වෘතිකයෙක් කියන්නේ කාටද?

“ඔයා තව ටිකක් ප්‍රොෆෙෂනල් වෙන්න!”

“මචං උඹ ප්‍රොෆෙෂනල්  වෙලා වැඩියි”

ඔන්න ඔය වගේ කතා ඕන තරම් ඕගොල්ලෝ කියලා, අහලා ඇති, නැතිනම් අඩුතරමින් වටින් ගොඩින් හරි ඇහිලා ඇති. ඉතින් මොකක්ද මේ, ප්‍රොෆෙෂනල් කියන්නේ කියලා පොඩ්ඩක් කතා කරන්න හිතුනා බූඩිට.

සිංහලෙන් වෘතිකයා ලෙස හදුන්වන ඉංග්‍රීසියෙන් Professional යන විශේෂණ මෙන්ම නාම පදයෙන් හදුන්වන ප්‍රොෆෙෂනල් කියන්නේ මොකක්ද? වෘතිකයා යෙදිලා ඉන්න වෘතීය ගැන වගේම රැකියාව කියන්නේ මොකක්ද?

සරලවම වෘතිකයෙක් කියන්නේ විශේෂ වැඩක් හෝ වැඩ කිහිපයක් යම් කිසි ගෙවීමකට යටත්ව සිදු කරන අයෙකුටයි. සාමාන්‍යය රැකියාවක් මෙමගින් වෙන් වෙන්නේ වෘතියක් නියැලීමට ඒ ආශ්‍රිතව ලබා ගත් විධිමත්  අධ්‍යාපනයක්, අත්දැකීම්,  පුහුණුවක් අවශ්‍යයය වෙන නිසායි. ඒ නිසා ඉංජිනේරුවන්, නීතීංයින්, ගණකාධිවරුන්, දොස්තරවරුන්, හෙදියන්, ගුරුවරුන්, සමහර ක්‍රීඩකයින් ……. ආදී ඉතා විශාල ප්‍රමාණයක් වෙනවා. නමුත් රැකියාවක් සදහා ඒ සදහාම වෙන්වූ විධිමත් අධ්‍යාපනයක්, පුහුණුවක් හෝ අවශ්‍යයය වන්නේ නෑ.

ඒ වගේම පිලිගත් වෘතීයයන් ආශ්‍රිතව එම වෘතිය නියෝජනය කිරීමට ආයතනයක් පවතිනවා.  ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතන (IESL), ශ්‍රී ලංකා වරලත් ගණකාධිවරුන්ගේ ආයතනය (ICASL), ශ්‍රී ලංකා වෛද්‍යයය සභාව (SLMC) ආදී ආයතන රාශියක් මගින් මෙම වෘතිකයින් පොදුවේ නියෝජනය කරනු ලබනවා. ඊට අමතරව මෙම ක්ෂේත්‍රය සදහා අදාල නීති සම්පාදනය, නියාමනය ආදිය පිලිබද වගකීම පැවරී ඇත්තේද මෙම ආයතන මතයි. බොහෝ මෙවැනි පිලිගත් වෘතියන් සදහා වූ ආයතන පිහිටුවා ඇත්තේ රජය විසිනුයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා වෛද්‍යයය සභාව (SLMC) පාර්ලිමේන්තු පනතක් මගින් පිටුවා ඇති ආයතනයක් වන්නා සේම එහි පාලන මණ්ඩලය පත් කිරීමේදී යම් පිරිසක් පත්කිරීමට සෞඛ්‍ය ඇමතිට ඉඩකඩ පවතිනවා.

සමහර වෘතීයන් වල නියැලීමට අදාල වෘතිය ආයතනයේ සාමජිකත්වය ලබා ගැනීම අනිවාර්යයයි. උදාහරණයක් වන්නේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට නම් ලංකාව තුල  ශ්‍රී ලංකා වෛද්‍යයය සභාව තුල ලියාපදිංච් වී එහි සාමාජිකත්වය ලබා ගත යුතුයි.

තවත් සිත් ගන්නා සුලු කාරණාවක් වෙන්නේ, මෙම වෘතිකයින් හට පිලිපැදිය යුතු නීති හා ආචාර ධර්ම මාලාවක් පැවතීමයි. Code of Conduct and Code of Ethics ලෙස හදුන්වන්නේ මේවායි.

උදාහරණයක් ලෙස වෛද්‍යවරයෙකුට තම රෝගියාගේ රෝග තත්ත්ව ගැන අවසරයක් නොමැතිව අන්අය වෙත හෙලි කල නොහැකියි. නිතිංයෙක් හටත් එලෙසමයි. ඉතින් මෙම ආචාරධර්ම පිලිපැදිය යුතුයි. කී දෙනක් මේවා පිලිපදිනවාද යන්න සැක සහිතයි. විශේෂයෙන්ම දිව්රීමක් පවා සිදු කරන වෛද්‍යවරුන්. මෙම ආචාර ධර්ම නොපිලි පැදීම නිසා යම් අයෙකු එම වෘතීයෙන් නෙරපීමකට ලක්කරන්න පුලුවන්, එය සිදු කරන්නේ අදාල වෘතීය ආයතනේ සාමාජිකත්වය අහෝසි කිරීමෙන්. උදාහරණයක් ලෙස වංචා සදහා සහාය දෙන ගණකාධිවරයෙක් සලකන්න පුලුවන්.

ගණකාධිකරණය ආශ්‍රීත කටයුතු නියාමනය, නව මග පෙන්වීම්, සම්මත සැකසීම සිදු කිරීම ඔවුන්ගේ රාජකාරියක්. ඉතින් වෘතීය හා වෘතිකයා කියන්නේ ඔන්න ඔය වගේ දේකටයි.

අපිට නිතර එදිනෙදා ඇහෙන ප්‍රොෆෙෂනල්  කියන්නේ වැදගත්, වගකීම් සහිත, තැන්පත් හැසිරීමක් ගැන කියලා තමා බූඩි හිතන්නේ ! ඔයාලා මොකද කියන්නේ.

Advertisements

3 comments

    • ප්‍රායෝගිකව එකග වෙමි. තියරිටිකලි එකග වෙන්න බෑ, මොකද ඒ ගොල්ලෝ වෘතිය පටන් ගන්න ඉස්සෙල්ල ගන්න අධ්‍යාපනයට ඒක අයිති නිසා, අනික ඔවුන් වෘතික ආයතනයක සාමජිකයින් වන විට අත්සන් තබන කොලයේ එය සදහන්, ඉතින් කොහොමද දන්නෑ කියන්නේ. උවමනාවෙන්ම මගහැරීම හෝ දැන් ගැනීමට ඇති නොකැමැත්ත තමා ඉස්මතු වෙන්නේ. ඒනිසා රෑ සමග එකග වෙමි.

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w