් කරමින්, වීඩියෝ වලින් වෝල් පුරවමින්, ස්ටේටස් උප්ඩේට් කරමින් පිස්සු නටන අපතයින් රැලක් ඇපල් මාමා නිසා බිහි වී ඇත. (අපතයින් යනු ආතක් පාතක් නැති පිරිසකි.) ඔවුන් එසේ කරන්නේ ඇපල්, ඔවුන්ගේ එතරම් ජීවිතයට සමීප නිසා විය යුතුය. එක අතකට ඔවුන්ගේ බුකියේ කැමති දෙයක් දාගැනීම ඔවුන්ගේ අයිතියකි. එහෙත් එය අපේ වෝල් වලද පෙන්වන එක නම් කරදරයකි. මෙසේ වැලපීමට තරම්ම ඇපල් මාමා ඔවුන්ට සමීප ද යන්න තවත් ප්‍රශ්නයකි.

බූඩි මේ නිවුස් එක දැන් ගත්තේ තනුජගෙන්ය, නැත්නම් තවමත් නොදන්නවා විය හැකිය. බුකියට යෑමට වෙලාව නැති නිසාය. මේ දවස වල ප්‍රොජෙක්ට් වැඩ නිසා ජීවිතය අවුල් වී ඇති සැටියකි. ලිදේ සිටින මැඩියාට සමානය.

ශෝකය පල කිරීමට බුකියේ ස්ටේටස් එකක් දැමිය යුතු යැයි සිතුනු නිසාම ඒ සදහා සිත යොමු විය. මා ඇපල් භාවිතා කොට නැති නම් ඇයි මම ස්ටේටස් එකක් දැමිය යුත්තේ යන ප්‍රශ්නය මා සිතට පැමිනියේය. නැත මා ඔහුට ප්‍රිය කලෙමි. ඔහුගේ අනුගාමිකයෙකි. එනිසා එය කල යුතුය. මෑතකදී ජෝ මාමා අපෙන් සමු ගත් විට මා ශෝකය පල කලේ නැත. කේ. ජයතිලක, තවත් වීරයෙකි, මා කිසිවක් කලේ නැත. එසේ නම් ඇපල් මාමාට ??? මා අදහස අත්හැර ගත්තේය.

බූඩිට වීරයන් රැසක් ඇත. ලංකාව තුලද ඉන් පිටතද වීරයන් එකසේ වේ. එලෙසම අනුගමනය කරන අයද වේ, එනම් රෝල් මොඩල් ලෙස හදුන්වන්නන්ය. ඇපල් මාමා ඉන් අයෙකි. ඔහුගේ ලාංකික මොඩලය වන්නේ සන්නස්ගලය, මාගේ අදහස එයයි. සන්නස්ගල ගැන මා දැන ගත්තේ ඇපල් මාමා ගැන දැන ගන්නා කාලයේ සිටමය. ඔහු මාගේ ප්‍රියතම චරිතයක් බවට පත් වන්නේ හර්දයාබාධයෙන් පසුවය. කෙසේවුවද දෙදෙනාම 0 සිට දියුණු වූවන් නිසා දෙදෙනාගේම සමානකම වන නොපසු බට උත්සහාය ඉතාමත් සිත්ගන්නා සුලු වේ. සන්නස්ගල මට වටින්නේ ඔහු ලාංකිකයෙකු නිසාය.

අපි කෙතරම් කුහකද? කිසිදා දැක නැති ඇපල් මාමා නිසා අපි වෝල් පුරවමු. බුකිය ජරා කරමු. එහෙත් අපේම මිනිසුන් අපි ශතයට මායිම් නොකර සිටී. ජාතියක් වශයෙන් අපි සිටින්නේ කොතැනද? ඇපල් මාමා ජාතික වීරයෙක් විය යුතුය, ඒ ඇමෙරිකාවටය, අපට නොවේ. ඔහු මිනිසුන් කීයකගේ බඩ කට පුරවන්නේද? ඔබමාට බදු ගෙවා තවත් රටකට කෙලින්න උදව් පදව් කරන්නේද? එනිසා ඔහු වීරයෙකි. සල්ලි පසු පස හබා ගිය ඔහු ඕපන් සෝස් වෙත කල ඇත්තේ කුමක්ද? ප්‍රශ්න රැසකි.

ඇපල් මාමාට දුක් වෙන හැත්ත නවලෝක මුදලාලි නැතුවුන වෙලාවේ බුකියේ වැලපුනේ නැත. ඒ නවලෝක මුදලාලි ලංකා රජය බදු ගෙවූ නිසාය. අපේ බඩ කටවල් පුරෝපු නිසාද? ලංකාවේ මිනිස්සුන්ට කන්න බොන්න දුන් නිසාද? ඇපල් මාමා ගැන කියෝපු කීදෙනෙක් නවලෝක මුදලාලි ගැන කියවලා තියෙනවාද? “නව ලොවට පෑයූ හිරු” කියෝපු කීදෙනෙක් ඉන්නවද? ඇපල් මාමාට වඩා නවලෝක මුදලාලි අවතක්සේරුවන්නේ කෙසේද මා නොදනී. බුකියේ න්‍යායයට අනුව නවලෝක මුදලාලි අප හැරදමා ගිය විට මා බුකියට ලින්ක් එකක් හා ස්ටේට් එකක් දැම්මේය. නමුත් ඇපල් මාමාට ඒ කිසිවක් කලේ නැත.

බූඩි නම් ඇපල් මාමාට වඩා නවලෝක මුදලාලිට හදවතින්ම ගරු කරන්නේ ඔහු ලාංකිකයෙක් නිසාය. කොටින්ම කියන්වා නම් අපේ කෙනෙක් නිසාය. බූඩිට අපේ කම වටින්නේ අන් කිසිම දෙයකටත් වඩා ශක්තිමත් දෙය අපේ කම නිසාය.

ඇපල් මාමා වීරයෙකි, එහි කතා දෙකක් නැත. ඔහුගෙන් ඉගෙන ගත යුතු පාඩම් රැසකි. එහෙත් එලෙසම අපේ රටේ වීරයන් ද රැසකි. අපේ රටේ වීරයන් අපිට වටින බවත් ඉන් පසු අනෙකුත් පිරිස වන බවත් බුකියේ පිස්සු නටන හැත්ත සිහිතබා ගත යුතුය. අභිමානවත් ජාතියක් ලෙස නැගී සිටිය හැක්කේ එවිටය.

Advertisements

16 comments

  1. මචං බූඩි.
    නවලෝක මුදලාලි කලේ සල්ලි ගොඩ ගහපු එක. එයා හොඳ වැඩත් කලා. ගොඩාක් නරක වැඩත් කලා. ඒක ප්‍රසිද්ධ රහසක්. ඇපල් මාම එහෙම නෑ. එයා Role Model එකක්.
    අනික ඇපල් මාම අපේ ජීවිත වලට ගොඩක් කිට්ටුයි. එකයි මිනිස්සු දුක් වෙන්නෙ. ඒ මිනිස්සු World Class Achievement එකක් කරල තියනව.
    KFC එකෙ ලොක්ක මැරුනු දවසටත් අපේ උන් දුක් වෙයි. මට කියපන් අපේ පෙරේර and Sons එකේ පෙරේර මාම ඉන්දියාවටවත් එක සීනි බනිස් ගෙඩියක්වත් විකුනල තියනවද?

    ජෝයි අබේවික්‍රම මලාට අපේ කොල්ලො කෙල්ලන්ට සත පහක ගානක් නෑ. එත් Shah Ruck Khan මැරුනොත් අපේ කෙල්ලො වහ කයි. මොකද Shah Ruck Khan ඉන්දියාවෙ හිටියත් අපේ හිත් වලට කිට්ටුයි. උබ ජෝයිගෙ film කීයක් බලල තියෙනවද? Shah Ruckගෙ film කීයක් බලල තියනවද?

    තිත්ත උනත් ඇත්ත ඒකයි බං. අපි අඬන්නෙ අපිට සමීප උන් මැරුනම. නැතුව ඒකා අපේ රටේද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ.

    • ඩිලාන් අයියේ; ඔක්කොම හොරු තමා අයියේ. උබත් හොරෙක්, උබ ඊ-බේ එක කොල්ල කනවා උබට පුලුවන් විදිහට උබ හොරකම් කරනවා. ඇපල් මාමාත් මුලින් හොරකම් කලා. යාලුවන්ගෙන් හොරකම් කලා. මිනිස්සුන්ට කොච්චර උනත් තමන්ගේ රටේ දේ ලොකු වෙන්න ඕනේ, සීනී බනිස් ගෙඩියක් මෙතෙන්ට අදාල නෑ. ඇමෙරිකාවේ තියෙන මාකට් එක වගේම තාක්ෂණය නිසා උන්ට ලෝකේ පුරා විහිදෙන එක ප්‍රශ්නයක් නෙමේ, ලංකාවේ අයට ඒ වගේ අවස්ථා හරිම අඩුයි. පුලුවන් කම තිබුනත්.
      තව දෙයක් උබලා වගේ පරයි පිටරට දේ තමන්ගේ කර ගත්තතම කොහොමත් අපේ දේවල් හබං තමා.
      තව දෙයක් අයියේ උබ ඔච්චර එකට ඉදලා දන් නැද්ද මම බොලිවුඩ් බලන්නෑ කියලා. ජෝ ගේ ෆිල්ම් ගොඩක් බලලා තියෙනවා. ලගදි සෙල්වම් ආපුවම ඒකත් බලනවා. මට නම් ෂාරුක් වැදගත් නෑ. ඊට වඩා ජෝ වටිනවා.

  2. මෙකයි සීන් එක… හැමෝගෙම වැරදි තියෙනව. එනිසා මම කොච්චර ස්ටීව් ට කැමති උනත් එයා තමා ලොකෙන්ම වැඩකරු කියල කියන්නෙ නෑ..

    මිනිසෙක් සමීප වෙන්න එයා අපි ලයිව් දැනගෙන ඉන්න ඔනෙ නෑ.. එක සමහරවිට තමුන් එදිනෙදා කරන දේවල් මත එක පදනම් වෙනව.. මම එක උදාහරණ කියන්නද? මම හැමදාම උදේට නැගිට්ටම කරන එක දෙයක් තමා GiZmodo සහ Redmondpie ටෙක් නිව්‍ස් චෙක් කරන එක. මොකද එයාල කරන දේට මම හරි කැමති නිසා. ඔය දේවල් කරන Taimur Asad කියන මනුස්සයට හදිස්සියෙ මොකක් හරි උනොත් මට නම් ගොඩක් දුක හිතෙයි. ලංකාව ගමු. අපෙ ටෙක්කතා සහ සිංහල බලොග්කරැවන්ගේ සංදය රන් කරන කට්ටියට මොකක් හරි උනත් එක එහෙම තමා. මොකද අපි හාමදාම වගේ සිංඩිකෙටරය පාවිච්චි කරනව, හැම සිකුරාදම ටෙක් කතා සෙට් වෙනව. හරියට අපෙ ජිවිතෙ වගෙ. ජාතිවාදය හෝ රටවල් වල වෙනස මෙකට අදාල නැති බවයි මට පෙන්නෙ.. ඔයා හිතන්නෙ අපේ රටෙත් ගෙවන බදු මුදල් හැම තිස්සෙම යන්නෙ හොඳ වැඩවලට කියලද? එවගෙම තමා ඇපල් එකෙ තියා එ රටෙ කවුරුත් රජයට බදු ගෙවන්නෙ එක තමාගෙ යුතුකම මිසක් ජරා වැඩ කරන්න දෙන උදව්වක් හැටියට නෙමේ…

    මම වැඩිය චිත්‍රපට බලන කෙනෙක් නෙමේ නිසා ජෝ මාහත්මයා ගැන වැඩි අවබෝදයක් නෑ. ඔන්න අපෙ අම්මයි තාත්තයි නම් ගොඩක් දුක් උනා මොකද එයාල එව බලන නිසා. බැට්මෑන් එකෙ ජෝකර් මැරුනාම ( නම දන්නෙ නෑ ) ලොකෙ ගොඩක් අය දුක් උනා මට මතකයි. එත් ඉතින් මට එකෙන් ගානක් නෑ මොකද මම ඕවට වැඩිය නැති නිසා.

    හැබැයි කතාවෙ ඇත්ත මොකද සමහර සත්තු ඉන්නව ලංකාවෙ කොපමන දේ තිබ්බත් අනිත් රටවල දෑ අගය කරන. අපෙ ටෙක් කතා වලට කැමති නැති එහෙම සතෙක් මම පෞද්ගලිකව දන්නව. එ ගති අරින්න අපිට බෑනෙ…

    මම උදේට නැගිටින්නෙ මගෙ iPod Touch එකෙන් වයි ෆයි එකෙන් ටෙක් නිව්ස් බලලා, කොහෙ ගියත් එක මම ගාව, බස් එකෙ, කාර් එකේ, කොච්චියේ කියල වෙනසක් නෑ. ස්ටීව් ගෙ කී නෝට් වීඩියෝ, සොෆ්ට්වෙයාස්, මැක්, අයිපොඩ්, අලුතින් හඳුන් වල දෙන SDK අප්ඩේට් හැම දෙයක්ම මට සමීපයි. මොකද මම ගොඩක් වෙලාවට එවත් එක්ක ජීවත් වන නිසා.

    හැමදෙයක්ම සාපෙක්ශයි.. මගේ කැමැත්ත තියෙන ක්ශෙත්‍රය ගැන මම උනන්දුයි, එගැන හැම වෙලාවෙම සෙවිලලෙන් ඉන්න නිසා එවා කරන අය ගැන දන්නව. එතකොට මම උනන්දු නැති දෙයක් කරන කෙනෙක් ගැන මට එච්චර වැඩක් නෑ. එඅය නිකන්ම අපෙ ජිවිත වලට සමීප වෙනව..
    ජාති වාදය නෙමෙ…. මම හිතන්නෙ අදාල පුද්ගලායා කරන වැඩය.. මම ඇපල් සහ ලිනක්ස් නැතිවම බැරි මනුස්සයෙක්, සාපෙක්ශයි නේ??? බොරු කියන්න ඔනෙ නෑ.. මට ස්ට්ව් මැරුන එකට ගොඩක් දුකයි.

    ඇපල් නිසා ඇඩ් දමන කට්ටිය ඔන තරම්. උන්නම් මෝඩයො තමා. එක හරි.

    ඔයාගෙ පෝස්ට් එක හොඳයි..

  3. තව එකක්.. ඔය ස්ට්ව් කියන කෙනා ලොකු සෙවයක් අපෙ සිංහල කමට කලා. එක අමතක කරන්න එපා… ලංකාවෙ ගොඩක් ස්මාර්ට් ෆොන් තියෙන්නෙ නොකියා නෙ? විවාදයක් නෑ. එක ඕපන් සෝස්… නමුත් අදටත් සිංහල තියෙනවද? නෑනෙ?

    නමුත් ඇපල් iPhone iOS 4 වලදි built in සිංහල සපෝර්ට් එක ආව. දැන් මැක් වලට සිංහල ටයිප් කරන්නත් පුලුවන් කිසි අවුලක් නැතිව. මම මේ ගරහනව නෙමේ.. මම දවසින් පැය 7ක් විතර ගත කරන ලිනක්ස් උබුන්ටු වලටත් එනකොට හරියට සිංහල රෙන්ඩරින් නෑ. වෙනම දාගන්න උනා.
    ඒත් මැක් වල ඔය කිසි අවුලක් නෑ.

    ඕපන් සෝස් ලොකු සේවයක්. මම පිලිගන්නව. නමුත් අප වෙනුවෙන් ඇපලුත් සමහර දෙ කරල තියෙන බව පිලිගන්න 🙂

  4. පරස්-පර විරෝධී කතා කියන්න තරම් බූඩියට තරහ ගිහින් වගේ. මම පිටරට දේ තමන්ගෙ කරගන්නවලු. මම Ebay එක කොල්ල කනවලු. මොනවද මේ කියන කතා?
    කෙනෙක් අවංකව comment එකක් දැම්මම එකට re-comment කරන එක හොඳයි. එත් පුද්ගලික මඩ ප්‍රහාර කරන එක නම් ඒ තරම් හොඳ, වැදගත් වැඩක් නෙමේ නේද බූඩි මල්ලි?

    අපේ දේවල් අගය කරන්න ඕනා. ඒත් සිංහල කම පෙන්නන්න බටහිර හැමදේටම හරක් වගේ බනින, ගරහන එක තමන්ගෙ නූගත්කම එළි කරන වැඩක්.

    උබ ඔහොම නෙමෙයි කොහොම කිව්වත් Technology පැත්තෙන් Steve Jobs තරම් ඉහලට ගිය එකෙක් අපේ රටේ නෑ. ඇමෙරිකාවෙ නෙමේ මේ ලෝකෙ කොහෙ ඉපදුනත් ඌ පොරක්. සිරා පොරක්. ඒ උගෙ iphone එක නිසා නෙමෙයි. ඒ උගෙ චින්තනය නිසා.

    ඒක පිලිගනින් මල්ලියා.

  5. මචන් උබ මෙතන උඩ යට පටලොගෙන ඉන්නෙ.ස්ට්ව් ජොබ්ස් කියන්නෙ ගොඩක් මිනිස්සුන්ගෙ රොල් මොඩ්ල් කෙනෙක්. ඉතින් ඇපල් මාමා මැරුනම එ මිනිස්සුන්ට දුක හිතෙන එක සාධාරණ නැද්ද? කාටවත් කාගෙන්වත් බලෙන් ගරුත්වය ලබා ගන්න බැ මචන්. ජො ට හරි , නවලොක මුදලාලිට හරි නැති තැනක් එ මිනිස්සුන්ගෙ හිතේ ඇපල් මාමට තියෙනව.ඒක පිළිගන්න බැරි තරමට කුහක වෙන්න එපා මචන්.

    මේක අපේ රට ගැනවත්, බදු මුදල් ගෙවන එක ගැනවත් ප්‍රශ්ණයක් නෙවේ. මේක පුද්ගලයෙක් ගැන ප්‍රශ්ණයක්. ඒ මිනිස්සු අවණ්කව දුක් වෙනව නම් අපිට උබලට ප්‍රශ්ණයක් නෑනේ. ඒක ඒ මිනිස්සුන්ගෙ අයිතියක්. ඇපල් මාමා නැත්තම් මේ ලෝකෙ මීට වඩා දැන් ගොඩක් වෙනස් වෙන්න තිබුනා.
    ඇපල් මාමා විශිෂ්ඨ පුද්ගලයෙක් කියල උඹත් පිළි ගන්නවනෙ.

    මතක තියා ගනින්…….
    කාටවත් කාගෙන්වත් බලෙන් ගරුත්වය ලබා ගන්න බැ.

  6. @ Prasad Jayashanka,

    //එ රටෙ කවුරුත් රජයට බදු ගෙවන්නෙ එක තමාගෙ යුතුකම මිසක් ජරා වැඩ කරන්න දෙන උදව්වක් හැටියට නෙමේ…//

    යුතුකමක් නිසාමත් නෙමෙයි ප්‍රසාද්, නොකර බැරි විදියට ක්‍රමය හැදිලා තියන නිසයි.

    වැඩි පිරිසකගේ පඩිය අතට ලැබෙන්නෙ බදු කපාගෙනමයි. බදු වංචා නිසා තමයි මාෆියා අයවත් අන්තිමේ හිරේ දාන්න ඇහැකි වුනේ!!! බදු වැඩි කරන්නයි කියා ප්‍රසිද්ධියේ දේශනා කරන ඇමෙරිකාවේ ඉහළ ධනපතියන් අතරින් දෙවැනියා වන වොරන් බෆට් ද ගෙවන බදු අඩු කරගන්න නොයෙකුත් හිල් වලින් පනින්න උත්සාහ කරන්නෙක් බව හෙළි වෙලා තියනවා.

    යුතුකම නිසා පමණින් බදු ගෙවන්න ඉඩක් ලැබුනොත් කොච්චර පිරිසක් බදු ගෙවන එකෙන් අයින් වෙයි ද කියලා දකින්න හැකිවේවි. ඉස්සර වෙලා ම අයින් වෙන්නෙ මමයි!!!

  7. මචන්…….. නවලෝක මුදලාලි කියන්නෙත් ස්ටීව් කියන්නෙත් හොඳ ව්‍යවසායකයෝ.ඔබ කියන විදිහට නවලෝක මුදලාලි ස්ටීව් ජොබ්ස්ට වඩා වීරයෙක් වෙන්න ඇති. ඒ ලංකාවේ අපට ……. නමුත් ලංකාවෙන් එපිට අය දන්නේ නෑ නවලෝක මුදලාලි කියන්නේ කව්ද කියලා. නමුත් නවලෝක මුදලාලිට වඩා ස්ටීව්ට පුළුවන් උනා මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න. අන්න ඒකයි මේ ලෝකේ ඉන්න බහුතරයකගේ හිතේ ජොබ්ස් වීරයෙක් උනේ.අනික ඔබත් මමත් දෙන්නාම අද හරි ලේසියට පරිගණකය ඉස්සරහ හොඳට හරි බරි ගැහිලා ලොකේ වටේ සැරි සරන්නේ ඒ වගේ මිනිස්සුන්ගේ කැප කිරීම් නිසා.

  8. ඇපල් මාමා open source community එකට කරපු කිසිම දෙයක් ගැන මම අහලා නෑ. එයා ඒ අය ගැන හිතන්නෙත් නෑ. අඩුම ගානේ iOS application develop කරන්න ලබාදෙන Xcode IDE එකත් apple වල විතරයි වැඩකරන්නෙ.

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w