ජනවාරි 18 : වෙබ් අඩවි උද්ගෝෂණය

“ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” මෙය අප අතර පවතින කියමනක් වන අතර මේ සදහා ගැලපෙන එක් නිදසුනක් ගැන මේ දිනවල අවධානය යොමූ වූ නිසාම මෙම පෝස්ට් එක ලිවීමට සිත් විය.

ඇමරිකාව යනු දෙපිටකාටිටු රාජ්‍යයයකි. යුද්ධය මුවාවෙන් අනෙකුත් රටවල තෙල් ඇදීම ඔවුන්ට අනුව හොද දෙයකි. එහිදී ඇති වන යුද්ධ නිසා මැරෙන සාමාන්‍යයය මිනිසුන් ගැන ඔවුන්ට පේන්නේ නැත. එහෙත් අනෙක් රටවල් ගැන ඇත්තේ පුදුම කැක්කුමකි. මෙතෙක් කල් ඔවුන්ගේ දෙපිටකාට්ටු ජඩකම් වලින් පීඩනයට පත්වූයේ අනෙක් රටවල වැසියන්ය. නමුත් දැන් ලගදී ඇමෙරිකාව තුල සම්මත කරගන්නට යන පනත් මගින් ඔවුන්ගේ රටේම වැසියන්ම පීඩනයට පත් විමට යාමක් ගැන මේ දිනවල අන්තර්ජාලය තුල දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වී ඇත.

Protect IP Act (PIPA) හා The Stop Online Piracy Act (SOPA) ලෙස පනත් දෙකක් මෙමස 24 වනදා සම්මත වීමට නියමිත බවත් එමගින් ඇති ව්න තත්වය නිසා සිදුවන ප්‍රතිපල ගැනත් බියට පත් ඇමෙරිකානු ජනයාම ඊට එරෙහිව හඩ නගමින් සිටිනවා. මේ ගැන් වැඩි විස්තර දැන ගැනීමට පහත් සබැදි භාවිතා කරන්න.

මේ විඩියෝ එක මගින් තවත් දේ දැන ගන්න පුලුවන්.

ඉතින් මේ නිසා මෙමස 18 වනදා අන්තර්ජාලය තුල විරෝධය පෑමක් සිදු කිරීමට මේ සදහා උනන්දු සංවිධාන ක්‍රියා කරගෙන යනවා.

හොදම විහිලුව වෙන්නේ ඇමරිකාව මෙලෙස සම්මත කරගැනීමට යන පනත් නිසා ඇතිවන තත්වයම ඇතිවී තිබෙන චීනය වැනි රටවල් සදහා මෙතරම් කලක් ඔවුන් විරෝධය පාමින් එය නවත් වන ලෙස බල කර සිටීමයි. දැන් ඔවුනුත් ඒ දේම සිදු කිරීමට සැරසෙනවා. ඉතින් මේ සිද්ධිය “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” හා ටක්කෙටම ගැලපෙනවා නේද?

බූඩිත් වර්ජනේට උදව් කරන්න හිතාගෙන පෝස්ට් එක නැවැත්තුවා. ගිහින් එන්නම් . .

http://americancensorship.org/
http://arstechnica.com/tech-policy/news/2011/10/house-takes-senates-bad-internet-censorship-bill-makes-it-worse.ars
http://americancensorship.org/infographic.html
http://www.feld.com/wp/archives/2011/10/protect-the-internet.html
http://en.wikipedia.org/wiki/Internet_censorship_in_the_United_States#The_Stop_Online_Piracy_Act_.28SOPA.29

Advertisements

2 comments

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w