ඉක්කයි බූඩියි ගාලු ගියා ඉක්කා හිටියා බූඩි ආවා

අද ඉතින් පෙබරවාරි මාසේ පලවෙනිදා, තවත් මාසයක් උදාව. ඒ ව්ගේම 2012 අවුරුද්දෙත් මාසයක් ගෙවිලා ගියා. ලෝක විනාසෙට තව මාස 10 යි. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ අතරේ මට අහන්න හම්බෙච්ච පොඩි බේතක් ගැන ලියන්න තමා මෙවර පොස්ට් එක වෙන් වෙන්නේ.

මාතෘකාවේ තියෙන විදිහට ඉක්කා ගැන තමයි ලියන්නේ. ඉක්කා නැතිනම් ඉක්කාව ගැන හැමෝක දන්නවානේ. කවදා හරි හැදිලා ඇහින් මේක. ඉතින් මේක ගැන එච්චර විස්තර නම් දන්නෑ.

දැන් ඉක්කාවක් හැදුනොත් මොකද කරන්නේ, වතුර බොන එකනේ. වතුර වීදුරු 7 ක් කතා නොකර බොන්න ඕනේ කියලා කෙමක් තියෙනවා කියලත් ඉක්කා ගැන හොයද්දි දැන ගන්න ලැබුනා.

ඒත් මට ලගදි බස් එකේ යද්දි අහන්න ලැබුනා එක්තරා රේඩියෝවක මේ ඉක්කා එකට ගන්න පුලුවන් බේතක්. ඒ තමා දෙහි ඇඹුල්. තනිකර දෙහි ගෙඩියක් මිරිකලා වතුර නොදා ඔය දෙහි ඇඹුල් එක බිව්වනම් වැඩේ හරි කියලා තමා කිව්වේ. මම කරලා බැලුවේ නම් නෑ මොකද ඉක්කා ලගදි හැදුනේ නැති නිසා. කවරුහරි මේ ගැන දන්නවා නම් හරි මේ ක්‍රමය හරිනම් පොඩ්ඩක් ඒක බෙදාගන්න. සංවාදයට ගන්න තමා මේ සටහන් දැම්මේ, මේක හරිඅයන් වැඩක්ද නැද්ද? දන්න අයට විවෘතයි.

එහෙනම් මේක කරලා හරි ගියොත් බූඩිටත් කියලා එවන්න.

එහෙනම් ඉක්කා ගියා බූඩිත් ගියා !!!!!

Advertisements

4 comments

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )