පොඩ්ඩක්වත් කලු නැති කලු පෙට්ටිය – ගුවන අරා 3.1

අවසාන පෝස්ට් එක කවුරුත් කියවන්න ඇතිනේ ඒක වෙන් වෙලා තිබුනේ යානයක් ගුවනේදී අනතුරකට ලක්වුනාම නියමුවා කොහොමහද බේරෙන්නේ කියලානේ. ඉතින් අදත් ලියන්න හිතුවා මේ අනතුරු හා සම්බන්ධ ට්හවත් වැදගත් දෙයක් ගැන. ඒ තමා අනතුර ගැන කේලක් කියන කේලමා හෙවත් කවුරුත් දන්න “කලු පෙට්ටිය”. එහෙම නැත්නම් Black Box කියන එක. හැබැයි ඉතින් කලු පෙට්ටිය කියලා හැදුන්නුවත් මෙහි ඇත්ත එහෙමත් නැතිනම් තාක්ෂණික වචනය වෙන්නේ “Flight Data Recorder” යන්නයි. FDR කියලා තමා බොහෝ වෙලාවට හදුන්වන්නේ. මෙහි යානයේ ත්වරණය, ගමන් ගන්නා උස, වායු වේගය, එන්ජිං ක්‍රියාකාරීත්වය, උෂ්නත්ව, පීඩන, පාලක දත්ත (flap settings) ආදී බොහෝ දෑ සටහන් වනවා (නවතම ගුවන් යානයක පරාමිතීන් 100 ක් පමණ සටහන් කර ගන්නවා).

වානිජ මෙන්ම ප්‍රහාරක/යුධ ඕනෑම ගුවන් යානයක මේ උපාංගය අඩංගු වෙනවා. මෙහි ප්‍රධාන කාර්යය භාරය වෙන්නේ ගුවන් යානයේ යම්යම් පරාමිතීන් සටහන් කරගැනීමයි. හරි එතකොට අර නියමුවා පාලක මැදිරියත් එක්ක කතා කරන ඒවා සටහන් වෙන්නේ කොහේද? ඒ සටහන් වෙන කොටස හදුන්වන්නේ “Cockpit Voice Recorder” කියලයි, CVR. ඉතින් මේ දෙකම කලුපෙට්ටිය කියන උපාංගය තුල අඩංගුවෙනවා. CVR මගින් නියමු කුටිය ඇතුලත ඇති වන සියලු හඩක්ම පටිගත කර ගන්නවා.

ඇයි මේ කලුපෙට්ටිය වැදගත් වෙන්නේ? ගුවන් යානයක් හදිසියේ අනතුරකට ලක්වුනාම ඒකට හේතුව හොයාගන්න තමා මේ උපාංගය වැදගත් වෙන්නේ. දැන් මේකත් ඉතින් හතර බීරි කතාවක් වගේ නේද, ගුවන් යානය විනාශ වුනාම කොහොමද කලු පෙට්ටිය ඉතිරි වෙන්නේ කියලා අහන්න පුලුවන්. ඉතින් මේ උපාංගයේ තියෙන වැදගත් කම තමා මොන දේ වුනත් මේ උපාංගය නොනැසී පැවතීම. ඒ කියන්නේ ගුවන් යානය කෑලි කෑලි වලට කැඩිලා ගිනිගත්තත් මේ කලු පෙට්ටියට කිසිම හානියක් වෙන්නේ නෑ. ඉතින් පසුව මෙහි සදහන් ගුවන් යානයේ පරාමිතීන් පිලිබද දත්ත හා හඩපට ආශ්‍රයෙන් අනතුරට හේතුව හොයා ගන්න පරීක්ෂකයින්ට හැකි වෙනවා. ගුවන් යානා අනතුරු ගැනත් බූඩි ලගදිම ලියන්න තමා හිතන් ඉන්නේ, එතකොට තව විස්තර කියන්නම්.

මේ කලු පෙට්ටිය ඉතාමත් ශක්තිමත් ලෝහ පෙට්ටියක්, කලු කිව්වට මේකේ පාට තැඹිලි පාටයි. මුහුදක හෝ ගිලී ඇතිවිට අවම ආලෝක තත්ව යටතේ එය දැක ගැනීමට සැලැස්වීම එහි අරමුණ වනවා. මෙය පෙට්ටි තුනකින් සමන්විතයි, ටයිටේනියම් වලින් තැනූ පෙට්ටිය, තාප පරිවාරක පෙට්ටිය, වෙන් කිරීමේ පෙට්ටිය. මෙය එකක් ඇතුලත් එකක් සිටින ආකාරයට තමා කලු පෙට්ටිය සකසා තිබෙන්නේ. සෙල්සියස් 1,100 උෂ්නත්වයක් තුල විනාඩි 30ක්, රාත්තල් 5,000 ක බරක් විනාඩි 5ක්, මිටර් 6,100 මුහුද යට දින 30ක්, ගුරුත්ව ත්වරණ බල 3,400 ක් සදහා ලක්වුනත් මෙම උපාංගය නිරුපද්‍රිතව ක්‍රියාකරනවා.

මෙලෙස යම් යානයක් අනතුරකට ලක්වුනාම මේ කලු පෙට්ටිය සිග්නල් එකක් නිකුත් කරනවා. මෙමගින් අදාල පෙට්ටිය ඇති ස්ථානය සොයා ගන්න පුලුවන්. ඒ වගේම වාණිජ ගුවන් යානයක මෙම උපාංගය සාමාන්‍යයෙන් ස්ථානගත කරන්නේ ගුවන් යානයේ වලිගය (Tail) ආශ්‍රිත ප්‍රදේශයේයි. අනෙකුත් යානාවලත් මෙය ස්ථානගත වන්නේ නියමු කුටිය ආශ්‍රිත ප්‍රදේශයේ විය යුතුයි (බූඩි හරියටම දන්නේ නැහැ) මේකට හේතුවක් තියෙනවා, ඒතමා අනතුරකදි අඩුවෙන්ම හානිවීමේ සම්බාවිතාවක් තියෙන්නේ ඒ ප්‍රදේශයට වීම නිසයි.

දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ තමා මේ කලු පෙට්ටිය සීග්‍රයෙන් දියුනු වෙලා සෑම යානයකම භාවිතා කිරීම ඇරඹුනේ. මේ වන විට Avionics, L-3 Communication හා Honeywell කියන සමාගම කලුපෙට්ටි නිෂ්පාදනයේ ප්‍රමුඛයින්.

අනතුරු වලක්වාගන්න හැටිත් හේතුව හොයාගන්න හැටිත් මේ ලිපි දෙකින් දැන් ගන්න ඇතිනේ ඉතින් තවත් විස්තර ගැන ඊලගට කියවන්න දෙන්න හිතාගෙන බූඩි මේ ලිපිය අවසන් කරනවා.

Advertisements

2 comments

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )