පාසැල් වලට ලමයි දාන්න ලිංගික අල්ලස් !!

හැමෝම දන්න විදිහට අද කාලේ ජනප්‍රිය කියන පාසලකට ලමයෙක් දාගන්න එක මාර යුද්ධයක්. ලමයා ඉපදිච්ච දවසේ ඉදලම ප්ලෑන් කරලා, අතෙන්ට මෙතෙන්ට ගිහින්, පෝලිම් වල ඉදලා, මේ වගේ දුක් ගැහැට ගොඩකට පස්සේ සමහරු යුද්ධේ දිනනවා සමහරු පරදිනවා. ඉතින් මේ අමුතුම කතාව පහු ගිය සති අන්ත පුවත් පතක පලවෙච්ච ලිපියකින් තමා බූඩි දැන ගත්තේ, සමහර විට මේ වගේ දේවල් මීට ඉස්සෙල්ලත් වෙන්න ඇති. පාසැල්වලට ලමයින් දාගන්න මුදල් වලට අමතරව ලිංගික අල්ලස් ගත්තු ගුරුවරයෙක් ගැන එහි සදහන් වුනා. ලිංගික අල්ලස දීම ප්‍රතික්ෂේප කලොත් මේ වැඩේ කෙරෙන්නේ නැති බවත් සදහන් වුනා. ඉතින් ලමයින්ව පාසලට දාගන්න එක ඒ ක්‍රමය හරහාත් කරගත්තු ගොඩාක් දෙනෙක් ඉදලා තියෙනවා කියලා තමා සදහන් වුනේ. කොහොම හරි ඉතින් ඔය වැඩේට අකමැති වුන කෙනෙක් හින්දා අන්තිමේදී මේක එලි වුනා.

බූඩිට මතක විදිහට Forest Gump චිත්‍ර පටයේත් මේ වගේ සීන් එකක් තියෙනවා. හැබැයි ඒ ඌන සංවර්ධිත තම ලමයා පාසලට දාගන්න දෙන්න වෙන අල්ලසයි. ඒත් ලංකාවේ නම් පූර්ණ සංවර්ධිත ලමයෙක් දාගන්නත් මේ වගේ ක්‍රියාවලියක් තමා තියෙන්නේ. අල්ලස ගැනීම වගේම දීමත් ලොකුම ලොකු වැරැද්දක්. ඒත් ඉතින් එහෙම හරි තමන්ගේ වැඩේ කරගන්න එක දියුනූ වෙන ලෝකයේ රටවල මිනිස්සුන්ගේ ජීවිතේ ප්‍රධාන අංගයක් වෙලා ඉවරයි.

දැන් ලංකාවේ ඉපදෙන තැන ඉදලා මරණ පරීක්ෂනේ ඉවර කරල මිනිය ගන්න තැනට වෙනකං අල්ලස් දෙන්න වෙන කාලයක් තමා මේ ධර්මද්වීපයට   උදාවෙලා තියෙන්නේ.

ලමයෙක් පාසලකට දාගන්න අම්මාකෙනෙකුට ඒවගේ දෙයක් කරන්න පුලුවන් කියන දේ ඇහුවම ඇති වෙන්නේ පිලිකුලක්. අනේ මෙහෙමත් අම්මලා කියලා කියන අය ඉන්න පුලුවන්.  හැම දේකම දෙපැත්තක් තියෙනවා වගේ, සමහර විට පාසලක් නැතිව ගෙදරට වෙලා තමන්ගේ ලමයට ඉන්න වෙනවාට වඩා මෙහෙම හරි වැඩේ කරන්න හදන එකෙත් වැරැද්දක් නෑ කියලා ඒ දුක දන්න මිනිස්සු කියන්නත් පුලුවන්. එක අතකට ඒ අම්මලට ඒක හොදනම් අපිට මොකද?, එහෙම කියන පිරිසකුත් ඇති.

හැබැයි මොනා උනත් දැන් වැඩේ කරන්න බෑ. මොකද වැඩේ අහු වුනානේ. හැබැයි අහුවෙච්ච නැති ඔය වගේ දේවල් තවත් මේ ධර්මද්වීපය පුරාවටම පැතිරිලා තියෙන්න පුලුවන්. හැබැයි ඔව්වා අධිරාජ්‍යයයවාදී කුමන්ත්‍රණ වෙන්නත් පුලුවන්. ඒ නිසා පරිස්සමින් !

Advertisements

9 comments

  1. මේ ලඟදි බැලුම්ගලෙනුත් ඔය ඉස්කෝල වලට ළමයි දාගන්න එක ගැන වැඩසටහනක් ගියා… කිසිම දේකට නිසි ක්‍රමවේදයක් නැති එක තමයි ඉතින් වෙලා තියෙන්නේ

  2. හැම දේකම දෙපැත්තක් තියෙනවා වගේ, සමහර විට පාසලක් නැතිව ගෙදරට වෙලා තමන්ගේ ලමයට ඉන්න වෙනවාට* වඩා මෙහෙම හරි වැඩේ කරන්න හදන එකෙත් වැරැද්දක් නෑ කියලා ඒ දුක දන්න මිනිස්සු කියන්නත් පුලුවන්.

    —->>හැමෝම දන්න විදිහට අද කාලේ ජනප්‍රිය කියන පාසලකට ලමයෙක් දාගන්න??

  3. සල්ලි තියෙන අයට සල්ලි ගොඩක් ගෙවල ළමයෙක් ව හොඳ යයි සම්මත පාසැලකට දාගන්න පුලුවන්.
    එහෙම තත්වයක් නැති අය මේ විදිහට හරි ළමයව දා ගන්නවා ඇති.
    එතකොට ප්‍රශ්නයක් එනවා…
    සල්ලි නැති කැත ගෑණුන්ගෙ ළමයින් කොහොමද දා ගන්නවා ඇත්තෙ….?

  4. එක්කෝ ඉස්කෝලෙ බලධාරියාට ලිංගික අල්ලස් දෙන්න වෙනව.
    නැත්තං බලපුළුවන්කාර වෙන කාට හරි ලිංගික අල්ලස් දෙන්න වෙනවා.
    ඒත් නැත්තං කාට හරි සල්ලි කාරයකුට ලිංගික සේවය සපයලා මුදල් ඉල්ලගෙන ඉස්කෝලෙට දෙන්න වෙනවා.
    දෙන අල්ලස ලිංගික ද නැත්තං වෙන දෙයක්ද කියන එක නෙවෙයි ප්රසශ්නෙ. අල්ලස් දීල ළමයි ඉස්කෝලෙට දාන්න සිද්ද වෙන එකයි වැඩේ.

  5. ඇතතම කතාව මේකයි මමත් ඔය පාසලේ ඔය ගුරුවරයා මුල ඉදන්ම හිටපු විදුහල්පති සමග ඔයවගේ සිද්දි වලට සම්භන්ද උනා ( 2000 ) විතර ඉදන් ඒ ව්දුහල් පති ඔවැනි සදාචාර විරෝදී ක්‍රියාවකටත් අල්ලස් ගැනීමකටත් සම්භන්ද වෙලා වැඩ තහනම් උනා , ඊට පස්සෙ ආපු විදුහල් පති එක්ක එකතු වෙලා නැවත සෙල්ලම පටන් ගත්තා 2002 වගේ……………දිගටම දෙන්නා ඔය වැඩේ කරගෙන ගියා හැබැයි කවුරුවත් කතා කරන්න බයේ හිටියේ විසේසයෙන් ගුරුවරු

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )