ලංකාවට අලුත් මානයක වැඩසටහනක්

අර ස්ටාර් මේ ස්ටාර් කිය කියා ස්ටාර් ල  නම් කීයක් මේ වෙනකොට ලංකාවේ චැනල් වලින් එලියට දැම්මද. ඒ ඔක්කොම එක්කො සිංදු කියනවා, නැතිනම් නටනවා, රගපානවා, නිරුවත පෙන්නනනවා, කුමරා වෙන්න, කුමරි වෙන්න දගලවනවා, එහෙමත් නැතිනම් මොකක් හරි විජ්ජුම්බරයක්. ඉතින් මේ වගේ නියගක් තියෙන චැනල් අතරේ ITN චැනල් එක ඇත්තටම හොද දෙයක් සිදු කෙරුවා.

මේ ගැන ලියන්න හිටියේ ගොඩක් කාලෙකට ඉහත උනත් මග හැරුණා අද අවස්ථාවක් ආවා මේ ගැන කතා කරන්න. (සිරස හොද රියැලිටි ෂෝ කරගෙන ගියත් සිරස ඒවා හසුරුවන හැටි බූඩිට දිරවන්නේ නැති නිසා බූඩි ඒ ගැන කතා කරන්නේ නැහැ)

මුලින්ම ITN එකේ විකාෂය උන DFCC mind star ඉතා විෂිශ්ඨ ගණයේ රියැලිටි වැඩසටහනක් ලෙස හදුන්වන්න පුලුවන්, ගුණාත්මකභාවය අතින්. එහි සියලු අංශ වලින් එය ඉතාමත් අනර්ගතම වැඩසටහනක් බව ඔප්පු කලා.

දෙවැනියට ඊයේ අහඹුවකින් වගේ බූඩිට තවත් නව වැඩසටහනක් ITN හි නරඹන්න පුලුවන් වුනා. Ideators නම් එයත් නැවුම් ආකාරයේ රියැලිටි ෂෝ එකක් ලෙස හදුන්වා දිය හැකියි. අඩුපාඩු කම් නම් නොඅඩුව තිබුනා මේ වැඩසටහන පුරා. ඒ කියන්නේ වැඩසටහන නිෂ්පාදනය අතින්. කෙසේ උනත් මෙය හොද ආරම්භයක්.  බුඩි දිගටම මේ වැඩසටහන නරඹන්න හිතන් ඉන්නේ ඔයාලත් බලන්න.

මොකද මේ වැඩසටහන ගැන කියන්නේ?

Advertisements

19 comments

  1. හොඳ වැඩසටහනක්. බ්‍රිට්ෂ් කවුන්සිල් එක තමයි මූලිකත්වය අරන් කරන්නේ. බ්‍රිතාන්‍යයේ විකාශනය වන ඇප්‍රෙන්ටිස් රියැලිටි ෂෝ එකට ටිකක් සමානයි. මම සේවය කරන විශ්ව විද්‍යාලයත් මේ වැඩසටහනට අනුග්‍රහය දක්වනවා.

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )