ගුවන් ගත වෙන්න නැතුවම බැරි දේ – ගුවන අරා 3.3

අද පෝස්ට් එක වෙන් වෙන්නේ ගුවන් යානයේ ඇති ඉතාමත් වැදගත් දෙයක් වෙතයි. මොනදේ තිබුනත් මේ දේ නැතිනම් ඉතින් ගුවන් යානයක් ගුවන් ගත කරන්න බෑ. මේ දේ තමා ඉන්ධන. ගොඩාක් දේවල් ගුවන් යානය ගැන කතා කලත් මේ වැදගත්ම ද්‍රව්‍යයය වන ගුවන් යානා ඉන්ධන ගැන ලියන්න හිතුවා.

මේ ඉන්ධනයත් අනෙක් වාහන වල භාවිතා කරන ඉන්දන මෙන්ම පෙට්ට්‍රෝලියම් ඉන්දනයක්. නමුත් මෙහි ගුණාතමක භාවය ඉතාමත් ඉහල වනවා. සාමාන්‍යයයෙන් ගුවන් යානයක් ගුවන් ගත වන ඉහල උන්තාංශ වල උෂ්නත්වය ඉතාමත් අඩු මට්ටමකයි පවතින්නේ. එනිසා මෙම ඉන්ධන කැටි බවට පත්වීම වැලැක්වීමට (anti-freezing) අමතර රසායනික ද්‍රව්‍යයය අඩංගු වෙනවා.

ඉන්ධන වල අඩංගුවන වතුර නිසා අනතුරුදායක තත්ව ඇති වෙන්නේ පුලුවන්. 100% වතුර ඉන්දන තුලින් අයින් කිරීම ප්‍රායෝගික නොවන නිසා මෙම ඉන්දන හීටර් යොදාගෙන රත් කිරීමකට ලක්කරනවා.  එනිසා අඩු උෂන්නත්වල වලදී වතුර අයිස් බවට පත්වී ඉන්ධන බට ඇහිරීම සිදුවන්නේ නෑ.

කුඩා ගුවන් යානා වලට බොහෝ විට භාවිතා කරන්නේ Avgas (Aviation Gasoline) නම් වර්ගයයි. නමුත් වාණිජ ගුවන් යානා සදහා Jet Fuel නම් ඉන්ධන වර්ගය භාවිත කරනවා. මෙම Jet fuel ඩීසල් වලට හා සමාන ඉන්ධනයක් වනවා, Turbo engine සෑම එකක්ම පාහේ භාවිතා වන්නේ මෙම ඉන්ධන වර්ගයයි.

Jet A හා Jet A-1 ලෙස වර්ග දෙකක් පවතිනවා. Jet A භාවිතා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය හි පමනයි. Jet B ලෙස ඉන්ධන වර්ගයක් පැවතුනද එය ඉතරම් සුලභව භාවිතා වන්නේ නෑ. මෙම ඉන්ධන වර්ගයේ විශේෂත්වය වන්නේ එය මිදෙන උෂ්නත්වය සෙල්සියස් -60 ක් පමණ වන නිසාය. නමුත් මෙය බූමිතෙල් හා ගැසොලින් කවලම් කොට සාදන ඉන්ධනයක් නිසා භාවිතා කල යුත්තේ ඉතාමත් ප්‍රවේශමෙන්.

ගුවන් යානය ගමන් කිරිමේදී ස්ථිති විද්‍යුතය ගුවන් යානය තුල රැස්වීම නිසා ස්ථිති විද්‍යුතය පිලිබදව ඉන්ධන පිරවීමේදී සැලකිය යුතුයි. නැතිනම් එයින් ඇති වන පුලිගු නිසා ගින්නනක් ඇති විය හැකියි. මෙනිසා බොහෝ විට ඉන්ධන පිරවීමකදී ඉන්ධන පිරවීමට පෙර ගුවන් යානයේ ඉන්ධන ටැංකිය හා ඉන්ධන ලබාදෙන ටැංකිය භූගත කලයුතුයි.

ගුවන් යානයට ඉන්දන් පිරවීමද ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. පලමුවෙන්ම ගමනාන්තය සදහා ගතවන කාලය හා දුර එමෙන්ම ගුවන් යානයේ බර, කාලගුණ තත්ව, ආදී සාධක රැසක් සලකා බලා පිරවිය යුතු ඉන්ධන ප්‍රමාණය ගණනය කරනු ලබනවා. අදාල දත්ත ඇතුලුකල පසු පරිගණක ම්රුදුකාංග මගින් අදලා ගණගන කිරීම කරනවා, නැතිනම් වගු භාවිතා කරමින් ගණන කල යුතුයි (මෙම ක්‍රම භාවිතයෙන් ඉවත් වී අවසන්). ඉන්ධන වැඩිපුර පිරවීම නාස්තියක් මෙන්ම එම ඉන්දන නිසා ගුවන් යානයේ බර වැඩීවීම සිදු වෙනවා. අඩු ඉන්දන නිසා බලාපොරොත්තු ගමනාන්තය දක්වා යෑමට හැකියාවක් ලැබෙන්නේ නෑ. එනිසා නියමිත ප්‍රමාණයට ඉන්ධන ලබාදීම තමා සිදුවන්නේ.

ගුවන් යානය තුල භාවිතා වන ඉන්ධන ගැන ඉතින් කියන්න එතරම් දෙයක් නැති වුනත් මෙය ඉතාමත් වටිනා මාතෘකාවක්, මොකද ඉන්ධන නොමැතිවීම හා ඒ ආශ්‍රිත ප්‍රශ්න නිසා ගුවන් අනතුරු පවා සිදු වී තිබෙනවා. ඉතින් මෙහි ඇති වැදගත්කම එයයි.

Advertisements

6 comments

  1. බූඩි කියලා තියන ඉන්ධන පුරවනකොට කරන ගනන් හැදීම වැරදුනොත් වෙන දේ ගැන බොහොම ප්‍රසිද්ධ උදාහරනයක් මෙන්න.
    The Gimli Glider is the nickname of an Air Canada aircraft that was involved in a notable aviation incident in July 1983. On 23 July, Air Canada Flight 143, a Boeing 767-200 jet, ran out of fuel at an altitude of 41,000 feet (12,500 m) ASL, about halfway through its flight from Montreal to Edmonton via Ottawa. The crew was able to glide the aircraft safely to an emergency landing at Gimli Industrial Park Airport, a former Canadian Air Force base at Gimli, Manitoba.[1]

    The subsequent investigation revealed corporate failures and a chain of minor human errors that combined to defeat built-in safeguards. In addition, fuel loading was miscalculated through misunderstanding of the recently adopted metric system, which replaced the imperial system.

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w