හරස් සුලං ගොඩබෑම් හෙවත් ක්‍රොස්වින්ඩ් ලෑන්ඩින් – ගුවන අරා 3.2

Posted on 2012 පෙබරවාරි 28

4


මේ ලිපියෙන් කියන්න යන්නේ එතරම්ම තාක්ෂණික දෙයක් ගැන නම් නෙමේ. ගුවන යානයක් ගුවන් ගත කලොත් ඉතින් ගොඩ බැස්සවීම සිදු කල යුතුම දෙයක්. ඒත් ඉතින් ගොඩබස්සවන ගුවන් තොටුපලේ කාලගුණය අයහපත් නම් ඒත් කරන්න දෙයක් නෑ අනිවාර්යයයෙන්ම ගුවන් යානය ගොඩ බැස්සවීම කල යුතුයි. ඉතාමත්ම අවධානම් නම් පමණක් වෙනත් ගුවන් තොටුපලකට හරවා හැරියත් බොහෝ අවස්ථාවල ගුවන් නියමුවන් ගුවන් යානා අයහපත් කාලගුණ තත්තව යටතේ මෙම ගොඩ බැස්ස්වීම සිදුකල යුතු වනවා.

මේ සදහා විවිධ ක්‍රමවේද පවතිනවා. දැඩි සුලං තත්තව යටතේ ගුවන් යානයක් ගොඩ බැස්සවීමට යොදාගන්නා ක්‍රමවේදයක් ගැන තමා අද කතා කරන්න යන්නේ. මේ දිනවල යුරෝපයට බලපා ඇති දැඩි අයහපත් කාලගුණය නිසා මෙවැනි අන්තර්ගතයක් වැදගත් බව බූඩිගේ හැගීමයි.

ගුවන් යානයක් ගොඩ බැස්සවීමේදී එහි වේගය ඉහල අගයක් ගනී. ඉතා වේගයෙන් ගමන් කරන වස්තුවක් වෙත ඊට ලම්භකව (ආනතව) වේගවත් සුලගක් හැමුවේ නම් එහි ප්‍රතිපලය වන්නේ ගමන් කරන දිශාව වෙනස් වීමයි. සාපේක්ෂ ප්‍රවේගය කියන සංකල්පය දන්න අයට නම් මේක ඉක්මනින්ම තේරුම් යයි. ඉතින් මේ නිසා මෙවැනි සුලගක් ධාවන පතයට ආනතව දකුණු හෝ වම් පසින් හමන්නේ නම් ගුවන් යානය ගොඩ බැස්සවීමට භාවිතා කරන්නේ මෙම ක්‍රමයයි. වේගය යම් සීමාවකට වඩා අඩුනම් පමණක් මෙම ක්‍රම සාර්තක වනවා. එසේත් නොමැතිනම් වෙනත් ගුවන් තොටුපලක් වෙත හරවා යැවීම සිදුසු වෙනවා.

බොහෝ වෙලාවට ධාවන පථ සාදන්නේ මෙම සුලගේ බලපෑම අවම වන විදිහට දිශානති කරලා ඒත් සමහර වෙලාවට සුලග හමන ආකාරය නිසා මෙවැනි ක්‍රියාවලියක් වෙත යොමුවීම අවශ්‍යයය වෙනවා.

මෙහි දී ගොඩබෑම සාමාන්‍යයය ආකරයට නොව යම් ආනතියක් ඇතිව සිදු කරනවා එවිට සුලගමගින් ඇතිවන සම්ප්‍රයුක්ත බලය නිසා ගුවන් යානය නිසි දිශාගත වීමකට ලක්වනවා.

පහත වීඩියේ පෙල මගින් ඉතා හොද අවබෝධයක් ලබා ගන්න පුලුවන්.

ඉහත දක්වා ඇත්තේ සාමාන්‍යයය ගුවන් යානයක් ගොඩ බස්වන ආකාරයයි. මෙම ක්‍රමය එයින් වෙනස් වන්නේ ඇයි දැයි පහත වීඩියෝ මගින් ඔබට වැටහේවි.