ඉවත් කිරීම සාධාරණද නැද්ද?

IDEATORS මේ ගැන ලියපු පෝස්ට් එක ඕගොල්ලේ ඔක්කොම කියවන්න ඇතිනේ. ඉතින් අදත් කතා කරන්න යන්නේ මේ ගැනම තමා. ගිය පාර පෝස්ට් එක පුරා තිබිච්ච දෙයක් තමා අයින් වුන කෙනා හරිද? වැරදිද? කියන එක. තවත් ගොඩාක් අදහස් තිබුනා ඒවා පසුවට කතා කරමු.

ඉතින් මේ ගැන තමා අද කතා කරන්න යන්නේ.

මේ තරගයේ සැකැස්ම ගැන බුඩිට ගැටලු රැසක් තිබුනා. ප්‍රධාන වශයෙන් තරගකරුවෙකු ඉවත් කරන්නේ කුමන සාධකයක් මත ද යන්න ගැටලුවක්. උදාහරණයක් ලෙස අචලා ඉවත් කරනු ලැබීමට හේතුව කුමක්ද? එය ඉදිරිපත් නොකිරීම නිසා මෙම විනිස්චය ගැන ගැටලු පවතිනවා.

පසුව මුහුණු පොතෙහි Tom Reilly විසින් පහත පැහැදිලි කිරීම සිදුකොට තිබුනා.

“Hello viewers. I can understand everyone’s concerns about the 1st elimination. It was always going to be a tough one. The judges’ task is a thankless one. You’re damned if you do, and damned if you don’t. In the end it was a very close call between 2 contestants. Unfortunately, Achala paid a heavy price for her shortcomings as a leader. It’s also worth bearing in mind that Achala was down to the last 3 and so up for elimination in the previous episode. It’s never easy to take these decisions – but someone has to call it. Let’s see what happens in the next episode. It’s not going to get any easier as the show progresses and people begin to have their favourites. But our role is to judge and eliminate – and that’s what we’ll do. The show’s really staring to hot up now. Each of the contestants are getting more and more serious about this show. Their determination to win is becoming clearer and clearer. Strategies for survival & success are being adopted. Don’t miss what happens next. There can only be one eventual winner. Who will it be. Will the judges get it right?

I hope we will ……….

කෙසේ හෝ මෙම අභියෝගයෙහි ඔවුන්ගේ අරමුණ වූයේ ODEL ආයතනයේ ඉදිරිපස වීදුරුවක් (window) සිත් ආකර්ෂණය වන ආකරයෙන් අලංකරණය කිරීමයි. මෙහිදී Lion Heart කණ්ඩායම යම්තාක් දුරට සංවිධානාතමකව මෙම කාර්යය වෙත පිවිසුනා. නමුත් ඔවුන්ට කාලය කලමණාකරනය කරගැනීමේ හැකියාවක් පැවතියේ නැහැ. නමුත් අවසානයේ වැඩේ ගොඩ දමා ගැනීමට ඔවුන් සමත් වුනා. REFLEX කණ්ඩායම තුල මුලසිටම සංවිධානාතමකභාවයක් පැවතියේ නැහැ. කණ්ඩායම් හැගීමේ ගැටලු පැවතියා. බූඩි දකින විදිහට හැමෝම කුමක්හෝ දෙයක් සිදුකලා විනා එක් සැලැස්මක් මත ක්‍රියා කලේ නැහැ. එනමුත් අවසානයේ ඔවුන් ඉතා හොද අදහසක් මවා පෙන්නුවා ඔවුන්ගේ නිර්මාණය තුලින්.

මීලගට අචලාගේ ඉවත් වීම සලකා බැලිය යුතුයි.

REFLEX කණ්ඩායමේ වගකීම අචලා භාරගන්නේ නායකත්වය සදහා කිසිවෙක් ඉදිරිපත් නොවන මොහොතක. එය ඉතාමත් වටිනා ඉදිරිපත්වීමක්. නමුත් ඇය කණ්ඩායම මෙහෙයවීමදී යම් යම් දුර්වලතා රැසක් පෙන්වනවා. නමුත් වටහා ගත යුතු දෙය නම් එලෙස හෝ කණ්ඩායාම මෙහෙයවීම සිදු කල අචලා නොවන්නට REFLEX කණ්ඩායමට නායකයෙකු නැති බව. එනිසා අනෙකුත් සියලු සාමජිකයින් පරදවා අචලා ඉදිරියට පැමිනෙනවා.  කණ්ඩායම තුලින් අචලාට හිමි වූ සහයෝගය අවමයි. එය ලබා ගැනීම ඇයගේ වගකීමවුවත් එලෙස කණ්ඩායමක් ලෙස ක්‍රීයා නොකිරිම නිසා අනෙකුත් සාමජිකයින් තම වගකීම මනාව පැහැර හැර තිබෙනවා.

තව මතුවු ගැටලුවක් ලෙස නීති බිදීමක් වාර්තා වූවා. උපේක්ෂි අතින් යම් වරදක් සිදුවුනා නමුත් ඇය පවසන ආකාරයට ඒ සදහා අචලාගෙන් අනුමැතියක් ලැබී තිබෙනවා. මේ සදහා පැහැදිලි ප්‍රකාශයක් අචලා සිදු කලේ නැහැ. නායිකාව ලෙස කණ්ඩායමේ සාමජිකයින් සදහා ඇයගේ වගකීම අසීමිතයි. යම් හෙයකින් ඇයගේ අනුමැතිය ඇතිව මෙම නීති බිදීම සිදු වූයේ නම් එය ඉතා බරපතල තත්වයක්. නමුත් එවැනි යෝජනාවක් ඇති වූවා මිස එය ක්‍රියාවට නැන්වූ බවක් වාර්තා වුනේ නැහැ. එනිසා මෙහි එතරම් බැරැරුම් කොට සැලකිය යුතු නැහැ. නමුත් අචලාගේ වගකීම් වලින් යම් අපගමණක් මෙහිදි පෙන්නුම් කරන්නේ ඇය මේ සදහා පැහැදිලි ප්‍රකාශයක් නොකල නිසා.

අචලාගේ ඉවත් වීමට ප්‍රධාන හේතුව වූයේ ඇයගේ නායකත්වය පිලිබද ඇතිවූ ගැටලුවයි. නමුත් එලෙස ඇයෙගේ සාධනීය තත්වය මනිනු ලබන්නේ නම් අනෙකුත් සාමාජිකයින් සදහා ඇති මිනුම් දණ්ඩ පිලිබද ඉතා විශාල ප්‍රශ්නයක් මතු වෙනවා. නීති බිදීමක් සදහා වටපිටාවක් නිර්මාණය කරමින්  උපේක්ශි ක්‍රියා කල අයුරු ඉතාමත් සැලකිය යුතු තත්වයක්. එමෙන්ම අවශ්‍යයයම මොහොතක කණ්ඩායක වෙනුවෙන් එහි නායකත්වය භාරගත් අචලා ගේ ක්‍රියාව ඉතාමත් ප්‍රශංසනීයයි. කණ්ඩායක් සහාය හා නිසි සැලැස්මක් නොපැවතීම ඔවුන්ගේ පසුබෑමට හේතු වුනා.

මෙනිසා අචලා වෙනුව අන් අයෙකු ඉවත් කල යුතුව තිබූ බව බූඩි දරණ මතයයි. ඇය උපේක්ෂිම වියයුතු නැහැ. මනා විමර්ශනයකින් පසු ඉවත්වන්නා තීරණය කල යුතුව තිබුනා. අචාලාගේ ඉවත්වීම කිසිසේත්ම සාධාරණ වන්නේ නැහැ.

එලෙසම වැඩසටහන නරඹන ඔබට ඉතා වටිනා පණිවිඩයක් ඔවුන් ඉතිරි කලා එනම් නිසි නායකත්වයක් හෝ නිසි සාමාජික සහායක් නොමැති වීම තුල ඕනැම කණ්ඩායකමක කඩා වැටීමයි. මෙනිසා කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමේදී නායකතවය පිලිගැනීම හා සහයෝගය ලබාදීම ඉතා වැදගත්. කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීම ලෙහෙසි දෙයක් නොවන්නේ මතයන් ගණනාවක් පවතින නිසායි. නමුත් සාමුහිකව මතයක් වෙත එලැඹි පසු එය අප දරණ මතය නොවූවද ඒ සදහා සහාය ලබා දීම යුතුකම වනවා.

පසුගිය වැඩසටහනෙහි සියලු දෙනා තුලින්ම මෙවැනි වැඩසටහනක දැකිය යුතුව තිබූ ජවයක් හෝ දක්ෂතාවයක් දිස්වූ‍යේ නැහැ. ඊලග වැඩසටහන් පෙල තුලින් ඔවුන් තවත් වර්ධනය වනවාද නැතිනම් එකම වැරැද්ද සිදුකරමින් සිටිනවාද යන්න ඔබම තීරණය කරන්න.

සංවාදයට විවෘතය, මෙය බූඩිගේ නිවහල් මතයයි. සාධනීය විවේචනයක් වන අතර වම් වරැද්දක් හො නොගැලපීමක් අදහස් වේ නම් එය කාරුණිකව සාකච්චාවට බදුන් කරන්න.

Advertisements

4 comments

  1. නියම පසු විපරමක්, ඇත්තටම ඉවත් කරන හේතුව කියන්නැති එක ලොකු අඩුවක්. බූඩි ලස්සනට මේ හැම දේම ගැන ලියලා තියෙනවා.
    කාණ්ඩයක හැගීම නැති කොට, නායකයට සහායක් නැති කොට, අපේ ක්‍රිකට් ටිම් එකත් අම්බානෙට කනවනේ. ඉතින් මේකත් ඒ වගේ.
    ඊලග එපොසිඩ් එක ගැනත් මේ වගේ එකක් දාන්න බූඩියෝ

  2. agree with buddie
    Achala did not perform as a leader at all
    Lara did show some leadership to her team.
    I dont see any special outcome from others as well. Very unsatisfactory behavior from the others and that cannot happen in such level.
    I wonder who had select those buggers and are nt there any other students in SL who are better then them?

    Good work buddie, we really need to promote such kind of program with in youths. thanks

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w