ඇපල් මාමා මලේය, ඔහු ඉතුරු කොට ගිය දේ . .

Posted on 2011 ඔක්තෝබර් 7

16


ඇපල් මාමා මලේය. ඇපල් බිහි කලේ ඔහුය, අද ඇපල් ඉතිරි කොට ඔහු නික්ම ගොස් ඇත. ඇපල් මාමා වීරයෙකි. ගුණවත් මිනිසෙකි. ඇත්තටම කියවනවා නම් පොරකි. ඇපල් මාමා කල කී දෑ බොහෝය. ඒ ගැන කියන්නට ගියොත් බූඩිට ලියන්න ගොඩාක් දේ ඇත. සීසර් මිය ගිය විට මාක් ඇන්තනි අවසාන කතාව පැවැත්විය. ඔහු පැවසූ ආකාරයටම බූඩි මේ සැරසෙන්නේ ඇපල් මාමා වර්ණනා කිරීමට නොවේ. ගුණ කතනය කිරීමටත් නොවේ.

ඇපැල් මාමා මිය ගියේ ඔක්. 5 වැනිදාය. අද ඔක්. 7 වැනිදාය. මා එය දැන ගත්තේ ඔක්. 6 වැනිදාය.

ඇපල් මාමා ගැන මා සොයන්නට පටන් ගත්තේ මා සාමාන්‍යයය පෙල කරන කාලේය, ඒ කාලේ ඇපල් මාමා ස්ටැෆර්ඩ් දේශනය සිදු කොට තිබුනේ නැත. නමුත් ඔහු ගැන එක එක කතා පැතිර තිබුනා. එදවස පටන් මා ඔහු අනුගමනය කිරීමට පෙලබුනු බව කිවයුතුමයි. ඔහුගේ උත්සහාය හා නිර්මාණශීලීත්වය බූඩිහේ සිත් ගත්තා කිව්වොත් නිවැරදියි.

ස්ටැෆ්‍ර්ඩ් කතාව බූඩි කියෙව්වේ විදුසර පත්තරයෙනි. මේ වන විට මා එය කියවා ඇති වාර ගණන අපමණයි. මා පරාජිතයෙකු යැයි හැගෙන බොහෝ විටෙක මා එය කියවා සිත ශක්තිමත් කර ගනී (මීට අමතරව තවත් කතා ගොඩක් තිබෙනවා). ඇපල් මාමාගේ කතාව මෙතැනින් බැලිය හැක.

ඇපල් මාමා වීරයෙකි, බූඩිට නම් ඔහු වීරයෙකි. ඉගෙන ගැනීමට පාඩම් බොහොමයක් ඉතිරි කොට ඇපල් මාමා අප දමා ගොස් ඇත.

මා ජීවිත කාලය පුරාවට කිසිදු ඇපල් භාණ්ඩයක් භාවිතා කොට නැත. එනම් මිලදීහෙන නැත. ඒ මා පුද්ගලිකව ඒවාට කැමති නැති නිසාය. නමුත් බොහෝ දෙනා මේ වන විටත් ඇපල් භාවිතා කරන බව නොරහසකි. අයි පෑඩ් එකක් ගන්න සිහින මැවූ මගේ මිතුරෙක් ලගදී එය ඉටු කර ගත්තේ ද, මැක් එයර් පෙන්නමින් සෙවල හලන සහෝදරයෙක්ද, මම පාවිච්චි කරන්නේ ඇපල් විතරයි කියන බොහෝ දෙනෙක්ද ඇපල් මාමා අපට ඉතිරි කර දමා ගොස් ඇත. ඔවුන් කෙතරම් ඇපල් වලට වහ වැටී ඇත්ද එමගින් පෙනී යයි. එනම් ඒ ඇපල් මාමා බිහි කල ඒ නිෂ්පාදන වටිනාකම පෙන්වන දර්ශකයකි.

එපමණක් නොව ඇපල් මාමා තවත් කණ්ඩායමක් බිහි කොට ඇති බව අද facebook වෙත ගිය විට නිසැකවම පසක් වනු ඇත. ප්‍රෝෆයිල් පික්චර්ස් වෙනස් කරමින්, වීඩියෝ වලින් වෝල් පුරවමින්, ස්ටේටස් උප්ඩේට් කරමින් පිස්සු නටන අපතයින් රැලක් ඇපල් මාමා නිසා බිහි වී ඇත. (අපතයින් යනු ආතක් පාතක් නැති පිරිසකි.) ඔවුන් එසේ කරන්නේ ඇපල්, ඔවුන්ගේ එතරම් ජීවිතයට සමීප නිසා විය යුතුය. එක අතකට ඔවුන්ගේ බුකියේ කැමති දෙයක් දාගැනීම ඔවුන්ගේ අයිතියකි. එහෙත් එය අපේ වෝල් වලද පෙන්වන එක නම් කරදරයකි. මෙසේ වැලපීමට තරම්ම ඇපල් මාමා ඔවුන්ට සමීප ද යන්න තවත් ප්‍රශ්නයකි.

බූඩි මේ නිවුස් එක දැන් ගත්තේ තනුජගෙන්ය, නැත්නම් තවමත් නොදන්නවා විය හැකිය. බුකියට යෑමට වෙලාව නැති නිසාය. මේ දවස වල ප්‍රොජෙක්ට් වැඩ නිසා ජීවිතය අවුල් වී ඇති සැටියකි. ලිදේ සිටින මැඩියාට සමානය.

ශෝකය පල කිරීමට බුකියේ ස්ටේටස් එකක් දැමිය යුතු යැයි සිතුනු නිසාම ඒ සදහා සිත යොමු විය. මා ඇපල් භාවිතා කොට නැති නම් ඇයි මම ස්ටේටස් එකක් දැමිය යුත්තේ යන ප්‍රශ්නය මා සිතට පැමිනියේය. නැත මා ඔහුට ප්‍රිය කලෙමි. ඔහුගේ අනුගාමිකයෙකි. එනිසා එය කල යුතුය. මෑතකදී ජෝ මාමා අපෙන් සමු ගත් විට මා ශෝකය පල කලේ නැත. කේ. ජයතිලක, තවත් වීරයෙකි, මා කිසිවක් කලේ නැත. එසේ නම් ඇපල් මාමාට ??? මා අදහස අත්හැර ගත්තේය.

බූඩිට වීරයන් රැසක් ඇත. ලංකාව තුලද ඉන් පිටතද වීරයන් එකසේ වේ. එලෙසම අනුගමනය කරන අයද වේ, එනම් රෝල් මොඩල් ලෙස හදුන්වන්නන්ය. ඇපල් මාමා ඉන් අයෙකි. ඔහුගේ ලාංකික මොඩලය වන්නේ සන්නස්ගලය, මාගේ අදහස එයයි. සන්නස්ගල ගැන මා දැන ගත්තේ ඇපල් මාමා ගැන දැන ගන්නා කාලයේ සිටමය. ඔහු මාගේ ප්‍රියතම චරිතයක් බවට පත් වන්නේ හර්දයාබාධයෙන් පසුවය. කෙසේවුවද දෙදෙනාම 0 සිට දියුණු වූවන් නිසා දෙදෙනාගේම සමානකම වන නොපසු බට උත්සහාය ඉතාමත් සිත්ගන්නා සුලු වේ. සන්නස්ගල මට වටින්නේ ඔහු ලාංකිකයෙකු නිසාය.

අපි කෙතරම් කුහකද? කිසිදා දැක නැති ඇපල් මාමා නිසා අපි වෝල් පුරවමු. බුකිය ජරා කරමු. එහෙත් අපේම මිනිසුන් අපි ශතයට මායිම් නොකර සිටී. ජාතියක් වශයෙන් අපි සිටින්නේ කොතැනද? ඇපල් මාමා ජාතික වීරයෙක් විය යුතුය, ඒ ඇමෙරිකාවටය, අපට නොවේ. ඔහු මිනිසුන් කීයකගේ බඩ කට පුරවන්නේද? ඔබමාට බදු ගෙවා තවත් රටකට කෙලින්න උදව් පදව් කරන්නේද? එනිසා ඔහු වීරයෙකි. සල්ලි පසු පස හබා ගිය ඔහු ඕපන් සෝස් වෙත කල ඇත්තේ කුමක්ද? ප්‍රශ්න රැසකි.

ඇපල් මාමාට දුක් වෙන හැත්ත නවලෝක මුදලාලි නැතුවුන වෙලාවේ බුකියේ වැලපුනේ නැත. ඒ නවලෝක මුදලාලි ලංකා රජය බදු ගෙවූ නිසාය. අපේ බඩ කටවල් පුරෝපු නිසාද? ලංකාවේ මිනිස්සුන්ට කන්න බොන්න දුන් නිසාද? ඇපල් මාමා ගැන කියෝපු කීදෙනෙක් නවලෝක මුදලාලි ගැන කියවලා තියෙනවාද? “නව ලොවට පෑයූ හිරු” කියෝපු කීදෙනෙක් ඉන්නවද? ඇපල් මාමාට වඩා නවලෝක මුදලාලි අවතක්සේරුවන්නේ කෙසේද මා නොදනී. බුකියේ න්‍යායයට අනුව නවලෝක මුදලාලි අප හැරදමා ගිය විට මා බුකියට ලින්ක් එකක් හා ස්ටේට් එකක් දැම්මේය. නමුත් ඇපල් මාමාට ඒ කිසිවක් කලේ නැත.

බූඩි නම් ඇපල් මාමාට වඩා නවලෝක මුදලාලිට හදවතින්ම ගරු කරන්නේ ඔහු ලාංකිකයෙක් නිසාය. කොටින්ම කියන්වා නම් අපේ කෙනෙක් නිසාය. බූඩිට අපේ කම වටින්නේ අන් කිසිම දෙයකටත් වඩා ශක්තිමත් දෙය අපේ කම නිසාය.

ඇපල් මාමා වීරයෙකි, එහි කතා දෙකක් නැත. ඔහුගෙන් ඉගෙන ගත යුතු පාඩම් රැසකි. එහෙත් එලෙසම අපේ රටේ වීරයන් ද රැසකි. අපේ රටේ වීරයන් අපිට වටින බවත් ඉන් පසු අනෙකුත් පිරිස වන බවත් බුකියේ පිස්සු නටන හැත්ත සිහිතබා ගත යුතුය. අභිමානවත් ජාතියක් ලෙස නැගී සිටිය හැක්කේ එවිටය.