ෆිෂින් වලින් බේරෙන ක්‍රම 4 ක්

Posted on 2011 ඔක්තෝබර් 12

2


ගිය පාර ලියපු පෝස්ට් එක නිසා තමා මේ පෝස්ට් එක දාන්න හිතුනේ. ඉතින් මේ පෝස්ට් එකෙන් බූඩි කියන්න ඉන්නේ ඕගොල්ලන්ව රවට්ටන, සරලව කියනවා නම් මෝඩයට අන්දලා වැදගත් දත්ත හොරකම් කරන ක්‍රම වලින් (ෆිෂින් කියන්නේ මේකට තමා) බේරෙන හැටි ගැන.

ප්‍රධාන වශයෙන් ගත්තොත් ෆිෂින් සදහා ගොදුරු කරගන්නේ බොහෝ වෙලාවට ඊ-මේල් එකකින්. මීට අමතරව සමාජ ජාල හරහා උනත් මේ අවධානම තියෙනවා. ඒත් ඊ-මේල් හරහා තමා විශේෂයෙන්ම මේ උවදුර පැතිරෙන්නේ.

ව්‍යාජ විධිහට සකස් කරපු ඊ-මේල් එකක් ඕගොල්ලන්ගේ ඊ-මේල් ලිපිනයට එවලා ඒ මගින් දත්ත හොරකම් කරන එක තමා මේගොල්ලන්ගේ උපක්‍රමය වෙන්නේ. මෙන්න මෙහෙම හිතන්න. ඔබ ඊ-බැංකින් භාවිතා කරනවා නම් ඔබේ බැංකුවෙන් වගේ ඊ-මේල් එකක් ඔබට එවන්න පුලුවන්. ඒකේ තියෙන්න පුලුවන් ඔයාගේ ගිණුම අත්හිටවලා තාවකාලිකව, සක්‍රීය කරගන්න මේල් එකේ තියෙන ලින්ක් එකට යන්න කියලා. ඔන්න දැන් ඕගොල්ලෝ ඔය ලින්ක් එක උඩ ක්ලික් කලා කියමු කෝ දැන් ඕගොල්ලෝ යන්නේ අර ඇත්ත බැංකුවේ සයිට් එක වගේ හදපු බොරු සයිට් එකට. ඉතින් ඒකට ගිහිල්ලා මුරපද, භාවිතානාම දුන්නම ඒ ටික මේ ෆිෂින් කරන අය ලබාගන්නවා. ඉතින් ඊට පස්සේ වෙන දේ කියන්න ඕනේ නෑ නේ. අන්න ඒවගේ දේවල් වලට විතරක් නෙමේ, ඔයාගේ ෆේස්බුක්, ටුවිටර් වගේම තවත් ඕනෙම දෙයක රහස් පද ගන්න මේක භාවිතා කරන්න පුලුවන්. ඊට අමතර ඊ-මේල් ලිපිනය භාවිතා වෙන එකක්ද කියලා චෙක් කරන්නත් මේ ක්‍රමේ භාවිතා වෙනවා.

කොහොම හරි ඔබට අපු ඊමේල් එකක ලින්ක් එකක් අඩංගු නම් හා එවෙත පිවිසෙන ලෙස දන්වා ඇති නම් ඒ ගැන ටිකක් විපරම් කරන්න. පහත ක්‍රම වලින් ඔබට පුලුවන් වේවි මේ දේවල් වලින් බේරෙන්න.

1. එවන්නා පරික්ෂාකිරීම

ඊමේල් එක එවලා තියෙන්නේ කව්ද කියලා පරික්ෂා කිරීම මේ සදහා වන ප්‍රථම පියවරයි.

@ ලකුණට පසුව යෙදෙන ඩොමේන් එක විශ්වාසවන්තද යන්න පරික්ෂාකල හැකියි. නමුත් මෙය ඉතාමත් ලෙහෙසියෙන් වෙනස් කල හැකියි එනිසා මෙමගින් පමණක් සෑහීමකට පත් වීම සුදුසු නෑ.

mention-opxheren=tznvy.pbz-3a13c@postmaster.twitter.com සමහර විට එම ලිපිනය මෙහි දැක්වෙන ලිපිනය වගේ වෙන්න පුලුවන්. මෙය ටුවිටර් මගින් එවන ලද මේල් එකක අඩංගු වූ ලිපිනයක්.

ඒ වගේම අමුතුම වර්ගයේ ලිපිනවලින් එය ලැබෙන්නත් පුලුවන්. උදාහරණයක් ලෙස ටුවිටර් සේවාවෙන් ලැබෙන සේ ඊමේලයක් පහත ලිපිනයෙන් ලැබුනහොත් එයනම් අනිවාර්යයෙන්ම උගුලක්. මේ තියෙන්නේ එහෙම ආපු ලිපිනයක්  notification+ieppglfz@faoebook.com, නොමග යවන්න facebook.com වගේ පෙනෙන ලිපිනයක් යොදාගෙන ඇති අන්දම.

2. මීලගට ඇත්ත ලිපිනයක් වගේ පෙනුනට සමහර විට බොරුවක් වෙන්න පුලුවන් ඒ නිසා මේ ක්‍රමයත් කරලා බලන්න පුලුවන්. මේල් එකේ අඩංගුවෙන ලින්ක් එක පර්ක්ෂාකරන්න. හුගාක් වෙලාවට පෙනෙන්න තියෙන ලින්ක් එකට නෙමේ වෙන ලින්ක් එකකට තමා යන්නේ.

ඉහත රූපයෙන් පෙනෙන්නේ ඒ වගේ දෙයක්. මේ මත ක්ලික් කල විට අදාල අඩවියට නොගොස් වෙනත් හොර අඩවියකටයි පිවිසෙන්නේ. මෙය බලා ගන්න ලේසිම දේ තමා එම ලින්ක් එක උඩට මවුස් පොයින්ටර් එක ගෙන යන එක. එතකොට එහි ලින්ක් එක පහත පෙන්නනවා. එහෙම නැතිනම් එමත රයිට් ක්ලික් කරලා Copy Link Location තෝරා එය ඇඩ්‍රස් බාර් එක මත Paste කිරීමේන් ඇත්ත නැත්ත බලා ගන්න පුලුවන්.

3. මීලගට තියෙන්නේ ටිකක් තාක්ෂණික ක්‍රමයක්.

සමහර විට ඕගොල්ලන්ට ලැබිලා ඇති ඇත්තටම වැදගත් කියලා හිතෙන මේල්, ඒත් සමහර විට වැදගත් කියලා පෙනෙන එහෙත් හොර මේල්. ඉතින් මේ දෙක වෙන් කරලා අදුන ගන්න තමා මේ ක්‍රමය යොදා ගන්න පුලුවන්. මේ මේල් වලත් විශේෂත්වය වෙන්නේ අදාල ලින්ක් එකක් තිබීමයි. ඉස්සර ක්‍රමේ වගේම මෙම මේල් වලත් තියෙන ලින්ක් එකට නෙමේ ගොඩක් වෙලාවට පිවිසෙන්නේ. උදාහරණයල් ලෙසට http://www.cashback.com ලෙස ලින්ක් එක පේන්න තිබුනත් එමත ක්ලික් කල විට පිවිසෙන්නේ http://www.cashback.com/hbxkqy ලිපිනයටයි.

බැලූ බැල්මටම මෙහි කිසිම වරදක් නැති උනත් මේ ලිපිනයට පිවිසි විට එම අඩ්විය මගින් ඔබේ ලිපිනය අදුනා ගෙන ඔබේ ඊමේල් ලිපිනය සක්‍රීය එකක් ලෙසට හදුනා ගන්නවා. මොකද hbxkqy ලෙස ඇත්තේ ඔබේ ඊමේල් ලිපිනය හදුනා ගැනීමටයි. එනිසා මේ සදහා කල හැක්කේ පලමුව www.cashback.com ලිපිනයට පිවිසීමයි. වෙබ් අඩ්විය පිලිබද සැකයක් නැතිනම්  www.cashback.com/hbxkqy ලිපිනයට පිවිස බැලිය හැක.  එහෙත් වෙබ් අඩවියක් පිටින් බලා හදුනා ගැනීමට තරම් ලෙහෙසි නැත. එනිසා නොදන්න අඩ්වි වලට මෙවැනි වෙබ් ලිපින මගින් ඇතුලු වීම හැකි තාක් අඩු කිරීම නුවණට හුරුය.

ඔබට එයට පිවිසීමටම අවශ්‍යයය නම් ඉහත ක්‍රම අනුගමනය කොට බැලිය හැක.

මක්නිසාද යත් මෙය නිර්ව්‍යාජ වෙබ් අඩ්වියක් නම් www.cashback.com/hbxkqy වැනි ලිපින අන්තර්ගත සදහා භාවිතා කරන්නේ නැත. www.cashback.com/faq.php වැනි අර්තවත් ලිපින භාවිතා කරයි.

සමහරක් විට මෙම අගයයන් වෙනස් කොට ලැබෙන අන්තර්ගතයේ වෙනසක් ඇත්දැයි ඔබටම පරික්ෂාකොට බැලිය හැක.

4. තවත් ප්‍රකට ක්‍රමයක් වන්නේ, ඊමේල් එක තුල ඉමේජ් එකක් ඇතුල් කොට එවීමයි. එවිට එය විවෘත කල විට ස්වයංක්‍රීයවම ඔබේ ඊමේලි ලිපිනය සක්‍රීය බව දැන්ගත හැක. මේ සදහා කල හැක්කේ ඉමේජ දිස්නොවන ලෙස අදාල මේල් ක්ලයන්ට් එකෙහි සැකසුම් සැකසීමයි.

ඉතින් මෙම ක්‍රම භාවිතා කරමින් ඔබේ ඊමේල් ලිපිනය ආරක්ෂාකර ගන්න වග බලා ගන්න.